විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

16 March, 2017

ස්ටාර් වොර්ස් වගේද බ්‍රෝ ගැලැක්සි වෝර්ස්? | collision of galaxies

කට්ටිය බලනවා ඇති නේද මේ මොකක්ද කියන්නේ කියල. මේ කියන්න යන්නේ විශ්වය ගැන හොයල බලන්න ආස අයට ඉනරස්ටින් ටොපික් එකක්. මේ කියන්න යන්නේ ගැලැක්සි දෙකක්... ඒ කියන්නේ චක්‍රාවාට දෙකක් එකිනෙක හා උනොත් වෙන දේ. වෙන කොහෙවත් තියෙන ගැලැක්සි නෙමේ මේ. අපි අයත් වෙන කිරි සයුරයි අපේ ලහම හිතවතා ඇන්ඩ්රෝමීඩා එකිනෙක ගැටුනොත් මොකද වෙන්නේ කියල.

මොනාද මේ ඇන්ඩ්රෝමීඩා? මිල්කි වේ??



මේ දෙකම අයත් වෙන්නේ චක්‍රාවාට ගණයට, චක්‍රාවාට කියන්නේ තාරකා පන්ති බිලියන ගානක්, දුවිලි අංශු, වායුන්, විවද ග්‍රාහක කොටස් වගේ එකී නොකී දේවල් ගුරුත්වයක් මගින් එකිනෙකට ආකර්ශයනය වෙලා තියෙන ආලෝක වර්ෂ මිලියන ගණන් වලින් දුර මනින්න පුළුවන් දැවැන්ත පද්දති.

ව්වනේ අපේ ලගම හිතවතා ඇන්ඩ්රෝමීඩා කියලා. ඉතින් ලගම කිව්වට ඇන්ඩ්රෝමීඩා චක්රවාටය පිහිටලා තියෙන්නේ අලෝකවර්ෂ මිලියන දෙකයි දශම පහකින්. දැනට විශ්වාස කරන උපරිම වේගය කියන්නේ ආලෝකයේ වෙගයනේ. මේ වේගෙන් ගියත් අවුරුදු මිලියන දෙක හමාරක් යන්න වෙනවා අන්ඩ්රෝමීඩාවට ලගා වෙන්න. (තව අවුරුදු දහස් ගානක් යනකන් එහෙම තාක්ෂණයක් නම් එන්නේ නෑ) ඒ වගේම ඇන්ඩ්රෝමීඩා හදුන්වන නම් තමයි NGC224 හා M31(1764 දි charles messier තමයි මේ නම දාන්නේ)
ඇන්ඩ්රෝමීඩා
කියන්නේ. මැගලනික් ක්ලවුඩ්ස් වගේ පොඩි පොඩි ගැලැක්සි ඇරුනම ලොකුම ලගම ගැලැක්සි එක තමයි මේ.චක්‍රාවාට වල හැඩයන් අනුව වර්ග කරාම මිල්කි වේ (අපි ඉන්න කිරි සයුර) වගේම මේ කියන ඇන්ඩ්රෝමීඩා එකත් එකම හැඩයට අයත් වෙන්නේ. ස්පයිරල් (දගරාකාර) හැඩය කියල තමයි ඒ හැඩය හදුන්වන්නේ.
මිල්කි වේ එක නම් මේ වෙද්දී ඔයාල දන්නවනේ අපි ඉන්න ගැලක්සිය කියල. මේ කිරි සයුර කියල නම හැදිලා තියෙන්නේ පෘථිවියේ කෝණෙන් බලද්දී පේන විදිහ නිසා.
මන් මේ දෙක හදුන්වා දීමක් කරේ සරලව, මොකද මේ දෙක හදුන්වන්න නෙමේනේ ආවේ අද. ඔයාල මේ ගැන වැඩි විස්තර විකිපීඩියා එකේ හොයල බලන්න ගැලැක්සි ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි ඔයාලට.

මිල්කි වේ 

ඔන්න ටොපික් එක: මේ ගැලැක්සි ගැටුනොත් මොනවා වෙයිද???


