විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

26 March, 2017

මොලේ හැක් කරලා සුපිරි පොරක් වෙමුද (1 කොටස)

සති අන්තේ පටන් ගනිද්දිම පොඩ්ඩක් කාර්යබහුල උන නිසා මොනවත් ලිපියක් ලියන්න වෙලාවක් සෙට් උනේ නෑ. ඒත් නොලියා බෑනේ. ඔන්න එහෙනං ටිකක් දිග ලිපියකට මුලපුරනවා. ටයිටල් එක දකිද්දීම තේරෙන්න ඇතිනේ මේ අපේ මනස ගැන කියල. මේ කතන්දරේ ටිකක් දිග නිසා මන් හිතුව කොටස් කීපයකින් පබ්ලිෂ් කරන්න. මේක ඉගෙන ගන්න අයට එහෙම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. අද කියන්න හිතුවේ එක කරුණක් විතරයි. ඊලග පෝස්ට් වලින් අනික් ටිකත් ඩෙෆා කියනවා.


දෙවැනි කොටස මෙතනින් : දෙවැනි කොටස 
තුන මෙතනින් : 3 කොටස 
කතාව පටන් ගනිද්දිම මිනිස් මොලය ගැන ටිකක් කියන්නම්. ඔයාල හැමෝම දන්නවනේ මොලය වම දකුණ කියල දෙකක් තියෙනවා වම් මොලය තාර්කික හැකියාවන්, ගණිතමය හැකියාවන් වලට විශේෂීකරණය වෙලා වගේම දකුණු මොලය තමයි හැම සෞන්දර්යාත්මක කලාත්මක හැකියාවන් වලට මුලික වෙන්නේ. මෙතැනදී කෙනෙක්ගේ දකුණු මොලය වඩාත් ක්‍රියාශීලි නම් ගොඩක් වෙලාවට ඒ අය සෞන්දර්ය අංශයෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ වම නම් වැඩියෙන් වැඩ කරන්නේ එහම අයට සෙට් වෙන්නේ තර්කන හැකියාව වැඩියෙන් භාවිතා වෙන ෆීල්ඩ්ස් තමයි. (මේ කාරණාව ඒ ලෙවල් විෂයන් තෝරද්දී ගොඩක් බලපානවා අනාගතයටම)


මොලය ගැන කතා කරද්දී ගොඩක් බුද්ධිමත් අයගේ IQ අගය විශාල අගයක් ගන්නවා. ලෝකෙට අලුතෙන් දෙයක් ගෙනාව විද්‍යාඥයන්, සුපිරි කලාකරුවන්, දර්ශනවාදීන් වගේ අයගේ මේ අගය ඉහලයි. සාමාන්‍ය කෙනෙක්ගේ මේ අගය තියෙන්නේ 85ත් 115ත් අතර (හා දැන් කලබල වෙන්නෙපා ඔයාට මේ කියන දේවල් තේරෙනවා නම් ඔයා සාමාන්‍ය අගය පරාසය ඇතුලේ අනිවා ඉන්නවා). මේ අගය මනින්නේ ඒ සදහා වූ විශේෂිත ගැටළු මාලාවකින්. මොලය ක්‍රියාකරන වේගය, තර්කනය, මතකය, කාර්යක්ෂමබව, නිරවද්‍යතාව, තීරණ ගැනීම වගේ ගොඩක් දේවල් මේ හරහා ටේස්ට් කරලා තමයි ඕවරෝල් අගයක් අන්තිමට දෙන්නේ.

