විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

26 April, 2017

වෙනස් වෙනස් විදහට සපත්තු ලේස් කරමුද?


ඉස්සර වගේ නෙමේනේ දැන් කොල්ලෝ කෙල්ලෝ බේදයක් නැතුව සපත්තු දානව. සපත්තු දාද්දි ඉතින් අපි ඔහේ කඩෙන් ගද්දිම ලේස් කරලා තිබ්බ විදිහටම තියාගෙන සමනල ගැටේ ගහන එකනේ කරන්නේ. සරල ජීවිත ඉතින්.... නැද්ද??? ඔය කිව්වට කවුද අකමැති සුප්පා ලේස් පැටර්න් එකක් දාගෙන දකින දකින තැන යාළුවන්ව එහෙම කොර කරන්න?? තවම අවුරුදු උණුසුමත් ගිහින් නැති එකේ ඊලගට නෑයෙක් එහෙම බලන්න යද්දී මේ එකක් දෙකක් ට්‍රයි කරලා බලන්න. 

24 April, 2017

නීතිය බල්ලට ගිය මොංගල් අවස්ථා.

හෝව් හෝව් මේ ලංකාව එහෙම නෙමේ. මෙව්වා කියෙව්වම ලංකාවේ හොදයි කියල හිතෙයි. සාමාන්යෙන් වැරද්දක් කරලා අහු උනොත් දඩුවමක් ලැබෙනවාමයි. හැබැයි වැරැද්ද ඔප්පු වෙලත් සමහර අවස්ථා තියෙනවා විවිද රෝගී තත්ත්ව, මානසික ගැටළු, හදිසි කෝපය වගේ හේතු වලින් යම් දුරකට දඩුවම ලිහිල් කරගන්න. හැබැයි ඒ හේතු සාදාරන පරීක්ෂණයකින් ඔප්පු වෙන්න ඕන. මේ කියන්න යන්නේ ඒ වගේ ඔප්පු වෙලා ඒත් විශ්වාස කරන්න අමාරුම විදිහට දඩුවම් ලිහිල් හෝ අහෝසි හෝ වෙච්ච අවස්ථා. 

22 April, 2017

බියුටි කල්චර් ද? බියුටි කචල් ද ??

ගෑනු පිරිමි බේදයක් නැතුව අපි හැමෝම ආස ලස්සනට ඉන්නනෙ. ඒ වගේම හැමෝම රහසින් හරි මොනවම හරි ට්‍රීට්මන්ට් එකක් කරනවනේ. එක්කෙනෙක් කෑම බීම පාලනය කරද්දී තව එක්කෙනෙක් මොනවහරි ආලේප කරලා ලස්සන වෙයි, සමහරු ජිම් යද්දිත් මේකප් කරන් යන්නේ. එකී මෙකී නොකී ඕනෑම විදිහකින් ලස්සන වෙන්න තමයි හැමෝගෙම ට්‍රයි එක. ඒත් පිළිකුල් සහගත වැඩ කරන්නේ නෑනේ ලස්සන වෙන්න කොච්චර කැක්කුමක් තිබ්බත්. ඊටත් බරටම වියදම් කරලා ජුගුප්සාජනක දේවල් කරන්නේ නෑනේ. මේ ලිස්ට් එකෙන් කියන දේවල් දැක්කොත් ඔයා හිතයි ලස්සන වෙන්න මෙව්වා කරන්න වෙනවනම් සල්ලි දීල අවලස්සන වෙන එක හොදයි කියල. 

21 April, 2017

ඔයාගෙම සින්දුවක් කරන්න කැමතිද??

ඔයාට ගායනයට හොද හැකියාවක් තියෙනවද ?
තමන්ගේම සින්දුවක් කරන්න, අඩුම ගානේ කොලිටියට කවර් එකක් කරන්න හීනයක් තියෙනවද??

20 April, 2017

නින්ජා වරු ගැන තතු.

