විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

17 March, 2017

රෙසිපිය රහසිගත ඒත් ලෝකේ හැමෝම දන්නා කෑම බීම | secret recipes

මාතෘකාව දැක්කම අනිවා ඔයාට හිතෙන්න ඇති හැබෑටම එහෙමත් කෑම බීම තියෙනවද කියල. ඇත්තෙන්ම තියෙනවා. ඔයා කෑම ලෝලියෙක් නම් (බඩජාරියා කියල නෙමේ කිව්වේ) මේ ආටිකල් එක ඔයා වෙනුවෙන්ම තමයි. එහෙම කියල අනික් අය නොකියව ඉන්නෙපා.
tip: එක කෑමක් නම් හදන විදිහත් තියෙනවා යටින් දාල 


ඇත්තටම මේ කෑම රෙසිපිය හංගන එහෙම නැත්තන් රහසිගත කරන වැඩේ ගොඩක් කරන්නේ අති විශාල ජාලයක් තියෙන කෑම බීම හදන සමාගම්, මෙයාල මේක කරන්නේ එයාලව වෙන යට කොපි කරන්න බැරි වෙන්න, ඒ අංශයේ ලොකු වෙළදපොල කොටසක් තමන් සතු කරගන්න, අනික් කෑම බීම වලට වඩා තමන්ගේ නිෂ්පාදනය විශේෂ කරගන්න වගේ හේතු ගොඩක් නිසා. මේ රෙසිපි ගොඩක් වේලාවට අධි ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන්නේ. මේ ආටිකල් එක කියවන් යද්දී තේරෙයි මේ කෑම බීම වට්ටෝරු ඒ අදාළ සමාගම් වලට කොච්චර වටිනවද කියල ඒවාට දීල තියෙන ආරක්ෂාව ගැන දැනගත්තම. වැඩි කතා නැතිව අපි බලමු එහෙම කෑම බීම ටිකක්


KFC fried chicken


මේ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ පහල තියෙන රුපෙන් බලාගන්නකෝ. 

KFC එකේ සුප්‍රසිද්ද චිකන් එක තමයි මේ. ඔයාල පිළිගන්නවද මේකේ රෙසිපිය රහසක් කිව්වොත්. මේ කෑම එක හදන්නේ ඒ කියන්නේ මේ කෑම එක හදුන්වාදෙන්නේ කර්නල් හාර්ලන් සෑන්ඩර්ස්. එයා තමයි KFC බෝඩ් එකේ හිනාවක් දාගෙන ඉන්නේ.
කර්නල් හාලන් සෑන්ඩර්ස් 
මේකේ රෙසිපියට කුළුබඩු හා රසකාරක 11ක් අඩංගු වෙලා තියෙනවා.කෙන්ටකි වල Louisville වල සුරක්ෂිතාගාරයක ඉතා ආරක්ෂිතව තැන්පත් වෙලා තියෙනවා.මෙහෙම කියන්නේ කියන්නේ මේ ආයතනයේ නියෝජිතයෙක් වෙන රික් මේනාඩ්. ඒ වගේම මේ වෙද්දී යොදන්න පුළුවන් ඉහලම ආකාරයේ තාක්ෂණික යෙදුම් වගේම ඉතා ඉහල මට්ටමේ ආරක්ෂක නිලධාරීන් මේකේ ආරක්ෂාව පැය විසි හතරේම තහවුරු කරලයි තියෙන්නේ. 
එතකොට මේක කවුරුත්ම දන්නැද්ද කියල ප්‍රශ්නයක් එනවනේ....ඇත්තටම අපි KFC ගියාට එකේ දෙන්නෙත් නියම වට්ටෝරුවට හදපු එක නම් නෙමේ. ඒක සිද්ද වෙන්නේ මෙහෙමයි...එක එක අවන්හල් වලට දෙන්නේ ඔරිජිනල් එක පොඩ්ඩක් වෙනස් කරලා. මේක කම්පියුටර් සිස්ටම් එකකින් තමයි වෙන්නේ. මේකෙන් එක එක KFC ශාඛාවට එක රස වගේ එන්න පොඩි වෙනසක් ඇතුව දෙන්නේ. ඒ කියන්නේ කවුරුත් ඔරිජිනල් එක කන්න තරම් වාසනාවන්ත නෑ මිත්‍රයා. හරි කවුරුහරි මේකේ ඔක්කොම් දෙවල් දැනගත්ත කියමුකෝ... එත් රික් මෙනාඩ් මහත්තය කියන්නේ දාන ජාති දැනගත්තට එක කොච්චර වෙලාවක් කොච්චර උෂ්නත්වෙක සකස් වෙන්න ඕනද, එක කරන පිළිවෙල මොකක්ද කියල දැනගන්නේ නැතුව හදන එක ෆ්‍රයිඩ් චිකන් උනාට ඒක කවදාවත් KFC ෆ්‍රයිඩ් චිකන් නෙමේ කියල. (මේ ලගින් යන රසක් එන්න ගෙදරදීම මේක හදන හැටි මේ ආටිකල් එකේ අන්තිමට තියෙනවා, මේක මන් කරලා බැලුව, 80% සාර්ථකයි...ඉතුරු විස්ස සාර්ථක වෙන්න ඔයාට කුස්සිය හුරු තරම බලපානවා)