ඇත්තටම බුද්ධි මට්ටම ඒ විදිහට මැන්නත් අද මනින අගය හෙට වෙනස් වෙන්න පුළුවන් මොකද ඕනෑම කෙනෙක්ට තමන්ගේ මනස දියුණු කරන්න හැකියාව තියෙනවා. මේ වගේ ක්‍රම හැම ආගමක සදහන් වෙලා තියෙනවා, භාවනා කියන්නෙත් මනස හැක් කරන්න පුළුවන් සුපිරිම ක්‍රමයක්. හැබැයි මේ ලිපි පෙලට භාවනා ක්‍රම කියල දෙන්න නම් යන්නේ නෑ මන්. මේ කියන්නේ ටිකක් වෙනස් දේවල් ගැන. එහෙනං වැඩි කතාවක් නැතිවම මෙන්ටල් පවර්ස් වැඩි කරන්නේ කොහොමද කියන කාරණේ ගැන කතා කරමු.

මයින්ඩ් පැලස් 


මයින්ඩ් පැලස්- මේ කියන්නේ මොකක්ද කියල ෂර්ලොක් ටී වී සීරීස් එක එහෙම බලපු උදවිය නම් දන්නවා ඇති. මේ කියන්නේ අපේ මතකය අපිට අවශ්‍ය විදිහට ක්ෂණිකව ඕන දෙයක් ඕන පිළිවෙලකට එකිනෙක දත්ත සමග ගලපලා perfect අවුට්පුට් එකක් ගන්න තියෙන හැකියාව (හැබැයි ෂර්ලොක් වගේ ඇස් පියාගෙන අතපය විසි කර කර දගලන්න ඕන නෑ මේක කරන්න නම්). ඇත්තටම මේ හැකියාව අපි හැමෝටම තියෙනවා. නමුත් ඒක අපිට අවශ්‍ය විදිහට සුසර කරගෙන නෑ ගොඩක් අය. ඔයා ඔයාට මෙහම හැකියාවක් තියෙන වග පිළිගන්නේ නැත්තන් මන් මෙහෙම ඒ ගැන ඉදිරිපත් කරන්නම්. ඔයාගෙන් මන් ඇහුවොත් ඔයාට ඔයාගේ ප්‍රදේශයේ ස්ථාන කියක් මතකද කියල...ඔයාට හරියටම ගානක් කියන්න බැරි උනත් ස්ථාන ලැයිස්තුවක් දෙන්න වගේම ඕනෑම තැනකට යන පාර කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ් පැලස් එකේ පොඩි ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවා ක්ෂණිකව දත්ත ප්‍රොසෙස් කරන්න, හැබැයි ඔයාගෙන් ඇහුවොත් අදාළ ස්ථානය තියෙන ගොඩනැගිල්ලෙ අංකය.....ඔයාට මතක නෑ, තව උදාහරණයක් දෙන්නම් ඔයාට අච්චර ස්ථාන ඔක්කොම මතකේ තිබුනත් හදිසියේ අම්ම කඩෙන් ගේන්න කියල දෙන බඩු ලිස්ට් එක 7ක් 8ක් වගේ නම් ඔයා හරියට අරන් එයි, ඊට වැඩියෙන් උනොත් නම් ගොඩක් වෙලාවට මොනවහරි එකම එක දෙයක් වත් miss වෙනවා නේද. ඔයාගේ ගෙදර බඩුමුට්ටු ගැන ඇහුවොත් තියෙන තැන එහම කියයි නමුත් ඔක්කොම ලිස්ට්එකක් දෙන්න බෑ නේද 
 පැහැදිලිද ඔයාටත් සුපිරි මයින්ඩ් පැලස් එකක් තියෙනවා නමුත් ටියුන් කරලා නෑ කියල..... 

 ඉතින් කොහොමද මයින්ඩ් පැලස් එක ටියුන් කරන්නේ.