කට්ටිය හරිබරි ගැහිල සෙට් වෙන්නකෝ එහෙනං. ලෝකේ පුරා ලොකු පොඩි ඕනා කෙනෙක් නින්ජා ගැන අහුවොත් කියයි ගුප්ත සටන් ශිල්පියෝ කියල. ඒ උනත් මෙයාල ගැන ලොකු විස්තරයක් ඇත්තටම කවුරුත් දන්නේ නැති තරම්. ෆිල්ම් වලින් දකින දේවල් විතරනේ දන්නේ. ඇත්තටම මේ ෆිල්ම් වලට වඩා මේක අමුතු සබ්ජෙක්ට් එකක්. අර කතාවකුත් තියෙනවනේ පේන දේ නෙමේ ඇත්ත කියල. එහෙනං නොපෙනෙන දේ ගැන පොඩ්ඩක් අවුස්සලා බලමුද?

18 April, 2017

අනාගතයේ පෘථිවිය කවුරු රන් කරයිද?

අද පෘථිවිය හරියට මිනිසාගේ තනි බුදලයක් වගේ තමයි පවතින්නේ නේද? පෘථිවියේ ඉන්න කිසිම ජීවියෙක්ට නැති අන්දමේ වරප්‍රසාද ගණනාවක්, ඒ වගේම ඕන දෙයක් කරන්න තාක්ෂනය, කරන දේවල් වැරදුනාම ඒවාට දාන නීති, මේ සියල්ලම මිනිසාගේ. කොච්චර අහිතකර උනත් සියල්ල කරන්න පවර් එක මිනිසා කියන මේ අමුතු ජීවියට තියෙනවා, සරලව කිව්වොත් වෙනත් ජීවීන්ගේ පැවැත්ම තීරණය කරන්නෙත් මේ කියන මිනිසාම තමයි. ඒ උනාට නිකමට හිතුනද අපි අද මේ අයියල වගේ හිටියට ඉස්සර අපිට තිබ්බ තත්වේ.. ඇත්තටම කිසිම තත්වයක් අපිට තිබිල නෑ. ඒ ඒ යුග වලදී ඒ ඒ යුගයේ පරිසරයට හරියටම ගැලපිලා හිටිය ජීවින් තමයි පාලනය අතේ තියාගත්තේ. ඉතින් ඕනෑම කෙනෙක් දන්නවනේ අපි දියුණු උනාට පරිනාමය නැවතිලා නෑ. ඉතින් මේ පරිණාමය තව ඉස්සරහට යද්දී තව තව ජීවින් මතු වෙයි අපේ පාලන යුගය නිමා කරන්න. සමහර විට පිටසක්වල ආක්‍රමණයක් උනත්. අපි එහෙනං බලමු කවුද කොහොමද අනාගත පෘථිවියේ හිමිකාරිත්වය ගන්නේ කියල.

17 April, 2017

වර්චුවල් රියලිටි වලින් කරන්න පුළුවන් මොනාද?

වර්චුවල් රියලිටි ගැන නොදන්නා අය නම් ඇත්තෙම නැති තරම්. ඒ තරමටම මේ තාක්ශනේ මිනිස්සුන්ට ලං උනා. නොදන්නා අයට දැනගන්න පොඩි හැදින්වීමක් කරන්නම්. යථාර්ථයේ නොපවතින දෙයක් හෝ අත්දැකීමක් මවපු පරිසරයකින් අපිට විදින්න පුළුවන් විදිහේ තාක්ෂණයක් තමයි මේ. මේක ගොඩක්ම හිට් උනේ ගෙමර්ස් ල අතරෙයි ෆිල්ම් බලන උදවිය අතරෙයි. මේ විදිහෙන් අපි ඇත්තටම ඒ අදාළ පරිසරයේ ඇතුලේ ඉන්නවා කියන හැගීම ගන්න පුළුවන් තරමට දියුණු තාක්ෂණයක් තියෙනවා. මේ අත්දැකීම අපිට ගන්න පුළුවන් යෙදුම් වලින් හොදම ක්‍රමය තමයි හිස් පළදනාවක් ආකාරයන් සකසපු මෙවලම. මේ විදිහේ මෙවලම් විවිද බ්‍රෑන්ඩ් වලින් මාකට් එකේ ගන්න තියෙනවා. ඔන්න මන් මේ තාක්ශනේ ගැන නම් විස්තර කියන්න යන්නේ නෑ, මේ තාක්ශනේ වෙනස් විදිහට යොදාගන්නේ කොහොමද කියලයි මේ කියන්න යන්නේ. 

