විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

03 March, 2017

මිනිස්සුන්ග්ගේ සිරුරු ඇතුලෙන් හමු උන අමුතු අයිටම්ස් | weird objects found in human bodies

 ඔන්න ඉතිං අදත් අමුතු ෆැක්ට්ස් ටිකක් අරන් ආව. මේක කියවල ඔයාල පුදුම වෙන එක නම් අනිවාර්යයි. ඔව් අද මන් කියන්න යන්නේ මිනිස්සුන්ගේ ශරීර වල තිබිල හම්බුන විශ්වාස කරන්නත් බැරි තරම් දේවල්. නෑ නෑ .... කෑම බීම, ශරීර අවයව හරි ස්වබාවික දේවල් වගේ ඒවා නමේ. එහෙනං කියවලම බලන්නකෝ මොනවද කියල.......


කට්ලරි සෙට් එකක්!!! 



මොනවද මේ මනුස්සය මේ කියවන්නේ? හැන්දක් වගේ බඩගින්න ඉවසන්නම බැරිව ඉදල කෑවමයි කියමුකෝ...එත් දෙයියනේ හැඳි ගෑරුප්පු සෙට් එකක්ම හම්බුනා කිව්වම පුදුම නැද්ද. ඒකත් එක පුද්ගලයෙක්ගෙන්!!! 
පිළිගන්න බෑ නම් තමයි හැබැයි මේක ඇත්තටම වෙච්ච දෙයක්. මේක වාර්තා වෙලා තියෙන්නේ නෙදර්ලන්තෙන්. මාගරට් ඩාල්මන් කියන කාන්තාව බඩ රිදෙනවා කියල හොස්පිටල් ඇඩ්මිට් උනාම තමයි එයාගේ ශරීරෙන් කට්ලරි සෙට් එකක් එක්ස් රේ එකට අහු වෙන්නේ. ඔය උඩ පින්තුරේ තියෙන්නේ එක තමයි.හැඳි ගෑරුප්පු 78ක්ම මෙයා ගිලල කියල තමයි කියන්නේ. අනේ මන්ද යකඩ උනතාවෙකින් පෙලිලද කියල.
මෙයාගේ සර්ජරි එක කරපු දොස්තරල නම් කියන්නේ මෙහෙම ආහාරමය නොවන දේවල් කන්න ආසාවල් ගැබිණි කාන්තාවන්ට එනවලු කලාතුරකින්.

කාන්දම් ගිලල ලෝහ පාලනය කරන්න ගමුද?


මේ කතන්දරේට සම්බන්ද ගෑනු ළමය තමයි ඔය පින්තුරේ ඉන්නේ. මෙයා ඇමරිකාවේ ඉන්ඩියානා වල වයස අටක ළමයෙක්. මෙයාගේ බඩේ තිබිල කාන්දම් 30කුයි තව ලෝහ කොටස් කිපෙකුයි හොයාගෙන තියෙනවා. මෙයා සීනිබෝල වගේ පැණිරස කෑම කියල හිතල මේවා කාල කියල තමයි කියන්නේ. ඇත්තටම මේක විහිලුවක් වගේ පෙනුනත් හරිම භයානක දෙයක්. කාන්දම් වලට ආමාශය ඇතුළුව තව වැදගත් ඉන්ද්‍රියන් වලට හානි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම රුධිර සංසරණ රටාව අඩාල කරන්නත් පුළුවන්.

අධෝමර්ගයේ භාණ්ඩ ප්‍රවාහනය


ටොපික් එක අවුල් වගේ උනාට කමක් නෑ මේකත් කියවල යන්න. මේ පින්තුරේ ඉන්න පුද්ගලයා ෆ්ලොරිඩා වැසියෙක්. මෙයා බන්දනාගාරය තුලට අධෝමර්ගයේ විවිද භාණ්ඩ 30ක් හංගගෙන ගිහින්. ඒ අතර ඔක්සිකොඩෝන් පෙති 17ක්, සිගරැට් එකක්, ගිනි ගලක්, ගිනිකුරු 6ක් (ගිනි ගත්ත නම් තමයි වැඩේ), මකන කැල්ලක අමුනපු හිස් සිරින්ජයක්, තොල් ආලේපන රදවනයක්, කුපනයක් ඇතුලත් කියලා තමයි කියන්නේ. මේවා ඔක්කොම උපත් පාලන කොපුවක දාල තමයි මෙයා අරන් ගිහින් තියෙන්නේ.කොහොම උනත් අදාළ නිෂ්පාදන සමාගම දැනගත්ත නම් ලොකු පබ්ලිසිටියක් ගන්න තිබුන.

