විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

24 April, 2017

නීතිය බල්ලට ගිය මොංගල් අවස්ථා.

හෝව් හෝව් මේ ලංකාව එහෙම නෙමේ. මෙව්වා කියෙව්වම ලංකාවේ හොදයි කියල හිතෙයි. සාමාන්යෙන් වැරද්දක් කරලා අහු උනොත් දඩුවමක් ලැබෙනවාමයි. හැබැයි වැරැද්ද ඔප්පු වෙලත් සමහර අවස්ථා තියෙනවා විවිද රෝගී තත්ත්ව, මානසික ගැටළු, හදිසි කෝපය වගේ හේතු වලින් යම් දුරකට දඩුවම ලිහිල් කරගන්න. හැබැයි ඒ හේතු සාදාරන පරීක්ෂණයකින් ඔප්පු වෙන්න ඕන. මේ කියන්න යන්නේ ඒ වගේ ඔප්පු වෙලා ඒත් විශ්වාස කරන්න අමාරුම විදිහට දඩුවම් ලිහිල් හෝ අහෝසි හෝ වෙච්ච අවස්ථා. 

විශාල පියයුරු නිසා නීතිය නැමේ 



ඔන්න පටන් ගද්දිම කියනවා මේ වල් වැඩක් ගැන එහෙම කියනවා නෙමේ. නැත්තන් අපේ අයියල හිතන්නෙම ලිංගික අල්ලස් කියලනේ. ඔන්න කතාව අහගන්නකෝ. serena kozakura කියන්නේ බිකිනි මොඩල් කෙනෙක්. ඒ කියන්නේ නාන ඇදුමෙන් නිරුපනය කරන කෙනෙක්. මෙයාට මාස 14ක කාලයක් හිරේ ඉන්න කියල උසාවියෙන් නියෝගයක් එනවා. සෙරීනා ට මේ දඩුවම නියම වෙන්නේ එයා සචේතනිකව, ඒ කියන්නේ හිතා මතාම වෙන කෙනෙක්ගේ පරිශ්‍රයකට ඇතුල් වෙලා දේපල හානි කරා කියල. පමිනැල්ල දාන්න වෙන කවුරුත් නෙමේ එයාගෙම බෝයිෆ්රෙන්ඩ්. 

මෙයා බෝයිෆ්රෙන්ඩ්ගේ ගෙට දොරත් කඩාගෙන ඇතුල් වෙලා කියල දාපු පැමිණිල්ල විභාග කරලා මේ මාස 14 දඩුවම නියම උනාට පස්සේ සෙරීන ඇපීල් කරනවා ඒ කිව්වේ අභියාචනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම පෙම්වතාගේ සැකකටයුතු හැසිරීම නිසා මේ විදිහට දොරේ ලොකු සිදුරක් හදල බලෙන් ඇතුල් උනේ කියල කියනවා. ඒ වගේම එහෙම සිදුරක් හදන්න උන එකට එයා සාදාරන හේතුවක් දානවා තමාගේ විශාල පියයුරු එතන ඇතුල් වෙන්න තිබ්බ ඉඩෙන් අතුල්කරගන්න බැරි නිසා මෙහෙම විශාල සිදුරක් දොරේ හදන්න උනා කියල. ඉතින් නඩුව මෙයාට වාසි අතට හැරිලා අන්තිමට. 



මේ ඉන්නේ සෙරීනා 
















නින්දෙන් කරපු අපරාධ 


ඔයාල දන්නවනේ නින්දෙන් කියවන, නින්දෙන් ඇවිදින එහම අය ගැන. ඒත් නින්දෙන් මිනීමරන අය ගැන අහල තියෙනවද?? එහෙම වෙච්ච අවස්ථාවක් තමයි මේ, ස්ටීවන් ස්ටයින්බර්ග් කියන පුද්ගලයා ඔහුගේ බිරිදට 26 පාරක් පිහියෙන් ඇනල මරපු එක ගැන ඔහුට විරුද්දව කේස් එකක් ෆයිල් වෙනවා. නමුත් උසාවියේදී ඔහුට මේ මිනීමැරුම සම්බන්දෙන් කිසිම මතකයක් නැති බව ඔප්පු වෙලා තියෙනවා... ලංකාවෙත් පහුගිය කාලේ මෙහෙම ඒවා අහන්න දකින්න ලැබුන. මේකත් ඒ වගේ තමයි. වෙඩි තිබ්බ වගේ නෙමේනේ පිහියෙන් 26 පාරක්ම අනිනකන් ඒ කාන්තාව කෑ ගහල මේ මනුස්සය නින්දෙන් ඇහැරුනේ නැද්ද කියල ප්‍රශ්නයක් නම් එනවා. කොහොම ප්‍රශ්නයක් දැන් දැම්මත් මෙයා නිදහස් වෙලා ඉවරයි. stevenගේ ෆොටෝ එකක් නම් මට හොයාගන්න පුළුවන් කමක් ලැබුනේ නෑ. ඒ කාලේ එක පත්තරේ වැටිලා තිබ්බ හැටි නම් හොයාගත්ත මේ පහල තියෙන්නේ ඒක 