11 April, 2017

ජාන විකෘති උනොත් ෆිල්ම් වල වගේ සුපර් හියුමන්ස්ල බිහි වෙයිද?


දවස් ගානක් බ්ලොග් එක පාලුවට යවන්න උනාට ඉස්සෙල්ලම සොරි කියනවා. අවුරුදු සමරන්න ලැස්ති වෙන නිසා පොඩ්ඩක් ලැප් එකෙන් එලියට ගිහින් ගෙදර වැඩ වලට සප් එකක් දෙන්න උනා. එහෙනං බලමු මේ මොකද්ද ටොපික් එකේ දාල තියෙන සබ්ජෙක්ට් එක කියල. ප්‍රශ්නයක්නේ අහල තියෙන්නේ.. ඒකට උත්තරේ තමයි ඔව් කියන එක. හොලිවුඩ් ෆිල්ම් වල අපි දකින චරිත ඔරිජින් වෙන්නෙත් ගොඩක් වෙලාවට ජාන විකෘති වෙලා, ඇත්තටමත් ෆ්ලෑෂ් වගේ වෙන්න, රීඩ් රිචඩ්ස් වගේ ඉලාස්ටික් වෙන්න, එහෙම නැත්තන් වැන් ඩූම් වගේ විදුලියට ඔරොත්තු දෙන්න වගේ විශ්වාස කරන්න බැරි තරම් පවර්ස් ඇති වෙන්න පුළුවන් ජාන විකෘති නිසා.(හැබැයි ෆිල්ම් වල වගේ අසාමාන්‍ය විදිහට නෙමේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ටිකක් වැඩියෙන්)

06 April, 2017

මොලේ හැක් කරලා සුපිරි පොරක් වෙමුද (3 කොටස)

අද ඉතින් වෙච්ච පොරොන්දු ඉෂ්ට කොරල යන්න තමයි ආවේ. මන් කිව්වනේ අපී මොලෙන් වැඩ ගන්න හැටි කියල දීපු ආටිකල් සෙට් එකේ තුන් වෙනි කොටස ඉක්මනින් ගේනවා කියල. ඔන්න අද ඒ කොටස ගෙනාවා. අද මේ ලිපි මාලාව අවසන් කරන්න හිතාගෙන තමයි ඉන්නේ. මුලින්ම මේකේ මුල් කොටස් දෙක නොකියවපු උදවිය ඒ ටික මේ ලින්ක් දෙකෙන් කියවන්න. ඊට පස්සේ මෙතනට එන්න.

05 April, 2017

කුංග් ෆු වල තියෙන රියල් පුහුණුවීම්


කුංග් ෆු කිව්වම ඉතින් අපිට මතක් වෙන්නේ සුපිරිම ෆිල්ම් ටිකක්. ඒවගේ තියෙන අහසේ පාවෙන ගමන් ගහගන්න ඒවා එහෙම. ඊට අමතරව කීප දෙනෙක්ට කුංග් ෆු ආරම්භ උන shaolin පන්සල මතක් වෙයි. ඇත්තටම ෆිල්ම් වල කුංග් ෆු මාකට් කරලා පෙන්නුවට shaolin පන්සලේ කුංග් ෆු ඔය ෆිල්ම් වල වගේ තරහ ගිහින් කාගෙන් හරි පලිගන්න හිතිලා, එහෙම නැත්තන් සසර කලකිරිලා වාගේ හේතු වලින්  පුරුදු වෙන්න බෑ. ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරන්න ඕන(හොදම සටන් ශිල්පියෙක් වෙන්න).

04 April, 2017

ලෝකේ පැවතුන රහස් භාෂා

ඉතින් කොහොමද ඔයාලට? ඔයාල බලනවා ඇති මම ලියාගෙන ආව මොලේ හැක් කරන ආටිකල් එකේ තුන් වෙනි කොටස කෝ කියල. බය වෙන්න එපා ඒක අමතක නෑ ඒක දානවා. ඒත් එකම මාතෘකාව දිගටම යද්දී කට්ටියට බෝරින් වගේ නිසා මේ ආටිකල් එක මැදින් දාන්නේ. මේ ඉතින් කියන්න යන්න ලෝකේ පාවිච්චි කරපු රහසිගත භාෂා කීපයක් ගැන ඒවා භාවිතා කරපු හේතු එක්කම...

