විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

23 March, 2017

ලෝකේ තහනම් කරපු අරුම පුදුම දේවල් | Strange Things Banned Around the World

ලෝකේ තහනම් කරලා තියෙන්නේ මොනාද කියලා අමුතුවෙන් කියන්නත් දෙයක්ද, ඩ්‍රග්ස්, වෙපන්ස් වගේ ඇති වෙනකන් දේවල් තහනම් කරලනේ තියෙන්නේ නේද? එහම තමයි හැමෝම හිතන්නේ. ඒක එහෙම උනාට ඔයාට උදේ ජොගින් පාරක් දාන එක, ගේම් ගහන එක, කැමති හෙයාස්ටයිල් එකක් දාන එක එහෙම වගේ දේවල් තහනම් කරොත් එහෙම මේ ලෝකේ ඉන්නේ මොකටද කියල ගලක් ගැටගහන් ගගේ පනින්න හිතෙනවනෙ... හැබැයි අපිට එහෙම හිතුනට ඒ නීති ඉවසගෙන ඉන්න අයත් ඉන්නවා. මේ කියන්නේ ලෝකේ තහනම් කරල තියෙන මහා අමුතු දේවල්.
1 වීඩියෝ ගේම් ගහන එක :ග්‍රීසිය


අම්මෝ ඉතින් අපේ අයියල දැන් පින් දෙනවා ඇති ග්‍රීසියේ උපන්නේ නැති එකට. 2002 ඉදල ක්‍රියාත්මක වෙන පරිදි ග්‍රීසියේ රජය වීඩියෝ ගේම් සෙල්ලම් කරන එක තහනම් කරනවා. වීඩියෝ ගේම් වලට ඇබ්බැහි උන අය විවිද සමාජ විරෝදී වැඩ වලට සෙට් වෙනවා කියන මතය තමයි මේ තහනම පනවන්න හේතුව වෙන්නේ. ගෙදරට වෙලා වීඩියෝ ගේම් ගැහුවත් ඉතින් මහා උළු ගෙදර කුරු ගනින්න වෙන්නේ. ලංකාවෙත් සමහර රැලි වලට මේ වගේ නීති එනවනම් නේද??

2  අකුරු ගලපලා බබාට නමක් තියන්ඩ බෑ මෙයා. : ඩෙන්මාක්


ඔයා ඩෙන්මාක් වල ඉදල අපේ ලංකාවේ වගේ අකුරු, ඇලපිලි පාපිලි ගලපලා නමක් දාන්න එහෙම බෑ. ඩෙන්මාකයේ අලුත උපන් ළමයින්ට අම්මලට කැමති විදිහට නම් දාන්න තහනම්. එහෙම කරන්න නම් විශේෂ අවසරයක් ඕන. මේ ගොල්ලෝ රජයෙන් අදුන්වල දීපු නම් වලින් එකක් තමයි තෝරාගන්න ඕන. ප්‍රශ්නයක් නෑ ඉතින් නම් 24000ක්ම තියෙනවා. ලොකු රේන්ජ් එකක් තියෙන නිසා හොද නමක් හොයාගන්න පුළුවන්. මෙහම කරන්නේ අම්මල විකාර නම් දාන හින්දලු (හැබැයි ලංකාවටත් මේ නීතිය තිබ්බනම් හොදයි, මේ යන විදිහට ඉස්සරහට ලංකාවේ බබාලට හල්ක්, අයන් මෑන්, මුලද්‍රව්‍ය වල නම් වගේ ඒවත් දාන කාලේ ඈතක නෙමේ)

3  බටහිර හෙයාකට්ස් : ඉරානය


ඔයා හිතන්නකෝ මොකක්ම හරි හේතුවකට ඔයාට ඉරානෙට යන්න උනා මාස ගානකට.. එහෙම ඉද්දි ඔයාට හිතෙනවා බෙකම් එක කපාගන්න....එහෙනං ආපහු වීසා අරන් කට් එක කපාගෙන ආපහු යන්න වෙන්නේ. මොකද ඉරානයේ බටහිට කොන්ඩ මෝස්‌තර වලට ඉඩක් නෑ. කොන්ඩ විතරක් නෙමේ ටැටූ, රැප් මියුසික්, ජීන්ස්, සුරතල් බල්ලෝ පූසෝ එහෙමත් තහනම්. මෙහෙම කරලා තියෙන්නේ රට බටහිරකරණය වෙන එක වලක්වන්නලු. මේ හෙයාකට් තහනම් එකට නම් තව හේතුවක් තියෙනවා. මේ තීරණේ එහෙ බාබර්ලාගේ සංගමේ ගත්ත තීර්නයක්ලු. ඒ කොන්ඩ මෝස්‌තර යක්ෂයාව අදහන අය නිරුපනය වෙනවා කියල....