McDonalds french fries.


මේ මොන බොරුවක්ද කියන්නේ කියල හිතුනද?? ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම නැත්තන් බැදපු අල කුරු වලටත් රහස් වට්ටෝරු කොහෙද කියල හිතනවා ඇති නේද? ඇත්තටම මෙතන වට්ටෝරුවට වඩා වැදගත් වෙන්නේ ලෝකේ පුරාම එකම ටේස්ට් එක දෙන විදිහට කොලිටිය රකින එක. මෙහෙම කියන්නේ මැක්ඩොනල්ඩ්ස් එකේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක ධුරයක ඉන්න Michael Butkus. එතුමාට අනුව නම් මේ සදහා ගන්න අල වල පිෂ්ටය සහ වර්ණය මත තමයි හොදම විදිහට තේරීම කරන්නේ. ඒ වගේම ලෝකේ පුරාම එකම රස එන්න මේකේ වගා කරන ක්‍රම, වගා භුමි වල තත්වය, ජලය සපයන විදිහ, ජාත්‍යන්තර ප්‍රමිතිකරණය කියන කාරණා ටික බලපානවා. ඒ වගේම මේක හදද්දීත් මෙයාලටම ආවේනික ක්‍රමයක් යුස් කරනවා. 
මෙයාලත් මේකට නිශ්චිත උෂ්ණත්වයක් තිබුනට ඒ රහස නම් කියන්නේ නෑ. ඒ වගේම තෙල් වල අන්තරතය, බදින්න කලින් ශීතකරණ කාලය, බදින කාලය වගේ දෙවලුත්රහසක්.
මේ ආහාරය ලෝකෙට දීපු බෙල්ජියම් වරු මේක දෙපාරක් බදින්න පුරුදු වෙලා ඉදල තියෙනවා, McDonalds ලත් ඒ සම්ප්‍රදායම කරනවා හැබැයි Michael Butkus කියන්නේ බෙල්ජියම් වැසියෝ මේක එක සැරයක් බැදලා ශීත කරලා ආයේ බැද්දේ නෑ කියල. McDonalds ල එහෙම කරනවා කියල කෙලින්ම පිලිගනෙත් නෑ එතුමා, එක එහෙම කියල ඉගි විතරයි දෙන්නේ. 


පෙප්සි


කෝලා බීම වර්ග වලින් ඉස්සරහින්ම තියෙන වර්ගයක් තමයි පෙප්සි. ඒ වගේම කොකා කෝලා රස වගේ දැනුනත් ඕන කෙනෙක්ට මේ දෙකේ පොඩි වෙනසක් තියෙනව කියල දැනෙනවනේ. Caleb Bradham කියන්නේ උතුරු කැරොලිනාවේ (ඇමරිකාවේ) හිටපු ඖෂධවේදියෙක්. මෙයා 1898දි Brad's drink කියල ලෝකෙට දීපු බීම තමයි පස්සේ පෙප්සි කියල වෙනස් වෙන්නේ. නමුත් මේ හොයාගත්ත බීම රෙසිපිය නම් අදටත් අබිරහසක්. සරලව මේ ගැන වැඩි විස්තරයක් නැති තරම්, මේ ආයතනයේ නිලදාරීන් උනත් කියන්නේ ඒ ගැන කතා නොකර ඉමු වෙන ඕන දෙයක් කතා කරමු කියල (වෙන දේවල් වැඩක් තියෙයිද මේක දැනගන්නේ නැතුව). ඉතින් මේ රහසත් තව අවුරුදු ගණනාවකට රහසක් වෙලාම තියෙයි.