01 April, 2017

මොලේ හැක් කරලා සුපිරි පොරක් වෙමුද (2 කොටස)

අද ඉතින් ඔයාල මේ කියන දේ ගැන දන්නවා ඇති කියල හිතනවා.. කලින් දාපු ලිපියේ දෙවැනි කොටසින් තමයි මේ අපි හම්බෙන්නේ. අද අපි බලමු අපේ මොලේ අපිට ඕන විදිහට හසුරවල කරන්න පුළුවන් තව වැඩ මොනවද කියල.  ඉතින් මන් ගිය සැරේ කිව්වේ මයින්ඩ් පැලස් එකක් හදාගන්න හැටිනේ. ට්‍රයි කරලා එහෙම බලන්න ඇති නේද? අදත් ඒ වගේ දෙයක් ගැන බලමු අපි.  කලින් ලිපිය මිස් උනා නම් ඒක කියවල එන්න මෙතනින් පලවෙනි කොටස  
තුන කියවන්න මෙතනින් : 3 කොටස 

26 March, 2017

මොලේ හැක් කරලා සුපිරි පොරක් වෙමුද (1 කොටස)

සති අන්තේ පටන් ගනිද්දිම පොඩ්ඩක් කාර්යබහුල උන නිසා මොනවත් ලිපියක් ලියන්න වෙලාවක් සෙට් උනේ නෑ. ඒත් නොලියා බෑනේ. ඔන්න එහෙනං ටිකක් දිග ලිපියකට මුලපුරනවා. ටයිටල් එක දකිද්දීම තේරෙන්න ඇතිනේ මේ අපේ මනස ගැන කියල. මේ කතන්දරේ ටිකක් දිග නිසා මන් හිතුව කොටස් කීපයකින් පබ්ලිෂ් කරන්න. මේක ඉගෙන ගන්න අයට එහෙම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. අද කියන්න හිතුවේ එක කරුණක් විතරයි. ඊලග පෝස්ට් වලින් අනික් ටිකත් ඩෙෆා කියනවා.


දෙවැනි කොටස මෙතනින් : දෙවැනි කොටස 
තුන මෙතනින් : 3 කොටස 

23 March, 2017

ලෝකේ තහනම් කරපු අරුම පුදුම දේවල් | Strange Things Banned Around the World

ලෝකේ තහනම් කරලා තියෙන්නේ මොනාද කියලා අමුතුවෙන් කියන්නත් දෙයක්ද, ඩ්‍රග්ස්, වෙපන්ස් වගේ ඇති වෙනකන් දේවල් තහනම් කරලනේ තියෙන්නේ නේද? එහම තමයි හැමෝම හිතන්නේ. ඒක එහෙම උනාට ඔයාට උදේ ජොගින් පාරක් දාන එක, ගේම් ගහන එක, කැමති හෙයාස්ටයිල් එකක් දාන එක එහෙම වගේ දේවල් තහනම් කරොත් එහෙම මේ ලෝකේ ඉන්නේ මොකටද කියල ගලක් ගැටගහන් ගගේ පනින්න හිතෙනවනෙ... හැබැයි අපිට එහෙම හිතුනට ඒ නීති ඉවසගෙන ඉන්න අයත් ඉන්නවා. මේ කියන්නේ ලෝකේ තහනම් කරල තියෙන මහා අමුතු දේවල්.

20 March, 2017

රුපියල් 3000කින් ගෙදර ආරක්ෂාව තර කරමු | let's increase security of home for rs 3000

 ලග ලගම අවුරුදු කාලෙත් එනවා, සමහර විට දවස් දෙකක් විතර දුර ගමන් එහෙම සෙට් වෙන්නත් ඉඩ.. ඒ වගේ වෙලාවක ගිහින් එද්දී ඔයාට මොනවා හිතෙයිද ගෙදර හොරු කඩල තිබුනොත්? ඇත්තටම දැන් තාක්ෂනෙත් අප්ඩේට් වෙනකොට හොරුත් ඒ එක්කම අප්ඩේට් වෙනවා. ඉතින් අලුතෙන් ආරක්ෂක උපක්‍රම යොදන එක ගොඩක් වියදම්. cctv කැමරා එහෙම සෙට් කරන්න කී දාහක් යයිද, හැබැයි මේ කියන්නේ නම් එහෙම වියදම් නැතිව ඔයාලටම මිලදීගෙන ගෙදරට සෙට් කරන්න පුළුවන් ආරක්ෂක යෙදුම් ගැන. ඔයාට රුපියල් 3000ක් වගේ ගානකට මේ එක ගැජට් එකක් ගන්න පුළුවන්, රුපියල් තුන්දාහ වගේද  ගෙදර ආරක්ෂාවයි මිනිස්සුන්ගේ ජීවිතයි.

