විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

26 April, 2017

වෙනස් වෙනස් විදහට සපත්තු ලේස් කරමුද?


ඉස්සර වගේ නෙමේනේ දැන් කොල්ලෝ කෙල්ලෝ බේදයක් නැතුව සපත්තු දානව. සපත්තු දාද්දි ඉතින් අපි ඔහේ කඩෙන් ගද්දිම ලේස් කරලා තිබ්බ විදිහටම තියාගෙන සමනල ගැටේ ගහන එකනේ කරන්නේ. සරල ජීවිත ඉතින්.... නැද්ද??? ඔය කිව්වට කවුද අකමැති සුප්පා ලේස් පැටර්න් එකක් දාගෙන දකින දකින තැන යාළුවන්ව එහෙම කොර කරන්න?? තවම අවුරුදු උණුසුමත් ගිහින් නැති එකේ ඊලගට නෑයෙක් එහෙම බලන්න යද්දී මේ එකක් දෙකක් ට්‍රයි කරලා බලන්න. 

24 April, 2017

නීතිය බල්ලට ගිය මොංගල් අවස්ථා.

හෝව් හෝව් මේ ලංකාව එහෙම නෙමේ. මෙව්වා කියෙව්වම ලංකාවේ හොදයි කියල හිතෙයි. සාමාන්යෙන් වැරද්දක් කරලා අහු උනොත් දඩුවමක් ලැබෙනවාමයි. හැබැයි වැරැද්ද ඔප්පු වෙලත් සමහර අවස්ථා තියෙනවා විවිද රෝගී තත්ත්ව, මානසික ගැටළු, හදිසි කෝපය වගේ හේතු වලින් යම් දුරකට දඩුවම ලිහිල් කරගන්න. හැබැයි ඒ හේතු සාදාරන පරීක්ෂණයකින් ඔප්පු වෙන්න ඕන. මේ කියන්න යන්නේ ඒ වගේ ඔප්පු වෙලා ඒත් විශ්වාස කරන්න අමාරුම විදිහට දඩුවම් ලිහිල් හෝ අහෝසි හෝ වෙච්ච අවස්ථා. 

22 April, 2017

බියුටි කල්චර් ද? බියුටි කචල් ද ??

ගෑනු පිරිමි බේදයක් නැතුව අපි හැමෝම ආස ලස්සනට ඉන්නනෙ. ඒ වගේම හැමෝම රහසින් හරි මොනවම හරි ට්‍රීට්මන්ට් එකක් කරනවනේ. එක්කෙනෙක් කෑම බීම පාලනය කරද්දී තව එක්කෙනෙක් මොනවහරි ආලේප කරලා ලස්සන වෙයි, සමහරු ජිම් යද්දිත් මේකප් කරන් යන්නේ. එකී මෙකී නොකී ඕනෑම විදිහකින් ලස්සන වෙන්න තමයි හැමෝගෙම ට්‍රයි එක. ඒත් පිළිකුල් සහගත වැඩ කරන්නේ නෑනේ ලස්සන වෙන්න කොච්චර කැක්කුමක් තිබ්බත්. ඊටත් බරටම වියදම් කරලා ජුගුප්සාජනක දේවල් කරන්නේ නෑනේ. මේ ලිස්ට් එකෙන් කියන දේවල් දැක්කොත් ඔයා හිතයි ලස්සන වෙන්න මෙව්වා කරන්න වෙනවනම් සල්ලි දීල අවලස්සන වෙන එක හොදයි කියල. 

21 April, 2017

ඔයාගෙම සින්දුවක් කරන්න කැමතිද??

ඔයාට ගායනයට හොද හැකියාවක් තියෙනවද ?
තමන්ගේම සින්දුවක් කරන්න, අඩුම ගානේ කොලිටියට කවර් එකක් කරන්න හීනයක් තියෙනවද??

20 April, 2017

නින්ජා වරු ගැන තතු.

