විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

20 April, 2017

නින්ජා වරු ගැන තතු.

කට්ටිය හරිබරි ගැහිල සෙට් වෙන්නකෝ එහෙනං. ලෝකේ පුරා ලොකු පොඩි ඕනා කෙනෙක් නින්ජා ගැන අහුවොත් කියයි ගුප්ත සටන් ශිල්පියෝ කියල. ඒ උනත් මෙයාල ගැන ලොකු විස්තරයක් ඇත්තටම කවුරුත් දන්නේ නැති තරම්. ෆිල්ම් වලින් දකින දේවල් විතරනේ දන්නේ. ඇත්තටම මේ ෆිල්ම් වලට වඩා මේක අමුතු සබ්ජෙක්ට් එකක්. අර කතාවකුත් තියෙනවනේ පේන දේ නෙමේ ඇත්ත කියල. එහෙනං නොපෙනෙන දේ ගැන පොඩ්ඩක් අවුස්සලා බලමුද?

කවුද මේ නින්ජා වරු?



නින්ජා කියන්නේ ජපානේ 15 සහ 16 සියවස් වල හිටපු සටන් ශිල්පින් කොටසක්. මෙයාල ගැන ලෝකෙට ගොඩක් කරුණු නිරාවරණය වෙලා නෑ. මොකද කිව්වොත් මේ නින්ජිට්සු කියන ස්කිල් එක පාරම්පරිකව රහසිගතව අනන්‍යව පවත්වන් ආව දෙයක්, ඉතින් අදටත් ගොඩක් දේවල් හැංගිලා තියෙන්නේ මේ අය ගැන. ඉතින් දන්න ටික මේ විදිහට කියල දෙන්න තමයි හදන්නේ. 

අවංකවම මේ අය ගැන ඒ කාලෙත් මිනිස්සු සත්‍ය තොරතුරු දැනන් ඉදල නෑ. ගොඩක් අය අදටත් හිතන දෙයක් තමයි සමුරායි වරු නින්ජා වරු එක්ක වලි කියල, ඇත්තටම මේ දෙගොල්ලම එකම සටනේ එකම පත්තෙසටන් කරලා තියෙනවා. ඒ වගේම නින්ජා වරුන්ව ඒ කාලේ ජපානේ ලොකු ලොකු වන්ශක්කාර බුවාලා හයර් කරලා තියෙනවා ආරක්ෂාව සපයාගන්න. ඔය දැනුත් ඉතින් නින්ජල නොවුනට ඉන්නේ හයේ හතරේ පොරවල් සමහර අය ගාව. මෙයාල ගැන තියෙන හොදම කටකතාව තමයි නොපෙනී යන්න බලයක් තිබ්බ කියන එක. එහෙම දෙයක් ඇත්තටම තිබිල නෑ. හැබැයි මෙයාල වේගවත් වගේම අදුරට ඇලුම් කරපු අය. ඉතින් පෙන්නේ නෑ තමයි ආවත්.

නින්ජා වරු තමන්ගේ ආරක්ෂාව සහ රහස්‍ය භාවය වෙනුවෙන් ලොකු වරදක් කරලා තියෙනවා, ඒ තමයි එයාල ගැන කටකතා පැතිරෙද්දී ඒවාට උල්පන්දම් දෙන එක. මේ නිසා නින්ජා වරුන්ගේ ගුප්ත භාවය නම් හොදටම රැකුණා, එත් අනාගතයට එයාල ගැන තොරතුරු හැන්ගුනා.ඒ වගේම මේවා ගැන ලියපු අයත් ගොඩක් වෙලාවට ගුප්ත රසය මතු වෙන්න තමයි ලියල තියෙන්නේ, ඉතින් නිවැරදි ලිඛිත සාක්ෂි අඩුයි.

නින්ජා වරු ඇත්තටම තනිව ද හිටියේ??