17 March, 2017

රෙසිපිය රහසිගත ඒත් ලෝකේ හැමෝම දන්නා කෑම බීම | secret recipes

මාතෘකාව දැක්කම අනිවා ඔයාට හිතෙන්න ඇති හැබෑටම එහෙමත් කෑම බීම තියෙනවද කියල. ඇත්තෙන්ම තියෙනවා. ඔයා කෑම ලෝලියෙක් නම් (බඩජාරියා කියල නෙමේ කිව්වේ) මේ ආටිකල් එක ඔයා වෙනුවෙන්ම තමයි. එහෙම කියල අනික් අය නොකියව ඉන්නෙපා.
tip: එක කෑමක් නම් හදන විදිහත් තියෙනවා යටින් දාල 


16 March, 2017

ස්ටාර් වොර්ස් වගේද බ්‍රෝ ගැලැක්සි වෝර්ස්? | collision of galaxies

කට්ටිය බලනවා ඇති නේද මේ මොකක්ද කියන්නේ කියල. මේ කියන්න යන්නේ විශ්වය ගැන හොයල බලන්න ආස අයට ඉනරස්ටින් ටොපික් එකක්. මේ කියන්න යන්නේ ගැලැක්සි දෙකක්... ඒ කියන්නේ චක්‍රාවාට දෙකක් එකිනෙක හා උනොත් වෙන දේ. වෙන කොහෙවත් තියෙන ගැලැක්සි නෙමේ මේ. අපි අයත් වෙන කිරි සයුරයි අපේ ලහම හිතවතා ඇන්ඩ්රෝමීඩා එකිනෙක ගැටුනොත් මොකද වෙන්නේ කියල.

13 March, 2017

2017 එන සුඛෝපභෝගී අත් ඔරලෝසු | luxury watches for 2017


අපි ඕනෑම කෙනෙක් උත්සහ කරන්නේ අද ඉන්නවට වඩා හෙට දවස සැපවත් කරගන්නනෙ. ඒ කියන්නේ සරලව අදට වඩා හෙට හොදට කාල ඇඳලා ඉන්න. සාමාන්‍ය ජීවිත ගත කරන අපි එහෙම උනාට රත්තරන් හැන්ද කටේ තියන් මෙලොව දැක්ක උදවිය අපි රුපියල් 1000කින් කරන දෙයට ලක්ෂ ගණන් වියදම් කරන්න ලෑස්තියි. එහෙම කරන වියදම් ගණයට ඔරලෝසු වලට කරන වියදම් සලකන්න පුළුවන්. සාමාන්‍ය ජීවිත ගත කරා කියල නෑ ඕනෑම කෙනෙක් ආසයිනේ මේ වගේ දේවල් ගැන දැනගන්න. ඔන්න මේ අවුරුද්දේ එන ලක්සරි වොච් ගැන තමයි මේ.

11 March, 2017

ඇපල් 8 එකේ ලීක් උන විස්තර | leaked tech specs of apple 8

ඔන්න මං තාක්ෂනය ගැන ලියන පළවෙනිම පෝස්ට් එක. 2017 එන්න තියෙන ඇපල් ෆෝන් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ ගැන සමහරවිට ඔය දැනටමත් දන්නවා ඇති. නොදන්නවානම් කියවලම බලන්නකෝ. .