මේ ප්‍රශ්නෙට උත්තරේ සපයල තියෙන්නේ ආධුනික තාරකා විද්‍යාඥයෙක් වගේම ගවේෂකයෙක් වන Martin Silvertant. බලමු එහෙනං මෙයා මොනවද කිව්වේ කියල.
 පළවෙනියටම කියන්න ඕන දේ තමයි මේක කවදාහරි සිද්ද වෙන දෙයක්. ඒ කියන්නේ රියලිටියක්. නමුත් මේක සිද්ද වෙන්න පටන් ගන්න අවශ්‍යතාවය....ඒ කියන්නේ මේ ගැලැක්සි දෙක tidal pull (ඒවායේ අධික ගරුත්වය නිසා එකිනෙකට ආකර්ෂණය වීම) පටන් ගන්නේ තව අවුරුදු බිලියන 3.7ක් වගේ අපිට හිතාගන්නත් බැරි කාලයක් ගියාම. ඒ කියන්නේ ජිවින්ගේ පරිනාමය එහෙම විශාල වෙනස්කම් ගොඩකට ලක් වෙලා ඒ වෙද්දී. මේ ටයිඩල් පුල් කියන එක ගුරුත්වයේ ද්විතිය බලයක් විදිහට තමයි සලකන්නේ. ඔන්න ආයේ කතාවට එමුකො. දැන් මේ විදිහට අවුරුදු බිලියන 3.7කින් මේ ආකර්ෂණය පටන් ගත්තට් කොලිෂන් එක එහෙම නැත්තන් ගැටීමේ මුල්ම අවදිය පටන් ගන්නේ අවුරුදු බිලියන 4කින්. මේ ගැන පොඩි අදහසක් ගන්න මෙහෙම කියන්නං. 

  • අද වෙද්දී පෘතුවියේ වයස අවුරුදු බිලියන 4.5යි
  • මිල්කි වේ එකට අවුරුදු බිලියන 13.2යි 
  • පෘතුවිය මත එකසෛලි ජීවින් ඇති වෙලා අවුරුදු බිලියන 3,8යි. 
දැන් තේරෙනවා ඇතිනේ මේක තව කොච්චර කල් යයිද වෙන්න කියල. 

මේකේ විද්‍යාත්මක පදනම මෙහෙමයි 

දැනට ගණන් බලල තියෙන විදිහට මිල්කි වේ එකේ ස්කන්ධය සුර්ය ස්කන්ධ 8.5 × 1011 M☉ තරම් අගයක් ගන්නවා. සුර්ය ස්කන්ධ එකක් කියන්නේ 1.98892×1030 kg තරම් අති දැවැන්ත අගයක්. අන්ද්රෝමීඩා එක 1.23 × 1012 M☉ ස්කන්ධයක් ගන්නවා. මේ ස්කන්ධ දෙකේ තියෙන ආකර්ෂණය නිසා දැනටමත් ටික ටික ලං වෙමින් තියෙන්නේ. මෙහෙම ලං වෙලා මේක එකක් බවට පත් වෙන අවස්ථාවට තව අවුරදු බිලියන දෙකයි, එතනින් පස්සේ තමයි ගැටීම දක්වා යන්නේ. මේ එක ගලක්සියක් වන අවස්ථාවේදී මේකේ ස්කන්ධය සුර්ය ස්කන්ධ 2.08 × 1012 වෙයි කියල ගණන් බලල තියෙනව. මේ ඉලිප්සාකාර චක්‍රාවාටය මිල්කොමීඩා හෝ මිල්ඩ්රොමීඩා ලෙස හදුන්වනවා.ඒ වගේම දැනට අන්ඩ්රෝමීඩාවේ තාරක බිලියන 500ක් සහ මිල්කි වේ එකේ බිලියන 200ක් විදිහට ගණන් බලල තියෙනව මේ ගැලැක්සි දෙක එකක් උනාම ඔක්කොම තරු බිලියන 700කින් යුක්ත වෙනවා.