මේක අද රෑ නිදියන් ඉදල හෙට උදේ වෙද්දී කරන්න නම් බෑ. උවමනාව තියෙන කෙනෙක්ට තමන්ගේ ආවේනික ක්‍රමයකටම මේක හදාගන්න පුළුවන්. කොයි ක්‍රමයට හැදුවත් මේකට නිරන්තර අභ්‍යාසය කියන එක අවශ්‍යයි. මන් අර කලින් කිව්වේ ඔයාට ඔයාගේ ප්‍රදේශයේ හැම තැනම මතකයි නමුත් ඔක්කොම ලිස්ට් එකයි අන්කෙයි මතක නෑ. ඇත්තටම මෙතැනදී වෙලා තියෙන්නේ ඔයා නොදැනුවත්වම නිතර අභ්‍යාස වෙලා. ඒ කියන්නේ ඔයාගේ මොලෙන් ඔයා නිතර යන එන පාරවල් සිතියම්ගත කරගෙන, ඒ වගේම ඔයාට ඔයාගේ ගෙදර බඩුමුට්ටු තියෙන තැන මතක හිටලා තියෙන්නෙත් ඔයා නිතර ඒ බඩුමුට්ටු පාවිච්චි කරන නිසා ඔයාගේ මොලේ දන්නවා ඒවා තියෙන්නේ කොතනද කියල.

දැන් ඉතින් ඔයා කල්පනා කරනවා ඇති මේ මොන පිස්සුවක්ද කියල... ඔයාට ගෙදරට ගේන්න තියන බඩු ලිස්ට් එකත් මෙහෙම මතක් කර කර ඉන්න ඕනද එහම කියල. නෑ ඇත්තෙන්ම නෑ. ගෙදර බඩු ලිස්ට් එක ලියාගෙන ගිහින් ගන්න. හැබැයි මන් මේ කියන දේවල් කරලා මොලය ට්‍රේන් කරාම ඔයාට දවසක පුළුවන් වෙනවා කිසි දෙයක් ලිස්ට් එකක් නැතුව ඒ වගේම අමුතු ආයාසෙකුත් නැතුව මනසේ තැන්පත් කරගන්න. මයින්ඩ් පැල්ස් එකක් කියන්නේ මතක් කර කර ඉන්න එක නෙමේ. මතකය ඕන වෙලාවට තමන්ට ඕන විදිහට තමන්ගේ සිස්ටම් එකට අනුව හැන්ඩ්ල් කරන්න පුළුවන් හැකියාව.

ඉතින් ඔයාට මයින්ඩ් පැලස් එකක් හදාගන්න නම් කරන්න තියෙන්නේ නිතර ඔයාගේ මතකේ හාරලා බලන එක. ඒ කියන්නේ මෙහෙමයි ඔයාට මොනවත් මතක නැති උනත් ඔයා එදිනෙදා කරන දේවල්, දවසේ වෙච්ච ගනුදෙනු, කරන්න සෙට් කරන ඉන්න වැඩ, සරලව කිව්වොට් හැමදෙයක්ම නිකන් මතකද බලන්න. එක අමතක උනත් ඔයාට මනස හුරු වෙනවා ඔයාගේ මතකයේ තියෙන පරික්ෂා කරන්න, ඒවා ඇනලයිස් කරන්න. සාමාන්යෙන් මාස දෙකක් මෙහෙම කරද්දී මේ දේ ඉබේට සිද්ද වෙන්න ගන්නවා. ඒ වගේම ඔයා ගනුදෙනු හවස ලියනවා  නම් පුරුද්දක් විදිහට....ඔයාට පුළුවන් බිල් දිහා නොබලා ට්‍රයි කරන්න, ඊට පස්සේ පුළුවන් බිල් දිහා බලල ඔයා කොච්චරක් මතක තියන් ඉදලද කියල බලන්න. ඒ වගේම ගණන් හදද්දී කැල්කියුලේටර් එකක් නැතුව හිතින්ම හදන්න බලන්න. මේ දේවල් ට්‍රේන් වෙද්දී ඔයාට ටික දවසක් යනකොට දැනෙයි ගොඩක් දේවල් ඉක්මනට මීටර් වෙනවා කියල. ඒ කියන්නේ ටියුබ්ලයිට් ගතියක් එහෙම තිබ්බ නම් දැන් එහෙම නෑ වගේ දැනෙයි.

