විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

17 April, 2017

වර්චුවල් රියලිටි වලින් කරන්න පුළුවන් මොනාද?

වර්චුවල් රියලිටි ගැන නොදන්නා අය නම් ඇත්තෙම නැති තරම්. ඒ තරමටම මේ තාක්ශනේ මිනිස්සුන්ට ලං උනා. නොදන්නා අයට දැනගන්න පොඩි හැදින්වීමක් කරන්නම්. යථාර්ථයේ නොපවතින දෙයක් හෝ අත්දැකීමක් මවපු පරිසරයකින් අපිට විදින්න පුළුවන් විදිහේ තාක්ෂණයක් තමයි මේ. මේක ගොඩක්ම හිට් උනේ ගෙමර්ස් ල අතරෙයි ෆිල්ම් බලන උදවිය අතරෙයි. මේ විදිහෙන් අපි ඇත්තටම ඒ අදාළ පරිසරයේ ඇතුලේ ඉන්නවා කියන හැගීම ගන්න පුළුවන් තරමට දියුණු තාක්ෂණයක් තියෙනවා. මේ අත්දැකීම අපිට ගන්න පුළුවන් යෙදුම් වලින් හොදම ක්‍රමය තමයි හිස් පළදනාවක් ආකාරයන් සකසපු මෙවලම. මේ විදිහේ මෙවලම් විවිද බ්‍රෑන්ඩ් වලින් මාකට් එකේ ගන්න තියෙනවා. ඔන්න මන් මේ තාක්ශනේ ගැන නම් විස්තර කියන්න යන්නේ නෑ, මේ තාක්ශනේ වෙනස් විදිහට යොදාගන්නේ කොහොමද කියලයි මේ කියන්න යන්නේ. 

විවිධ නිෂ්පාදන වලට

 

මේ කියන තාක්ෂණික භාවිතාව දැනටම ලෝකප්‍රසිද්ද ෆෝර්ඩ් සමාගම එයාලගේ නිෂ්පාදන කරන්න සාර්ථකව යොදාගන්නවා. CAVE (Cave Automatic Virtual Reality)  කියලා තමයි මේ තාක්ෂනය හදුන්වන්නේ. කෝ ඉතින් නම කිව්වට මේක වෙන හැටි කිව්වේ නැනේ නේද.. ඔන්න කියනවා ඒ ගැනත්. මෙයාල මේ පරීක්ෂණ කරන්නේ විශේෂ කාමරයක. මේ කාමරයේ හැම බිත්තියක්ම ත්‍රිමාණ ප්‍රොජෙක්ටර් එකක් විදිහට වැඩ කරනවා. මේකේ ඇතුලේ ඉදගෙන ස්ටාට්‍රෙක් එකේ වගේ ත්‍රිමාන ඔබ්ජෙක්ට්ස් දිහා ඕන විදිහකට බලන්න පුළුවන්.

ෆෝඩ් ල මේක යොදාගන්නේ මොකටද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ නේද. එයාල ඉතින් හදන්නේ වාහනනේ. මේගොල්ලෝ හදන්න යන වාහන මොඩල් එකක් මේ කාමරේ ඇතුලේ තියල එකටම ත්රිමානව ඩිසයින් කරපු වර්චුවල් මොඩල් එකක් සම්බන්ද කරනවා. මේ විදිහට වර්චුවල් මොඩල් එකක් ඇසුරින් පරීක්ෂණ කරද්දී ඒවා ඇත්තටම ක්‍රියාත්මක වෙන ආකාරය, තියෙන එරර්ස්, මොනවද ඇති වෙන ප්‍රශ්න, තාක්ෂණික ගැටළු, මේ හැම එකක්ම ගොඩක් සාර්ථකව විසදගන්න පුළුවන් කියල තායි කියන්නේ. ඒ කියන්නේ මේ තාක්ශනේ නොතිබුනා නම් මේ දේවල් ඔක්කොම පරික්ෂා කරන්න ලොකු වියදමක් යනවා රියල් මොඩල් හදාගෙන කරනකොට. ඒ වගේම මේ තක්ශනේ භාවිතා කරන එක ගොඩක් අකියුරේට් කියල තමයි කියන්නේ ෆෝර්ඩ් කම්පැනි එක නම්. 


ගෘහ නිර්මාණ හා සැලසුම් ශිල්පය.
 


තමන්ගේම කියල ගෙයක් දොරක් හදාගන්න එක හැමෝගෙම හීනයක්. ඉතින් එහෙම කිව්ව්වට හීනේ එලි කරගන්න ගියාමනේ පන යන්නේ.. නැද්ද... ඉඩම් කඩම් මිල මුදල් ඔක්කොම තිබුන කියමුකෝ. එත් අපිට අපේ හිතේ තියෙන විදිහටම ගෙයක් හදන්න පුළුවන් වෙනවද??? ඔව් ඉතින් කොච්චර කරත් හදලම තමයි බලන්න වෙන්නේ. ඒ වෙද්දී සමහර විට පොඩි පොඩි අපි අකමැති විදිහේ දේවල් උනත් වෙලා තියෙන්න පුළුවන් නේද? එත් හැදුවට පස්සේ වෙනස් කරන්න බෑනේ. ඉතින් හදන්න කලින්ම බලන්න පුලුවන්නම් වැඩේ ගොඩ නේද?