09 March, 2017

සේසතම උකස් කරලා කන්න වෙන කෑම | non-affordable foods

ඔන්න අද නම් වචනයේ අර්ථයෙන්ම රසවත් මාතෘකාවක් තමයි අරන් එන්නේ. කෑම කිව්වට ඉතින් මේ ඩෙසර්ට් වගයක් ගැන කියන්න යන්නේ. විශේෂත්වේ තමයි මේවා කන්න වාසනාව තියෙන්නේ ලෝකේ ඉතාම සීමිත පිරිසකට.. ඒ කියන්නේ බ්‍රෝ මෙව්වා පට්ට ගණන්. අපි සාමන්යෙන් රුපියල් දෙසීයෙන් තුන්සීයෙන් ශේප් කරගන්න ඒවා වගේ නෙමේ මේවා. ගෙවල් දොරවල් උකස් කරලා කන්න වෙන්නේ. කියවලම බලන්නකෝ. tip: ලංකාවේ දෙකකුත් තියෙනවා හොදේ

08 March, 2017

කිට මරණ කලාව (2 කොටස) | art of wearing full suit (part 2)

ඔන්න පොරොන්දු උන විදිහටම මන් අද දෙවැනි කොටස අරන් එනවා. ඊට කලින් විචාරක තුමාගෙන් සමාව අයදිනවා. මොකද එතුමා මේ වගේ එකක් ලියල තියෙනවා කියල ආරංචියක් ආව. 
අද අපි එහෙනම් බලමු මොනවද ජැකට් වර්ග, කොහොමද ටයි ගැටේ ගහන ක්‍රම, පොකට් ස්ක්වයා එක නවන ක්‍රම, බෝ එක,  කාරණා ටිකක්. අද ඉතින් ලියන දේවල් අඩුයි 
මේක කියවන්න කලින් පලවෙනි එක නොකියවපු අය මේ ලින්ක් එකෙන් යන්න 

06 March, 2017

කිට මරණ කලාව (1 කොටස) | art of wearing full suit (part 1)


ඔන්න අද මන් හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන ආටිකල් එකකට මුල පුරනවා. මේක කොල්ලන්ට විශේෂ උනාට කමක් නෑ කෙල්ලොත් කියවල තමන්ගේ කොල්ලට මේ ගැන කියල දෙන්න 😉. අපි බලමු මේ ෆුල් සූට් එක මොකක්ද වගේම එක  නිවැරදිව අදින්නේ කොහොමද කියල. සරල සිංහලෙන් ෆුල් සූට් එකට ෆුල් ගයිඩ් එකක් තමයි මේ.

05 March, 2017

මැජික් ඉගෙන ගමුද? | let's learn magic

ඔන්න අද අරන් ආව හැමෝටම ඉන්ටරස්ටින් ආටිකල් එකක්. ඒ තමයි මැජික්. මන් හිතනවා ඊයේ හැමෝම වගේ ස්වාධීන රූපවාහිනියේ youth with talent ප්‍රෝග්‍රෑම් එක බලන්න ඇති. එකේ අරුන් මෝලි විසින් කරන ට්‍රික්ස් එහම ඔයාල දකින්න ඇතිනේ. කොහොමද ඔහු ඒවා කරන්න ඇත්තේ. අපි එහෙනං බලමු ටිකක් මේ ගැන කතා කරලා. ඔන්න කලින්ම කිව්වා මේක මැජික් වල විශ්මිත බව ඒ විදිහටම විදින්න ආස අය කියවන්න එපා. මොකද මේක කියෙව්වම ඔයාට ආයේ මැජික් බලද්දී ගොඩක් දේවල් අවබෝද වෙන්න ගනියි. එතකොට පුදුමයක් නෑනේ.

04 March, 2017

චිකාගෝ ඔටෝ ෂෝ | chicago auto show

ටොපික් එක දැක්කම තේරෙනවනේ මොකක් ගැනද අද මන් කියන්න යන්නේ කියල. වාහන පිස්සෝ නම් සමහර විට දැනටත් මේකේ විස්තර එහෙම දන්නවත් ඇති. නොදන්නවා නම් ඇවිල්ල බලන්නකෝ. මේ තමයි 2017 චිකාගෝ ඔටෝ ෂෝ එක. මේකේ ප්‍රධානම කරුණු ටිකක් තමයි මේ. 
tip: මුලින් බොරින් වගේ නම් අන්තිම අයිටම් එක පොඩ්ඩක් කියවල ඉන්න.(ෆොටෝස් වලට කලින් තියෙන එක )