4ජොගින් තහනම්??? : බුරුන්ඩි
 


කවුද අකමැති ලෙඩ නැතුව පොඩ්ඩක් ස්මාට් වෙලා ඉන්න... ඕකටනේ ඉතින් අපේ අයියල අක්කල උදේම රනින් ට්‍රැක් එකකට පනින්නේ...සෝබනේට කරන අයත් ඉන්නවා (ඔය දුවන වෙලාවට මේකප් කරන් එන්නේ එහම අය තමයි.) කොහොමහරි ස්මාට් වෙන්න උනත් සෝබනේට උනත් බුරුන්ඩි වැසියන්ට නම් ජොගින් තහනම්. හැබැයි මේ වෙනුවට ෆුට්බෝල් සෙල්ලම් කරන එක නම් තහනම් කරන එකක් නෑ මොකද මෙහෙ ජනාධිපති තුමා ෆුට්බෝල් ලෝලියෙක්. මේ නීතිය අරන් එන්නේ නම් ෆුට්බෝල් ප්‍රොමෝට් කරන්න නෙමේ.. එහෙ ජාතින් අතර ප්‍රශ්න ඇති වෙනවලු නිතර.. විවිද ජාතින් එකිනෙකා ගැටෙන එක වලක්වන්න තමයි මේ නීතිය දාන එකේ පරමාර්ථය.

කෙචප් සෝස් තහනම : ප්‍රංශය

පොඩ්ඩක් පුදුම හිතෙන්න ඇති නේද ප්‍රන්ශේ වගේ කෑම වලට ප්‍රසිද්ද රටක සෝස් තහනම් කිව්වම... මේ තහනම ගේන්නේ ප්‍රංශයේ ආහාර සන්න්ස්කෘතිය රකින්නම තමයි. (එහෙම කියල අපේ රටේ තිහේ මාළු බනිසට හැටක සෝස් දාන සංස්කෘතිය නවත්තන්න මේ නීතිය ගෙනාවොත් කඩවල් වහන්න වෙන්නේ )  ප්‍රංශයේ ගොඩක් තරුණ පරම්පරාව ඕනවට වැඩ සෝස් පාවිච්චි කරලා එහෙ ඔරිජිනල් සුපසාස්ත්‍රය විනාස කරනවා කියල තමයි මේ නීතිය දාන්නේ. හැබැයි සෝස් ඕනෑම නම් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඔර්ඩර් කරලා සෝස් වල රස බලන්න අවසර තියෙනවා.


6 රියදුරු අසුන කාන්තාවන්ට උරුම නැත : සවුදි අරාබිය.


සාමාන්‍යයෙන් සවුදි අරාබිය කියන්නේ කාන්තාවන්ට ගොඩක් දේවල් තහනම් කරලා තියෙන රටක්නේ... සරලව කිව්වොත් ජොබ් කරන්නත් බෑ. ගෑනු අයට සමාජ ඇසුරක් නෑ. කොහේ හරි ගියත් තමන්ගේ සහකාරය එක්ක. මේ ගොඩක් නීති එන්නේ කුරානය හරහා උනත් කුරානයේ නැති නීතිත් කාන්තාවට දාල තියෙනවා. ඒ විදිහට දාපු එකක් තමයි මේ වාහන පදවන එක තහනම් කියන නීතියත්.