තව දෙයක් මයින්ඩ් පැලස් එකක් හදාගෙන යන ඔයාගේ ගමනට අනිවා ඔයා ඉන්න පරිසරය ගැන අවදානෙන් ඉන්න ඕන. පොඩ්ඩක් වටේ පිටේ වෙන දේවල්, නිව්ස්, ලෝකේ වෙන දේවල් එහෙම දැනන් ඉන්න එක අමතර වාසියක් වෙයි. මේ කිවේ ගොසිප් ගැන නෙමේ හොදේ. වැදගත් දේවල්. ඒ වගේම ඔය පොත් පත් කියවන එකත් ලොකු වාසියක්. මොකද පොත් කියවද්දී ඔයාගේ මනස පුරුදු වෙනවා වේගෙන් දත්ත ඇතුලට ගන්න. ඒ වගේම නොදන්නා දේවල් ඔලුවට වැටුනම ඔයාට ඔයාගේ ජීවිතේ කවදාහරි එහෙම අත්දැකීමක් ආවොත් ඔයාගේ මනස ක්ෂණිකව ඇක්ටිවේට් වෙලා ඒ අත්දැකීම ඔයා පොතෙන් ගත්ත දැනුම එක්ක සංසන්දනය වෙලා ඔයාගේ පෞර්ෂයට හොද දෙයක් එකතු කරනවා. අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ලැබෙන අවස්ථා මිස් කරන්න එපා. මේ මන් කිව අමතර කරුණු ටික ඔයාගේ මයින්ඩ් පැලස් එකට එකතු උනොත් කොයි වගේ ඇඩ්වාන්ස් තත්වයක් ඇති වෙයිද කියල හිතන්නවත් බෑ නේද.

මේක ඔයාගේ ඇබ්බැහියක් වෙනකන් ට්‍රේන් කරන්න. ඇබ්බැහියක් වෙනකන් තමයි මේක කරන්න අමාරුම. මොකද මොලය කියන්නේ වැඩ ගොඩක් කරන දෙයක් නිසා අපි ගොඩක් මේවා කරන්න කම්මැලි. හැබැයි මේ දේවල් වලින් හොදක් වෙන්නෙත් ඔයාටම තමයි. 

ඉතින් ඔයාගේ ජීවිතේට දෙයක් ගත්ත කියල මන් හිතනවා. මන් ඔයාගෙන් පොඩිම පොඩි ඉල්ලීමක් කරනවා. මේ කරුණ ගොඩක් ජීවිතේට වැදගත් කියල හිතනවනම් තරහ නැතුව ඔයාගේ යාලුවන්ට කියල දෙන්න. මොකද මේ ලිපියේ ගොඩක් දේවල් පුද්ගලිකව මන් අත්දැකපු දේවල් සහ යම් දුරකට හෝ සාර්ථක වෙච්ච දේවල්. මෙහෙම දෙයක් කෙනෙක්ට දෙන්න ලැබුන එකම  ලොකු දෙයක්. (පණ්ඩිත කමට කිව දෙයක් නෙමේ.)

ඉක්මනින්ම මේකේ දෙවැනි කොටස අරන් එනවා මන්. 
දෙවැනි කොටස මෙතනින් : දෙවැනි කොටස 
තුන මෙතනින් : 3 කොටස 
ඔන්න මට උදව්වක් විදිහට දකුණු පැත්තේ නිල් පාට follow බට්න් එක ක්ලික් කරල පොඩි සප් එකක් දීල වම් පැත්තේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාන්න. ඒකට යට තියෙන බොක්ස් එකේ ඔයාගේ මේල් එක සබ්මිට් කරොත් ලිපි දාපු ගමන් ඔයාට නොටිෆිකේෂන් මේල් එකක් එන්න හදාගන්න පුළුවන්. එහෙනම් මයින්ඩ් පැලස් එක හදාගන්න ට්‍රයි කරන්න

3 comments:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)