කට්ටිය හරිබරි ගැහිල සෙට් වෙන්නකෝ එහෙනං. ලෝකේ පුරා ලොකු පොඩි ඕනා කෙනෙක් නින්ජා ගැන අහුවොත් කියයි ගුප්ත සටන් ශිල්පියෝ කියල. ඒ උනත් මෙයාල ගැන ලොකු විස්තරයක් ඇත්තටම කවුරුත් දන්නේ නැති තරම්. ෆිල්ම් වලින් දකින දේවල් විතරනේ දන්නේ. ඇත්තටම මේ ෆිල්ම් වලට වඩා මේක අමුතු සබ්ජෙක්ට් එකක්. අර කතාවකුත් තියෙනවනේ පේන දේ නෙමේ ඇත්ත කියල. එහෙනං නොපෙනෙන දේ ගැන පොඩ්ඩක් අවුස්සලා බලමුද?

18 April, 2017

අනාගතයේ පෘථිවිය කවුරු රන් කරයිද?

අද පෘථිවිය හරියට මිනිසාගේ තනි බුදලයක් වගේ තමයි පවතින්නේ නේද? පෘථිවියේ ඉන්න කිසිම ජීවියෙක්ට නැති අන්දමේ වරප්‍රසාද ගණනාවක්, ඒ වගේම ඕන දෙයක් කරන්න තාක්ෂනය, කරන දේවල් වැරදුනාම ඒවාට දාන නීති, මේ සියල්ලම මිනිසාගේ. කොච්චර අහිතකර උනත් සියල්ල කරන්න පවර් එක මිනිසා කියන මේ අමුතු ජීවියට තියෙනවා, සරලව කිව්වොත් වෙනත් ජීවීන්ගේ පැවැත්ම තීරණය කරන්නෙත් මේ කියන මිනිසාම තමයි. ඒ උනාට නිකමට හිතුනද අපි අද මේ අයියල වගේ හිටියට ඉස්සර අපිට තිබ්බ තත්වේ.. ඇත්තටම කිසිම තත්වයක් අපිට තිබිල නෑ. ඒ ඒ යුග වලදී ඒ ඒ යුගයේ පරිසරයට හරියටම ගැලපිලා හිටිය ජීවින් තමයි පාලනය අතේ තියාගත්තේ. ඉතින් ඕනෑම කෙනෙක් දන්නවනේ අපි දියුණු උනාට පරිනාමය නැවතිලා නෑ. ඉතින් මේ පරිණාමය තව ඉස්සරහට යද්දී තව තව ජීවින් මතු වෙයි අපේ පාලන යුගය නිමා කරන්න. සමහර විට පිටසක්වල ආක්‍රමණයක් උනත්. අපි එහෙනං බලමු කවුද කොහොමද අනාගත පෘථිවියේ හිමිකාරිත්වය ගන්නේ කියල.

17 April, 2017

වර්චුවල් රියලිටි වලින් කරන්න පුළුවන් මොනාද?

වර්චුවල් රියලිටි ගැන නොදන්නා අය නම් ඇත්තෙම නැති තරම්. ඒ තරමටම මේ තාක්ශනේ මිනිස්සුන්ට ලං උනා. නොදන්නා අයට දැනගන්න පොඩි හැදින්වීමක් කරන්නම්. යථාර්ථයේ නොපවතින දෙයක් හෝ අත්දැකීමක් මවපු පරිසරයකින් අපිට විදින්න පුළුවන් විදිහේ තාක්ෂණයක් තමයි මේ. මේක ගොඩක්ම හිට් උනේ ගෙමර්ස් ල අතරෙයි ෆිල්ම් බලන උදවිය අතරෙයි. මේ විදිහෙන් අපි ඇත්තටම ඒ අදාළ පරිසරයේ ඇතුලේ ඉන්නවා කියන හැගීම ගන්න පුළුවන් තරමට දියුණු තාක්ෂණයක් තියෙනවා. මේ අත්දැකීම අපිට ගන්න පුළුවන් යෙදුම් වලින් හොදම ක්‍රමය තමයි හිස් පළදනාවක් ආකාරයන් සකසපු මෙවලම. මේ විදිහේ මෙවලම් විවිද බ්‍රෑන්ඩ් වලින් මාකට් එකේ ගන්න තියෙනවා. ඔන්න මන් මේ තාක්ශනේ ගැන නම් විස්තර කියන්න යන්නේ නෑ, මේ තාක්ශනේ වෙනස් විදිහට යොදාගන්නේ කොහොමද කියලයි මේ කියන්න යන්නේ. 

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)