උත්තරේ ඔව් සහ නෑ.. හෝව් හෝව් කලබල වෙන්න එපා. ඒ උත්තරේ මෙහෙම පැහැදිලි කරන්නම්. මේ ගොල්ලෝ ජිවත් උනේ ඉගා කියන ප්‍රදේශයේ. එහෙම බලද්දී නින්ජා වරු කියන සමුහය වෙනම ඉදල තියෙන්නේ, ඒ කියන්නේ තනියෙන්. එත් සෙට් එකම ඉගා වල හිටිය නිස තනියම නෙමේ. ඉගා කියන ප්‍රදේශය මෙයාලගේ වාසබහවන වෙන්න හේතු කීපයක්ම තිබිල තියෙනවා

කදු වලින් වට වෙලා පටු මාර්ග තිබුන ප්‍රදේශයක්. ඒ කියන්නේ ඉතින් වැඩි සෙනගකට එක සැරේ කදාවදින්නත් බෑ එන්න තියෙන්නෙත් සීමිත පාරවල් ටිකක්. එතකොට නින්ජල සුළු පිරිසකුත් ඇති ආරක්ෂාව සපයන්න. 

නමුත් මේ ප්‍රදේශය ගැන ප්‍රශ්නයක්ම තමයි නින්ජා වරුන්ගේ අභාවයට හේතු වෙන්නෙත්. ඉසේ කියන ප්‍රදේශය පාලනය කරපු නොබුගගා ගේ පුතා ... ඒ කියන්න නොබුකට්සු ට ඕන වෙනවා නින්ජා වරු සැගවිලා හිටිය ප්‍රදේශය අල්ලගන්න. ඒ වගේම මේකට නින්ජා වරු අකමැති නිසා ඒ ප්‍රදේශයේ හදාගෙන ආව මාලිගාවත් කඩල දානවා. නමුත් නොබුකට්සු මේ වැඩේ නවත්තන්නේ නෑ මුලින් 8000ක සේනාවක් ගෙනල්ල නින්ජා වරු මර්ධනය කරන්න හදනවා එත් බැරි උනාම 40000ක සේනාවක් ගෙනල්ල වැඩේ ගොඩ දානවා, ඉතුරු උන නින්ජා වරු රහසේම ශිල්පය පාරම්පරිකව රැගෙන එන්න දක්ෂ වෙනවා.

නිජිට්සු පැවතගෙන එන්නේ කොහොමද??


ලිඛිත සාක්ෂි නම් මේ සම්බන්දෙන් නැතිම තරම්. මේ ශිල්පය රහසිගත වෙන්න ඕන නිසාම මේක පාරම්පරිකව පුහුණු වීම් සහ වාචිකව ආපු දෙයක්. ගොඩක් වෙලාවට තමන් ඉගෙන ගත්ත ශිල්පය ගුරු මුෂ්ටි තියාගත්තා නිසා වැදගත් කොටස් ගොඩක් ටික ටික හැලිලා තමයි මේක ඇවිල්ල තියෙන්නේ. නින්ජා වරුන්ට සර්ව සම්පුර්ණ දර්ශනයක් පවා තිබිල තියෙනව.මේ දර්ශනයට විශ්වයේ පැවැත්ම විශ්වයේ දිශානතිය, ලෝකයේ හොද නරක, පාරිසරික තත්වයන් ඒ වගේම වද්ගත්ම් ඉග්න්වීමක් තිබිල තියෙනවා. ඒ තමයි මිනිස්සු කියන්නේ ලෝකයේ සමබරතාවේ කොටසක් මිසක් ලෝකය සමබර කරන්න ඉන්න කොටසක් නොවන වග. ඉතින් මේ ශිල්පය කොච්චර ශ්‍රේෂ්ටව පවතින්න ඇතිද? 

ඒ වගේම නින්ජිට්සු උගන්වපු පාසල් වල ඉගැන්වීම සියල්ලම සමාන නෑ කියල තමයි තියෙන වාර්තා වලින් පෙන්නේ. නින්ජා උගන්වපු කුලයන් 48ක් තිබුන වග තමයි සදහන් වෙන්නේ. ඒ සියල්ල ආරම්බ වෙලා තියෙන්නේ නින්ජා වරු 48 දෙනෙක්ගෙන්. ඒ වගේම සමහර පාසල් වල සටන් රටාවන් වලට මුල්තැන දෙද්දී සමහර පාසල් වල සැගවී සිටීමේ හැකියවන් ප්‍රගුණ කරන එකට මුල්තැන දීල තියෙනවා. 

මන් මුලින්ම කිව්වනේ නින්ජා වරු මේ රහස් පිට යන්න දීල නෑ. මේක තවත් පැහැදිලිව කිව්වොත් තමන් අදාළ වෙන නින්ජා පාසලේ විස්තර හෝ ශිල්පිය ක්‍රම වෙන පාසලකට දෙන එකවත් සිද්ද වෙලා නෑ. ඒ කියන්නේ නින්ජා ශිල්පය විවිද කොටස් වලට වෙන් උනා. 