03 March, 2017

මිනිස්සුන්ග්ගේ සිරුරු ඇතුලෙන් හමු උන අමුතු අයිටම්ස් | weird objects found in human bodies

 ඔන්න ඉතිං අදත් අමුතු ෆැක්ට්ස් ටිකක් අරන් ආව. මේක කියවල ඔයාල පුදුම වෙන එක නම් අනිවාර්යයි. ඔව් අද මන් කියන්න යන්නේ මිනිස්සුන්ගේ ශරීර වල තිබිල හම්බුන විශ්වාස කරන්නත් බැරි තරම් දේවල්. නෑ නෑ .... කෑම බීම, ශරීර අවයව හරි ස්වබාවික දේවල් වගේ ඒවා නමේ. එහෙනං කියවලම බලන්නකෝ මොනවද කියල.......

ඉස්සර උනා කියල අදටත් විශ්වාස කරන බොරු | historic lies we still believe in

ඔන්න මන් අදත් අලුත් දෙයක් ඔයාලට ගේනවා. ඇත්තටම මේක අලුත් කිව්වට ගොඩක් ඉස්සර ඉදල විශ්වාස කරන කරුණු ටිකක් ගැන තමයි කියන්න යන්නේ. මේ කරුණු අපි අදටත් විශ්වාස කරන්නේ ඇත්තටම සිද්ද උන වග. නමුත් සත්‍ය තත්වය ඊට වඩා වෙනස්. වැඩි කතන්දර නැතුව අපි සබ්ජෙකට් එකට එමු....

02 March, 2017

මොකද්ද මේ ඔස්කාර් | what is OSCAR

ඉතින් යාලුවනේ. මේක තමයි අපි හමු වෙන පළමු ලිපිය. 
මන් පලවෙනියමට ලියන්න තෝරාගත්තේ මේ දවස් වල හිට් වෙලා තියෙන විශේෂයෙන් බටහිර රටවල් වල නම් මේ දවස් වල අංක එකේ ඉවෙන්ට් එක..එහෙම කිව්වට ඉතින් ලංකාවේ අපිත් ඕක ගැන හොයනවා බලනවා.... ඒ තමයි ඔස්කාර් සම්මාන උළෙල...

01 March, 2017

beginning | ඇරඹුම



ඔබ  PawanzPEDIA වෙත සාදරයෙන් පිලිගන්නවා 

මෙම බ්ලොග් අඩවිය මම මාස ගණනකට පෙර තිබු සිහිනයක පලයකි. මම සාමාන්යයෙන් කියවල සොයා බලන දේවල් ගැන යම් දැනුමක් මේක කියවන්න එන ඔයාලගේ දැනුමට එකතු කීරීම තමයි ප්‍රදාන පරමාර්ථය. මෙම අඩවියේ සෞඛ්ය, ජීවන රටාව, සංස්කෘතිය සහ ඉතිහාසය වැනි පුළුල් පරාසයක පැතිරුණු, ලෝකයේ නව තාක්ෂණික ප්රවණතා විෂයන් හා තවත් බොහෝ දේවල් අන්තර්ගත කරන්න හිතන් ඉන්නවා. මෙම බ්ලොග් අඩවිය කියවන සෑම කෙනෙකුටම පහසු වීම සඳහා ලියන්න බලාපොරොත්තු වෙනව සරල විදිහට.

බ්ලොග්ග්කරණය පිලිබදව අත්දැකීම් නැති නිසා දැනට මේ පවතින සැකැස්ම කියවීමට එන ඔබේ පහසුව සදහා ඉදිරියේදී අත්දැකීම් හා ඔබේ යෝජනා හා චෝදනා සමග වෙනස් වනු ඇති. මෙම අඩවිය මගින් ඔබ යමක් දැනගනු ඇතැයි විශ්වාස කරමි. මෙහි පැමිණෙන ඔබ සියලුදෙනා සාදරයෙන් පිළිගන්නා අතර ඔබගේ අදහස් හා යෝජනා සතුටින් අගය කරමි. පවන්ස්පීඩියා සමග ඔබ රැදී සිටීම මේක දිගටම කරගෙන යන්න ලොකු ශක්තියක්.

එහෙනං මගේ පළමු ලිපියෙන් හමු වෙමු.

ඔබට ස්තුතියි.😊

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)