කොකා කෝලා 


ලෝකේ ජනප්‍රියම බීම කියල විරුදාවලිය අරන් තියෙන්නේ කොකා කෝලා. ඉතින් එහෙම ඩොලර් මිලියන් ගණන් උපයන රෙසිපියක් කොච්චර වටිනවා ඇද්ද? කාලෙන් කාලෙට මේකේ වට්ටෝරුව හොයාගත්ත කියල එක එක අය කිව්ව්වට කොකාකෝලා ලේඛනාරක්ෂක ෆිල් මූනි මහත්තයා කියන්නේ ඒක රහසක් කියල. ඒක නම් ඇත්ත වෙන්නම ඕන මොකද කොච්චර කිව්වත් කොකාකෝලා වල මාකට් එක අඩුවෙලා නෑනේ.ඉස්සෙල්ලම කොකාකෝල හදන්නේ 1886දි ජෝන් පෙම්බර්ටන් කියන ඖෂධවේදියා. මැයි 8 වෙනිදා. මුල් කාලේ මේක බියර් සංයෝගයකුත් අන්තර්ගතව තිබිල තියෙන්නේ. කොහොමින් කොහොමහරි මේකේ වටිනාකම අදුරගන්නව පෙම්බර්ටන්. එයා මේ රෙසිපිය 1887 දි විකුනනවා ඩොලර් 2500කට. ඒ කාලේ එච්චර මාකට් එකක් නැතුවත් එච්චර ගණන් නම් දැන් කොහොම ඇද්ද? 
මුල්ම කාලේ දවසට 9ක් පෙම්බර්ටන් විකුනපු කොකාකෝලා අද වෙද්දී දවසට බිලියන 1.7ක් විකිනෙනවා. 
ඔන්න ඉන්ටරස්ටින් ම කොටස. මේකේ රෙසිපිය තියෙන්නේ Atlanta SunTrust බැංකුවේ සේප්පුවක. එකවරකට දෙන්නෙක්ට විතරයි ඇක්සස් කරන්න පුළුවන්, ඒ වගේම මූනි කියන විදිහට නම් මේ රෙසිපිය කවුරුහරි හොයාගත්තත් නිවැරදි ක්‍රමයයි එකතු කරන පරිමාවලුයි නොදැන කොකාකෝලා හදන එක හීනයක් විතරයි. 

හැබැයි ටොඩ් විල්බර් කියන පුද්ගලයා මේ රෙසිපිය දන්නවා කියල ඔහුගේම ප්‍රකාශනයක් නිකුත් කරලා තියෙනවා, ඒ වගේම ඔහු ඒ රෙසිපිය ලෝකෙටම අනාවරණය කරා. එත් එක හරියටම කොකාකොලද නැද්ද කියල නම් එහෙම නැත්තන් ඒ පර්ෆෙක්ට් වට්ටෝරුවමද කියල නම් කවුරුත් තහවුරු කරලා නෑ. (මේකත් යටින් දානවා. හැබැයි මේක නම් මන් ගෙදර ට්‍රයි කරේ නෑ. ඔයාලට උනත් බැරි වෙයි එත් දැනගන්නත් එක්ක කියවල බලන්න)


ඔන්න KFC ටේස්ට් එකට චිකන් හදන හැටි සහ කොකා කෝලා විස්තරේ.