දැන් බලමු මේ ගැලැක්සි දෙක අතර අන්තර්ක්‍රියා මොනවද කියල. ඒ කියන්නේ දැනට තියෙන විද්‍යාත්මක කල්පිතයන්. 
මේ චක්‍රාවාට දෙක අතර වෙන අන්තර් චේදනයෙන් මිල්කි වේ දෙකක් විදිහට පෙන්න ගන්නවා, මෙතැනදී අන්ඩ්රෝමීඩා එක පොඩ්ඩක් ඈතට ගියත් තියෙන අධික ගුරුත්වය නිසා කෙලවර දෙකක් සහිත දගරාකාර සැකස්ක්මක් සහිත ගැලැක්සි එකක් බවට පත් වෙයි කියල අනාවැකි කියන්නේ. කිරි සයුරේ අංශු මාලාවේ අධික බලය නිසා අන්ඩ්රෝමීඩා චක්රවාටයේ කක්ෂීය බලය හීන වෙන නිසා ඒක ආලෝක වර්ෂ සිය ගණනක් ඇකිලෙයි කියලා තමයි කියන්නේ. මෙතනින් පස්සේ තමයි ගැටීමේ ආරම්බය. මේක හෙමිට ආරම්බ වෙලා මේ ගැටීමේ වේගය ක්ෂණික ගැටීමක් දක්වා වෙනව. ඇත්තටම මෙතන ක්ෂණික ගැටීමක් කිව්වට මේ ගැටීම අවුරුදු මිලියන සීයක් විතර සිද්ද වෙනවා. එක අපිට ඉතා ලොකු කාලයක් උනාට විශ්වීය සංසිද්දී වලදී ඉතාම කුඩා කාලයක්, හරියට පැය අටක් ඉස්කෝලේ ඉදල ඉස්කෝලේ ඉවර වෙන බෙල් එක තප්පර කීපයකින් ගහනව වගේ. මේ ක්ෂණික අවරුදු මිලියන සීයේ ගැටීම සිද්ද වෙනවා මේ ගැලැක්සි දෙකම එකක් වෙලා එලිප්සාකර තනි ගලක්සියක් නිමවෙනකන්, ඒ හැදෙන කෙලවර දෙකක් සහිත දැවැන්ත ගැලැක්සි එක the great milky way කියල තමයි හදුන්වන්නේ.
මේ ක්‍රියාදාමය අලුත් තාරකා විශාල ගණනක් වගේම විනාශ වෙන්න හේතුවක් වෙනවා. (සාමාන්යෙන් ශතකයකට තාරකා දෙකක් පුපුරලා විනාශ වෙනව කියල තමයි දැනට ගණන් හදල තියෙන්නේ, නමුත් මේ ගැලැක්සි යුද්ද්දේ ඉවර වෙලා ගැලැක්සි එක නිසසල වෙනකන් තරු පුපුරම රේට් එක අව්රුද්ට එකක් තරම් වැඩි වෙයි කියල කියන්නේ)
ඒ වගේම ඇති විශාල කළු කුහර ඇති වෙන්න තියන ඉඩකඩත් වැඩියි.ඒ වගේම දැනට තියන ඒවත් එකිනෙක යා වෙනව.

ඔන්න ඕව තමයි Martin Silvertant කිව්ව විදිහට ගැලැක්සි සටනේ තොරතුරු. 

ඉතින් මේක කියවන ඔයාලගෙනුත් උදව්වක් ඕන. මහන්සි වෙලා මේ විස්තර හොයල ලියන්නේ ඔයාල ඇවිල්ල කියවන එකෙන් එන ගැම්ම නිසාමයි. ඒ නිසා ඔයාලගේ ෆීඩ්බැක් එක ගොඩක් වටිනවා උදව්වක් විදිහට බ්ලොග් එක ෆලෝ කරන්න දකුණු පැත්තේ නිල් පාට බට්න් එක ක්ලික් කරලා, වම පැත්තේ තියෙනව ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක ඒකටත් ලයික් එකක් දාන්න. ඇත්තටම සතුටුයි දවසට වීව්ස් දෙසීයක් කිට්ටු වෙන්න තියෙනවා ආරම්බයේදීම. ආපු අයට ස්තුතිය්. කාටත් කලින් මේකේ දාන පෝස්ට් බලන්න ආස නම් වමට වෙන්න තියෙන දෙවැනි බොක්ස් එකේ මේල් එක සබ්මිට් කරන්න. 

No comments:

Post a Comment

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)