ඇත්තටම මෙහෙම බලන්න පුළුවන් කියල ඔයාල දන්නවනේ ඔටෝ කැඩ් වගේ මෘදුකාංග වලින් ඩිසයින් කරලා එහෙම. ඒත් ඊටත් වඩා සුපිරි නේද අපිට ඇත්තටම අපේ සිහින නිවහනේ ස්වබාවය බලන්න පුලුවන්නම්, මේකත් දැනට සාර්ථකව අත්හදාබලල තියෙනවා. ඒ කියන්නේ වර්චුවල් විදිහට අපිට අපේ ගෙදර මවල පෙන්නනවා. මේ ක්‍රමයටම ගෙදරට අවශ්‍ය ගෘහභාණ්ඩ ගැලපෙන නොගැලපෙන දේවල්, වර්ණ, ටයිල් ගැලපීම වගේ ඕන දෙයක් අපිට ගලපලා පර්ෆෙක්ට් ෆයිනල් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඉතින් සුපිරි නේද මේ වැඩෙත්. 


 වර්චුවල් ගේම් විතරද?? එළිමහනට බැරිද??


ඔයාල දන්නවනේ ලෝකේ තියෙන එළිමහන් විනෝද උද්‍යාන වල සුපිරිම ඉවෙන්ට්ස් වලින් එකක් තමයි රෝලර්කොස්ටර් කියන්නේ.. ඔව් ඔව් කැරකි කැරකි යන කොච්චි වගේ එව්වා තමයි. කොච්චර බය කෙනෙක් උනත් හිත යටින් ආසයි මේ අත්දැකීමක් විදගන්න. ඒත් මේවගේ මෙච්චර කල් ගිහින් එක්ස්ප්රිරියන්ස් තිබ්බ අයටත් අලුත්ම විදිහේ එක්ස්පිරියන්ස් එකක් එනවා 2016 මුල හරියේ. ඒ තමයි රෝලර්කොස්ටර් එකට වර්චුවල් රියලිටි සම්බන්ධ වෙන එක. කැනඩාවේ තමයි මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. මෙයාල මේකට ස්මාර්ට් ෆෝන් එක්ක වැඩ කරන සාමාන්‍ය වර්චුවල් රියලිටි උපාංග භාවිතා කරලා මේ වැඩේට ඇත ගහන්නේ.

රෝලර්කොස්ටරයක් කිව්වම එකේ තියෙනවනේ එක එක කෝණ වලින් එක එක දර්ශන තල වලින් එක එක උසින් එක එක අතට යන අවස්ථා, මේ හැම අවස්තාවක්ම හැම කෝනයක්ම මෙයාල මේ වර්චුවල් රියලිටි උපාංගයට ගානට සින්ක් කරලා තියෙනව. ඒ කියන්නේ සරලව අපි මේ රෝලරකොස්ටරයේ ගියොත් අපිට දකින්න ලැබෙන පරිසරය සම්පුර්නෙන්ම ඩිජිටල් ලෝකෙක නිමවපු අලුත්ම අත්දැකීමක්.

මේ වීඩියෝ එක බලලම ඉන්නකෝ 
සාමාන්යෙන් වචුවල් රියලිටි ගොඩක් අය හිතන්නේ අපිව එක තැනකට කම්මැලි කරන්න එන දෙයක් කියලනේ, එත් මේකෙන් ඔයාට තේරෙනව නේද අත්දැකීම් අලුත් විදිහට විදින ගමන් අලුත් දේවල් අර්යි කරන්න පුළුවන් සුපිරි වැඩක් කියල, ඕනනම් මේ තාක්ශනේ මේ වගේ උද්‍යාන වල තව දේවල් වලට එකිනෙකාගේ චොයිස් අනුව පර්සනලයිස් කරල අත්දකින තත්වෙට දියුණු කරන්නත් බැරි නෑ. 