තවත් වැදගත් කරුණක් තමයි නින්ජා වරුන්ට රෑන්කින් සිස්ටම් එකක් තිබිල් තියෙනවා ගෙනින් කියල හදුන්වල තියෙන්නේ සාමාන්‍ය නින්ජා වරු නින්ජා ගුරුවරු ජෝනින් විදිහට අදුන්වල තියෙන්නේ චුනින් වරු මේ දෙගොල්ල අතරමැද හිටපු අය. ගෙනින් වරු අතර එකිනෙකාගේ අනන්‍ය තාවය එකම කණ්ඩායමේ අය අතරත් රහසි ගතව පැවතුන බවට සාක්ෂි තියෙනවා. 

ඒ වගේම මේ නින්ජා පාසල් වලට හතුරෝ ඇවිල්ල ඉගෙන ගනීවි කියන ප්‍රශ්නේ පස්සේ කාලෙක මතු උනා. ඊට් පස්සේ නින්ජා පාසල් වලට වඩා පවුල් වලට නින්ජා ඉගැන්වීම ගියා. ඒ කියන්නේ නින්ජා පවුල් බිහි උනා, පරම්පරාවෙන් පරම්පරාවට නින්ජා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ වගේම පවුලේ නින්ජා ඉගෙන ගන්න සුදුසු ළමයින්ට විතරයි ඉගැන්වීම සිද්ද වෙලා තියෙන්නේ. 

නින්ජා වරු නින්ජා වගේ නෙමේ...


පිස්සු වගේද එක අහල?? ඒ කියන්නේ මෙහෙමයි. නින්ජා කියල අපි දැකල නොතිබ්බත් මවාගෙන ඉන්නවනේ යම් චිත්‍රයක්. සික්ස් පැක් තියෙන, හයේ හතරේ, අමුතු හැසිරීම් රටා තියෙන, ඕන වෙලාවක වලියට ලැස්ති, නිකං අමුතු ගැම්මකින් ඉන්නකළු ඇදල වෙස් මුණු දාල, කඩු කිනිසි ඇදුම් අස්සේ හන්ගන් ඉන්න පොරවල් කියල. ඒත් නින්ජා වරු එහෙම උදවිය නෙමේ කියල තමයි කියන්නේ. ඒ කියන්නේ රංජා වගේ පේන අය නින්ජා නෙමේ. 

එහෙනං කොහොමද නින්ජා වරු?

එයාල සටන් වලදී අර වගේ අමුතු ඇදුම් අදින්න ඇති. හැබැයි ඒ අය සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සු විදහට තමයි සමාජේ හිටියේ. සමහර විට පූජක සහ තාපස විදිහට, සමුරායි වරු විදිහට තමයි ඉදල තියෙන්නේ. කෙටියෙන් කිව්වොට් සමාජේ ඕනෑම කෙනෙක් නින්ජා කෙනෙක් වෙන්න පුළුවන්. එයාලව පිටින් පෙනුමෙන් අදුනගන්න බෑ. හරියට රහස් ඔත්තු සේවයක් වගේ. 

ඔහොම් තමයි නින්ජා කතන්දරේ.

හැබැයි මෙතැනදී තව කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඇත්තටම මිනිස්සු නින්ජා වරුන් විදහට දකින්න ආස සත්‍ය නින්ජා වරු හෝ ඒ ජීවිත නෙමේ. අපි ෆිල්ම් වලින් සීරීස් වලින් දකින ෆික්ෂනල් චරිත, සහ ශිල්ප. ඒ නිසා නින්ජා වරුන්ගේ දැනට සොයාගෙන නැති අතීතය අතීතයේම පවතීවි. එහෙනං මේ ලිපියේ නිමාව තමයි මේ. අපි ගියා. 

තවම බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද?? දකුණු පැත්තේ ෆලෝ බට්න් එක ක්ලික් කරල ෆලොවර් කෙනෙක් වෙන්න. අපේ යුටියුබ් චැනල් පහල තියෙනවා. ඒවා බලන්න අමතක කරන්නත් එපා. වමේ තියෙන පේජ් වලට ලයික් එකකුත් දානවා නම් ඉතින් අපිට ලොකු හයියක්

No comments:

Post a Comment

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)