විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

02 March, 2017

මොකද්ද මේ ඔස්කාර් | what is OSCAR

ඉතින් යාලුවනේ. මේක තමයි අපි හමු වෙන පළමු ලිපිය. 
මන් පලවෙනියමට ලියන්න තෝරාගත්තේ මේ දවස් වල හිට් වෙලා තියෙන විශේෂයෙන් බටහිර රටවල් වල නම් මේ දවස් වල අංක එකේ ඉවෙන්ට් එක..එහෙම කිව්වට ඉතින් ලංකාවේ අපිත් ඕක ගැන හොයනවා බලනවා.... ඒ තමයි ඔස්කාර් සම්මාන උළෙල...




ඇත්තටම මොකක්ද මේ ඔස්කාර්??


ඔස්කාර් එකට කියන ඔෆිෂල් නම තමයි ඇකඩමි අවොඩ්ස් ඔෆ් මෙරිට් කියන්නේ. ඔස්කාර් කියන නම හැදෙන්නේ  Academy of Motion Picture Arts and Sciences  එකේ විධායක අධ්‍යක්ෂක කෙනෙක් වගේම පුස්තකාලාධිපති කෙනෙක් උන  Margaret Herrick ට ඇයගේ මාමා කෙනෙක් උන ඔස්කාර් ව මතක් උන නිසාලු .
මේක පවත්වන්න හේතුව තමයි ඇමරිකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එකේ ලොකු ලොකු චරිත ඒ කියන්නේ ඉතින් යමක් කරපු අයියලට අක්කලට පොඩි ගරු සරුවක් දෙන්න. මේ උත්සවය වාර්ෂිකව පැවැත්වෙනව අවුරුද්ද පුරාම රිලීස් උන ෆිල්ම්ස් වල විවිධ ඛාණ්ඩ 24ක් ඔස්සේ සම්මාන  ප්‍රදානය කරන්න. 

මොකද්ද මේකේ ඉතිහාසේ?


ඉස්සර වෙලාම ඔස්කාර් එකක් පවත්වල තියෙන්න 1929 (මැයි 16) තරම් ඈතදී හොලිවුඩ් වල රූස්වෙල් හොටෙල් එකේදී (ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ ඩිනර් එක 270 දෙනෙක්ට.) සම්මාන ප්‍රදානය කරලා තියෙන්නේ මේෆෙයාර් හොටෙල් එකේදී. 2017 දි පැවැත්වුනේ 89 වෙනි එක. ඔයාල දන්නවද 1929 මේක පටන් ගත්තත් ඉස්සර වෙලාම මේක ටී වී එකේ ප්‍රචාරය වෙන්නේ 1953 දි. හැබැයි ඊට කලින් මේක 1930 දි ඒ කියන්නේ දෙවැනි ඔස්කාර් උළෙල ඉදලම රේඩියෝ වලින් මිනිස්සුන්ට අහන්න ලැබෙනවා.

මුලින්ම පැවැත්වුන ඔස්කාර් එකේ විස්තර තමයි මන් දැන් කියන්න යන්නේ. මේකේ ටිකට් එකක් ඩොලර් පහක් විතර කියල කිව්වොත් හිතාගන්න පුලුවන්ද? අද වෙනකොට නම් ටිකට් එක විවිද දර්ශන සීමාවන් වලට ගැලපෙන විදිහට ඩොලර් 150 - 750 පරාසෙක තියෙන්නේ. ඒ වගේම මුල්ම ඔස්කාර් එකේදී සම්මාන පහලවක් විතරයි දීල තියෙන්නේ. විනාඩි පහළවකින් සම්මාන ටික දීලත් ඉවරලු. 

අද අපි දකින ඔස්කාර් උත්සව වලදී සාමාන්යෙන් වෙන්නේ සීල් කරපු කවරෙක දාල තියෙන නම් එවෙලේ හැමෝම කන්ෆියුස් වෙලා යන්න ඉදිරිපත් කරන සිස්ටම් එකනේ. මේ සිස්ටම් එක මුලින්ම එන්නේ 1941 සම්මාන උලලෙන්. ඊට කලින් වෙලා තියෙන්නේ සෙරමනි එක පටන් ගන්න කලින් ජයග්‍රාහි නම් ටික අනවුන්ස් කරන එක. මුල්ම එකේ නම් මාස තුනකට කලින් පත්තරේ දැම්මලු ජයග්‍රාහකයන්ගේ නම්. 

මුල්ම ඔස්කාර් එකේ හොදම නළුවා වෙලා තියෙන්නේ පහල ෆොටෝ එකේ ඉන්න Emil Jannings.

1957 දි පැවැත්වුන 29 වන ඔස්කාර් එකේදී තමයි මුලින්ම වෙනත් භාෂාවකින් තිරගත උන ෆිල්ම් එකකට සම්මාන දෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම 2002 දි පැවැත්වුන 74 වන ඔස්කාර් එකේදී තමයි ඇනිමේෂන් ෆිල්ම් වලට සම්මාන දෙන්න පටන් ගන්නේ.