වෛද්‍ය සිසුන්ට 

 

ඇත්තටම සිසුන්ට විතරක්ම නෙමේ වෛද්‍ය ක්ෂේත්‍රයටම මේක හොද ට්‍රෙන්ඩ් එකක්. Montreal Neurological Institute එක තමයි දැනට මේ වැඩේ අත්හදා බලන්නේ. මේ වැඩේ අනුව හොදම ට්‍රේන් එකක් ලැබෙනවා මේ ආයතනයේ ට්‍රේන් වෙන අයට. අත්දැකීම් අඩු ශල්‍යවෛද්‍ය වරුන්ට මේ ආයතනය ඩිවලොප් කරලා තියෙන වර්චුවල් රියලිටි සිමියුලේටර් භාවිතා කරලා පුළුවන් තමන් ඇත්තටම අදාළ ශල්‍ය කර්මය කරන අත්දැකීම ලබාගන්න. ඒ වගේම මෙයාල මොලය සම්බන්ද ශල්‍ය කර්ම වලට තමයි මේවා ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අනාගතේ ගොඩක් දරුණු රෝග වලට උනත් මේ තාක්ෂනය උපකාරී වෙයි නේද?

මේ සම්බන්ද තව දෙයක් තමයි එක එක මානසික ලෙඩ වලට ප්‍රතිකාර කරන එක. එක එක මානසික ලෙඩ කිව්වේ සමහර අයට තියෙන භීතිකා. මෙහෙම උදාහරණයක් ගමුකො.. සාමාන්යෙන් ගොඩක් අය උඅ තැන් වලට බයයිනෙ. මේකත් එක්තරා මානසික ගැටළුවක්. ඉතින් මේ වර්චුවල් රියලිටි තාක්ෂනය හරහා මේ භීතිය අඩු කරන්න එහෙම නැත්තන් නැති කරන්න පොඩි තෙරපි එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ උස තැනක පරිසරයක් අපිට මේ තාක්ෂනෙන් ඩිසයින් කරගෙන ටික ටික අපිට ඒ අත්දැකීම අපේ මනසේ සාමාන්‍ය දත්තයක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට අපිට උස තැන් වලට තියෙන බය නැති වෙනවා. මේ විදිහට අපි මොනවා හරි දෙකට බය නම් ඒ අත්දැකීම් මේ විදිහට වර්චුවල් පරිසරයකින් අපේ සාමාන්‍ය අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්නකෝ.


ආරක්ෂක අංශ වලට

 

ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ පිට රට වල ගොඩක් හමුදා පුහුණු දෙන්නේ සිමියුලේටර්ස් වල කියල. ඒ කියන්නේ කෘතිමව හදපු පරිසරයක. මෙහම පරිසරයක ට්‍රේන් වෙද්දී වෙන අනතුරු ගොඩක් අවමයි ඒ වගේම නිවැරදිව පුහුණුවීම් කරන්න පුළුවන්, ඒ තාක්ෂනේටම වචුවල් රියලිටි එකතු උනාම කොහොම තියෙයිද>>
අපි බලමු කොහොම වෙයිද කියල. මේ ක්‍රමය දැනට ඇමරිකාවේ සාර්ථකව ක්‍රියාත්මකයි. VirTra300 කියල තමයි මේක හදුන්වන්නේ. ඇමරිකන් පොලිසියට වෙඩි තැබීම ඉදල ගොඩක් පුහුණු වීම් දැන් සිද්ද වෙන්නේ මේ සිස්ටම් එක හරහා. ඒ වගේම එක එක නිලධාරීන්ට විවිද පුහුණු වීම් පරිසරයන් සහ විවිද හදිසි අවස්ථා පවා මේ තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කරලා ඉහල ගුණාත්මක බවෙන් යුක්ත පුහුණු වීමක් ලබා දෙන්න මේ තාක්ෂනෙන් හැකියාව ලැබිල තියෙනවා. ඔයාට තේරෙනවනේ නේද ඕනෑම භයානක තත්වයක් මේ තාක්ෂණයෙන් මවල දීල ට්‍රේන් එකක් ලැබුනොත් ඒ අත්දැකීම අනුව පොලිස් හෝ හමුදා නිලධාරින් කෙතරම් ඇඩ්වාන්ස් තත්වෙක ඉදියිද කියල.

ඔන්න ඔහොම තමයි මේ තාක්ශනේ හොද විදහට යොදාගන්න පුළුවන් ක්‍රම. තව දුරටත් කියනවනම් මේ විදිහෙන් අභ්‍යවකාශ ගමන් වලට පුහුණු වීම්, අබාධ්ත අයට නව අත්දැකීම් ලබා ගැනීම, අධ්‍යාපනය වගේ ලොකු ක්ෂේත්‍ර ගණනාවකට යොදාගන්න පුළුවන්, 

මේ ගැන ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න 

තවම බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද?? දකුණු පැත්තේ ෆලෝ බට්න් එක ක්ලික් කරල ෆලොවර් කෙනෙක් වෙන්න. අපේ යුටියුබ් චැනල් පහල තියෙනවා. ඒවා බලන්න අමතක කරන්නත් එපා. වමේ තියෙන පේජ් වලට ලයික් එකකුත් දානවා නම් ඉතින් අපිට ලොකු හයියක්.

1 comment:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)