පෙනහැල්ලක හැන්දක්?


ඔන්න ඔය පින්තුරේ ඉන්න ජෝන් මැන්ලි කියන මහත්තයට එනවා පොඩි ස්වසන ආබාදයක්. මේක මුලින් පොඩියට දනුනත් පස්සේ නියුමෝනියා තත්වේ වෙනකන් වර්ධනය වෙනවා. සමහර වෙලාවට කැස්ස නවත්ත ගන්න්න බැරිව ඇග නිල් උන අවස්ථාත් තියෙනවලු. මෙයත් ඉතින් කොච්චර අසනීප උනත් ඔක්කොටම පැනඩෝල් හරි වෙනිවැල් හරි බොන ලංකාවේ සමහරු වගේ තමයි. දොස්තර කෙනෙක් ගාවට ගිහින් මේ අසනීපෙ ගැන කියලා පිලියමක් ගන්න උනන්දු වෙලා නෑ.
එත් කීප වරක්ම මෙයා පොදු ස්ථාන වලදී සිහි නැති වෙලා තියෙනව. ඊට පස්සේ රෝහල්ගත වෙලා තියෙන්නේ. මුලින් මෑන්ලි මහත්තයට පිළිකාවක් කියල ගෙස් කරන්නේ. පස්සේ කරන පරීක්ෂණ වලින් එලි වෙන්ව මෙයාගේ පෙනහල්ලක් ඇතුලේ හැන්දක කොටසක් තියෙනව කියල. වෙන්ඩිස් (wendy's) කියන අහාර පාන අලවිසල් ජාලය කඩේකින් කද්දී එකේ ප්ලාස්ටික් හැන්දක කොටසක් ස්වසන පද්දතියෙන් ඇතුල් වෙලා කියල තමයි අනාවරණය උනේ.

ගල් ගිල්ල චීන කෙල්ල.

මේකට අදාල ෆොටෝ එක නම් මට හොයාගන්න පුළුවන් උනේ නෑ. මේක සිද්ද වෙලා තියෙන්නේ 2006දි චීනේ ෆෝශාන් කියන ප්‍රදේශයේදි. මේ තරුණිය ඇගේ පෙම්වතා එක්ක ආරවුලක් ඇතිකරගෙන ඒ තරහට වටකුරු ගල් 20කට වැඩි ගානක් අමාශගත කරගෙන කියල තමයි කියන්නේ (තරහට මාර දේවල් කරන්නේ නේද..චයිනීස් අයිඩියාස්නේ) කොහොමහරි මේ තරුණිය හිතපු විදිහට ඒවා ශරීරෙන් පිට නොවී තැන්පත් වෙලා. ඒ වගේම ඇවිදිද්දී එහමත් ගල් එකිනෙක ගැටීම ලොකු කරදරයක් වෙලා කියල තමයි කියන්නේ. 

(ඔන්න අදට නවතිනවා එහෙනං. කැමති අය ෆලෝ කරලා මගේ බ්ලොග් එක එක්ක සෙට් වෙන්න. අලුත් පොස්ට් දාපු ගමන් දැනගන්න කැමති නම් හෝම් පේජ් එකේ පහල තියෙන බොක්ස් එකේ ඊමේල් එක සබ්මිට් කරන්න. තවත් රස බර ලිපියකින් අපි ආයෙත් හමු වෙමු. ඊලග පොස්ට් එක වෙනස් කැටගරියක් යටතේ දෙන්නම්.) 

No comments:

Post a Comment

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)