ඔස්කාර් සම්මානය (Academy Award of Merit /Oscar statuette)


ඒ කියන්නේ මෙන්න මේ පිළිමේ....මේක තමයි ජයග්‍රහයන්ට ප්‍රදානය කරන්නේ 
මේක මුල්කාලේ හදන්නේ ලෝකඩ වලින් ඊට පස්සේ රන් ආලේපිත britannium කියන ලෝහයෙන්. සෙන්ටිමීටර් 34.3ක් උස මේ පිළිමේ කිලෝග්‍රෑම් 3.9ක ආසන්න බරක් ගන්නවා කියල තමයි සදහන් වෙන්නේ. මේකේ නිරුපනය වෙන්නේ කඩුවක් අත දරන නයිට් වරයෙක් ගරාදි පහක් තියෙන ෆිල්ම් රීල් එකක් උඩ ඉන්නව කියල.
මේ ගරාදි පහ නළු නිලියන්, තිර රචකයන්, අධ්‍යක්ෂක වරුන්, නිෂ්පාදක වරුන් සහ කාර්මික ශිල්පින් කියන කණ්ඩායම් පහ නිරුපනය කරනවා.(පස්සේ මේ රීල් එක අයින් කරා)

පස්සේ නම් මේකට විවද ලෝහ අරන් තියෙනවා. දෙවන ලෝක යුද්ද කාලේදී ප්ලාස්ටර් වලිනුත් හැදුව. විවිද කාල වලදී විවිද නිෂ්පාදන සමාගම් මේක නිෂ්පාදනය කරලා තියෙනවා. වසරකට මේවයින් 50ක් නිපදවනවා. වර්තමානේ බාවිතා වන තාක්ෂනෙට අනුව මාස තුනක් විතර යනවා 50ම හදන්න. ඒ වගේම මේක ලෝකඩ වලින් තමයි 2016 ඉදල හදන්නේ. මේ වෙනකොට සම්මාන 3000ක් විතර ප්‍රදානය කරලා තියෙනවා.


දැන් තත්වේ 


ඔස්කාර් සම්මාන සඳහා වන රහසිගත ඡන්ද විමසීම සංවිධානය කරන Pricewaterhouse Coopers ආයතනය මගින් චන්ද දායකයෝ 6000ක් විතර වොට් කරලා තමයි සම්මාන ලාබින් තෝරන්නේ. ඒ වගේම සීල් කරපු ලියුම් කවරේ ඇරලා අනවුන්ස් කරනකන් කිසි කෙනෙක් දන්නේ නෑ කවුද සම්මාන ලාබින් කියල. මේවා අරන් එන්නේ ඒ ආයතනයේ විශේෂ නියෝජිතයෝ දෙන්නෙක්

ඒ වගේම මේ පාර ඔස්කාර් එකේ විශේෂ දේවල් කීපෙකුත් සිද්ද උනා. එකක් තමයි මිස් වර්ල්ඩ් එකේදී උනා වගේ මේකෙත් හොදම ෆිල්ම් එක වැරදිලා කියවුනා. මේවා ට්‍රෙන්ඩ් ගිහින්ද මන්ද. මූන්ලයිට් ෆිල්ම් එක වෙනුවට ලා ලා ලෑන්ඩ් ෆිල්ම් එක කියවෙලා තමයි මේ අවුල උනේ. ඒ වගේම වාර්තා කීපෙකුත් මේ පාර සටහන් උනා. පහල තියෙන්නේ ඒවා.
  • වැඩිම කළු ජාතිකයින් ගණනක් සම්මාන ලබා ගැනීම
  • ප්‍රථම වරට මුස්ලිම් නළුවෙක් සම්මානයට පත්‍ර වීම (මහේර්ශලා අලි)
  • වැඩිම ෆිල්ම් ගණනක් යෝජනා වීම (336ක්)
  • ඔස්කාර් සම්මානයක් දිනපු දිගම ෆිල්ම් එක (O.J.made in america පැය 7යි විනාඩි 47ක්)
  • අවුරුදු 86කට පස්සේ ලාබාලම අධ්‍යක්ෂක (ඩේමියන් චසල් අවුරුදු  32යි, ලා ලා ලෑන්ඩ් ෆිල්ම් එක )
තව ට්‍රම්ප් ජනාදිපති තුමාගේ පාක්ෂිකයන්ගෙන් පොඩි තර්ජන කෑල්ලකුත් ඇවිල්ල තිබුනලු චැනල් මාරු කරනවා කියල. ඔය ඔක්කොම අලකලංචි අස්සේ 89 වෙනි ඔස්කාර් සම්මාන උළෙල අවුලක් සාර්ථකව අවසන් උනා.




ඉතින් යාලුවනේ මන් හිතනවා ඔයාල නොදන්නා එකම එක දෙයක් හරි මේකෙන් දැනගන්න ඇති කියල. ඒ වගේම මේකේ මන් නොලිව්ව කාරනා ගොඩකුත් තියෙනවා. ඉතින් ඉන්ටරස්ට් එකක් තියෙන උදවිය පොඩ්ඩක් හොයල බැලුවට කමක් නෑ. එහෙනං අපි ඊලග ලිපියෙන් සෙට් වෙමු. 

කැමති අය ෆලෝ කරලා ශෙයා කරලා සප් එකක් දෙන්න, අදහස් උදහස් කමෙන්ට් එකක් දාන්න. 

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)