KFC ෆ්‍රයිඩ් චිකන් 

මේකට අපිට ඕන වෙනවා 
-චිකන් කිලෝ එකක්
-බිත්තර
-පාන්පිටි 
-සොයසොස්
-සීනි
-වතුර
-බදින්න තෙල්.
-චිකන් කියුබ් 

හදන්නේ මෙහෙමයි.
චිකන් කිලෝ එක කෑලි කපල (කපපුව ගත්ත නම් ලේසි) වතුරට දාල ඒ වතුරට සෝයා සෝස් මේස හැදී 7ක් විතර දාල සීනිත් මේස හැදී 5ක් විතර දාල කලවම් කරලා පැය දෙකක් තියන්න. 
දැන් චිකන් කියුබ් පාන්පිටි එක්ක හොදට කලවම් කරන්න , මේක තමයි අර වටේට රසට හැපෙන පොත්ත වගේ තියෙන්නේ ඒ නිසා ඕනවට වඩා ලුණු රස එන්න දෙන්නෙපා. 
දැන් අර චිකන් වතුර වලින් එලියට අරන් හොදට තෙත මාත්තු කරලා පාන්පිටි මික්ස් කරපු එකේ ලාවට දවටලා බිත්තර වල දවටලා ආයෙත් පාන්පිටි මිශ්‍රණයේ දවටලා බදින්න. ගොඩක් රස්නෙට බදින්නත් එපා. එහෙම වෙලා පොඩ්ඩක් අවුල් ගියා මන් හදද්දී නම්. ගොඩක් පිටි දවටනත් එපා. ගානට කරන්න ගෙදර කාන්තා පාර්ශවෙන් සප් එකක් ගන්න නැත්තන් වැඩේ අප්සට් යනවා.
(මේකේ ඇත්තටම පාන්පිටි එක්ක කලවම් කරන්න ඕන චිකන් චියුබ් නෙමේ, එත් ඒවා ඔක්කොම හොයල කලවම් කරනවට වඩා චිකන් කියුබ් එකක් ගන්න එක ලේසියි, සමහර දේවල් හොයාගන්න අමාරු වෙන්නත් පුළුවන්,) 
කාල බලන්නකෝ

කොකා කෝලා 

මේවා තමයි ඕන වෙන්නේ 
-සීනි කැට කෝප්ප 6
-කෝන් සිරප් කෝප්ප දෙකයි (සුපර්මාකට් වල තියෙනව)

-සිට්‍රික් ඇසිඩ් මේස හැදී 2
-නටන වතුර කෝප්ප 7
-දෙහි යුෂ මේස හැදී 1
-වැනිලා තේ හැදී 1
-කුරුදු තෙල්, ලෙමන් තෙල් බින්දු එක ගානේ
-රතු පාටින් මේස හැදී 1, කහපාටින් එක හමාරයි, නිල් පාටින් බාගයයි ගානේ කලරින්
-සිසිල් කල සෝඩා කෝප්ප 44ක්

හදමු එහෙනං
සීනි,කොන් සිරප් , සිට්‍රික් ඇසිඩ් නටන වතුරට දාල දිය කරන්න 
එකටම ලෙමන් තෙල් කුරුදු තෙල් වැනිලා දෙහි යුෂ එකතු කරලා කලවම් කරන්න දැන් අර කලරින් එකතු කරලා සිසිල් වෙන්න අරින්න 
ඒ ශීතකරණේ තියපු මිශ්‍රනනෙන් කෝප්ප කාලකට සිසිල් සෝඩා කෝප්ප එකක් වෙන අනුපාතෙට මික්ස් කරලා බොන්න තමයි තියෙන්නේ.
 (සැලකිය යුතුයි: මන් මේක නම් හදල නෑ. ඒ නිසා මේකේ වගකීම ගන්න බෑ. ඒ වගේම මේකේ කැෆෙන් අඩංගු වන දෙයක් දාන්න තිබුන. මන් එකත් මේ ලිස්ට් එකෙන් අයින් කරා. මේක හදනවට වඩා දැනගැනීම පිණිස කියල තමයි මන් රෙකමන්ඩ් කරන්නේ. )

මේ දේවල් ගැන මොකද ඔයාට හිතෙන්නේ..? පහලින් කමෙන්ට් එකක් දාන්න. බ්ලොග් එක ෆලෝ කරන්න දකුණු පැත්තේ නිල් පාට බට්න් එක ක්ලික් කරලා, වම පැත්තේ තියෙනව ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක ඒකටත් ලයික් එකක් දාන්න කාටත්  කලින් මේකේ දාන පෝස්ට් බලන්න ආස නම් වමට වෙන්න තියෙන දෙවැනි බොක්ස් එකේ මේල් එක සබ්මිට් කරන්න

1 comment:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)