තම බිරිදගේ උපන් දිනය අමතක කීරීම : සැමෝවා  

සැමෝවා කියන්නේ ඉතා කුඩා දුපතක් පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරයයි දකුණු පැසිෆික් සාගරයයි සීමාවේ ඉන්දියන් සාගරය පැත්තට වෙන්න. මෙහෙ තියෙන මේ නීතිය නිසා අපේ රටේ ගැහැණු උදවියටත් එහෙ පදිංචි වෙන්න හිතෙයිද දන්නේ නෑ. එහෙ බිරිදගේ උපන් දිනය අමතක කරා කියන්නේ වරදක්. ඉතින් මෙහෙ විවාහක පිරිමි ඔක්කොම වගේ කොහේ හරි සටහනක් දාල තියාගේනලු ඉන්නේ... හිරේ ගියා නොගියා....එත් ඉතින් වයිෆ්ගේ උපන්දිනේ මතක නැති උනොත් හිරේ යන එක ගෙදර ඉන්නවට වඩා  සැපයි කියල හිතෙනවත් ඇති එහෙ අයට. එහෙම හිතල ගෙනාව නීතියක්ද දන්නෙත් නෑ..

බල්බ් එක පිච්චුන පලියට අලුත් එකක් දාන්න බෑ. : ඔස්ට්‍රේලියාව


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා කියන ප්‍රදේශයේ තියෙන නීතියක් තමයි මේ. සාමන්යෙන් අපි නම් බල්බ් එකක් මාරු කරන එක පොඩි කාලේ ඉදලම වගේ කරනවනේ, කිසිම ලොකු දැනුමක් නැතිව.  හැබැයි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රදේශයේ තමන්ගේම ගෙදර බල්බ් එක උනත් බලපත්‍ර නැති කෙනෙක් ඒ කියන්නේ බලයලත් විදුලි කාර්මිකයෙක් නැතිව බල්බයක් මාරු කරන එකත් නීති විරෝදියි. ආරක්ෂාවට මුල්තැන දීල දාපු නිඉතියක් මේක.

9ඔක්කොම තහනම් : උතුරු කොරියාව


මේ කියන්නේ ඔක්කොම තහනම් කියල තමයි. උතුරු කොරියාව කියන්නේ ඒකාදිපති පාලනයකින් දුවන රටක්. මෙහෙ පොඩි වරදක් කරත් මරණිය දණ්ඩනය හිමි වෙන තරම් දරුනුයි ටී වී බලන එක තහනම්. රේඩියෝ අහන්න අවුලක් නෑ හැබැයි රජයේ චැනල් එක විතරයි යන්නේ. දේශ සීමාවට ගිහින් දකුණු කොරියාවේ රේඩියෝ චැනල් අහල අහු උනොත් එත් දඩුවම. සින්දු අහන්න, රටින් පිට වෙන්න, අදහසක් ප්‍රකාශ කරන්න, ප්‍රසිද්දියේ සද්දෙට හිනා වෙන එක,ආගමක් අදහන එක, නිල පාට ජීන්ස් අදින එක, කොන්ඩේ කපන්න බෑ රජයෙන් නියම කරපු කට් ඇරුනම. බාහිර ලෝකෙට සම්බන්ද වෙන්න තහනම්. මෙහෙ අයි පී ඇඩ්රස් තියෙන්නේ 1000 ගානක්... ඒ කියන්නේ එච්චරයි ඉන්ටනෙට් බාවිතා කරන්නේ එකත් රදල පවුල්. එයාලගෙම සිස්ටම් එකක්. අඩුම තරමේ උතුරු කොරියාව කියනට් තහනම්.... අනිවා කොරියාව කියල කියන්න ඕන. නැත්තන් හිරේ....

තව ලිපියකින් නැවත හමු වෙමු....

බ්ලොග් එක ෆලෝ කරන්න දකුණු පැත්තේ නිල් පාට බට්න් එක ක්ලික් කරලා, වම පැත්තේ තියෙනව ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක ඒකටත් ලයික් එකක් දාන්න කාටත්  කලින් මේකේ දාන පෝස්ට් බලන්න ආස නම් වමට වෙන්න තියෙන දෙවැනි බොක්ස් එකේ මේල් එක සබ්මිට් කරන්න

5 comments:

  1. Replies
    1. ප්‍රතිචාරයට ස්තුතිය් සහෝදරයා. අලුත් ලිපි දැම්මේ නැද්ද වාසිතයේ??

      Delete
  2. කිරි අප්පට බල්ලෝ බුරපි ..
    මෙහෙටත් ගෙන්න ඕනේ හොන් එකේ සද්දේ ට

    ReplyDelete

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)