මේ වගේම සීන් එකක් 1986දිත් වෙනවා. කෙනත් පාර්ක් කියන පුද්ගලයා සැතපුම් පහලවක් දුරින් පිහිටි තම මාමණ්ඩි සහ නැන්දම්මා ඉන්න ගෙදරට ගිහින් දෙන්නවම පිහියෙන් ඇනල මරනවා. මරල එයාම ගිහින් පොලිසියට කියනවා මන් දෙන්නෙක්ව මරල කියල මට හිතෙනවා කියල. කියන්න දෙයක් නෑනේ එතනම එයාව ලොකප් කරනවා. නඩු වාරෙදි මෙයා මිනීමැරුම් කරන අවස්ථාවේ ඉදල තියෙන්නේ නින්දෙන් කියල කෙනත්ගේ නීතිඥ තුමා කියන දේ සලකල ඒක ඒ විදිහට තමයි උනේ කියල ඔප්පු වෙලා කෙනත් නිදහස් වෙනවා

කෙනත් පාක්ස් 

මේ කියන්න යන්නේ වෙන කතාවක්. සාමන්යෙන් ඇමරිකන් ෆිල්ම් බලන අපි දැකල තියෙනවනේ එහෙ තියෙන පාටි එහෙම ඇමරිකාවේ නොගියට. අන්න ඒ වගේ මත්ද්‍රව්‍ය එහෙම ගොඩක් භාවිතා උන පාටියකදී හැමෝම වගේ ඩෝප් පිට ඉද්දි එක්තරා කාන්තාවක් නින්දෙන් අවදි වෙනවා තමන්ව දුෂණය කරන වග දැනිල. මේ සිද්දියට අදාළ පුද්ගලයා jan luedecke කියල කෙනෙක්. ඔහුට මේ ගැන නඩු පවරලා උසාවි දානවා. නමුත් ඔහුගේ වෛද්‍යවරයා ඔප්පු කරනවා ඔහුට නින්දේදී ලිංගික කාර්යන් පිළිබද අසනීපයක් තියෙන වග. මේ හේතුව නිසා ඔහුගේ අධික බීමත්කම මගින් මේ අපරාධය සිද්ද උනා කියන කාරණාවත් අහකට යනවා. ඒ වගේම අගතියට පත් කාන්තාව ඉදිරිපත් කරන අභියචනයත් වැඩක් වෙන්නේ නෑ.

ඔසප් දවස් මිණිමරන්න කියාපු දවස්. 


දැන් මේක අහල සමහර කාන්තා සංවිධාන මෙව්වා සටන් පාඨ වලට ගනියිද මන්ද.. එහෙව් සංවිදාන මේ රටේ තියෙන්නේ. 

ජෑන් පේන්ටර් කියන කාන්තාවට විරුද්ද්දව තමන්ගේ සැමියාට පිහියෙන් ඇනපු චෝදනාව යටතේ නඩු පැවරෙනවා. එංගලන්තයේ ලිවර්පූල් වල තමයි මේ ජෝඩුව ජීවත් උනේ. ජෑන් සැමියාට පිහියෙන් ඇන්නේ ඇයි කියල ඇහුවොත් ඔයාට හිනා යයිද තරහ යයිද දන්නේ නෑ. එයාගේ පර්ස් එකෙන් සල්ලි අහන්නේ නැතුව ගත්ත කියල තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. එත් ඒ සිද්දිය වෙන දවස් වල ජෑන් ඔසප් වේදනාවෙන් හිටිය කියල සමාව ලැබිල.

ඩූම් ඉන් රියල් ලයිෆ්.


ඔව් බ්‍රෝ ෆිල්ම් එක තමයි. ඩූම් ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැනේ නේද. අන්තිම ඩූම් ෆිල්ම් එකේ නිවුන්නු දෙන්නෙක් දෙන ගේම් එකක්නේ කතාවට පාදක වෙලා තියෙන්නේ. මේ කියන්නේ ඒ විදිහට නිවුන්නු දෙන්නෙක් දීපු ගේමක්. 


සතිෂ් රාජ් සහ සබරිෂ් රාජ් කියන්නේ සර්ව සම නිවුන්නු දෙන්නෙක්. එයාලගේ DNA පවා සමානයි. ඉතින් මෙයාලගෙන් එක්කෙනෙක්ව අහු වෙනවා මත්ද්‍රව්‍ය ජාවරමේ යෙදුන කියල පොලිසියට. මේක වෙන්නේ මැලේසියාවේ. එහෙ මත්ද්‍රව්‍ය සම්බන්දෙන් වැරදි කරපු යට මරණ දඩුවම උනත් නියම වෙන්න පුළුවන්. ඒත් මේ නිවුන්නු දෙන්නගෙන් අත්අඩංගුවට ගත්ත එක්කෙනා නෙමේ අපරාදයට සම්බන්ද කියල ඔප්පු වෙනවා. ඊට පස්සේ මේ දෙන්නගේ සමාන කම නිසා දෙන්නවම පැටලෙනවා. මේ කේස් එක අහපු ජජ් මේ දෙන්නගේ සමානකම නිසා මේ කේස් එක වහනවා මේ කේස් එක දිගට අරන් ගියොත් නිවැරදි කෙනා දඩුවමට ලක් වෙන්න ඉඩ තියෙනවා කියල. දෙන්නම තමන් නෙමේ අනික් එක්කෙනා කිව්වොට් එහම ඉවරයිනේ. ඉතින් මේ දෙන්න නිදහස්..... 

1 comment:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)