විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

04 March, 2017

චිකාගෝ ඔටෝ ෂෝ | chicago auto show

ටොපික් එක දැක්කම තේරෙනවනේ මොකක් ගැනද අද මන් කියන්න යන්නේ කියල. වාහන පිස්සෝ නම් සමහර විට දැනටත් මේකේ විස්තර එහෙම දන්නවත් ඇති. නොදන්නවා නම් ඇවිල්ල බලන්නකෝ. මේ තමයි 2017 චිකාගෝ ඔටෝ ෂෝ එක. මේකේ ප්‍රධානම කරුණු ටිකක් තමයි මේ. 
tip: මුලින් බොරින් වගේ නම් අන්තිම අයිටම් එක පොඩ්ඩක් කියවල ඉන්න.(ෆොටෝස් වලට කලින් තියෙන එක )





මොකක්ද ඇත්තටම මේ??


මේ තමයි ඇමරිකාවේ පවත්වන වාහන ප්‍රදර්ශන වලින් ඉහලින්ම තියෙන ප්‍රදර්ශන වලින් එකක්. මේක වාර්ෂිකව පවත්වනව. මේ අවුරුද්දේ 108 වන වතාවට තමයි මේක පැවැත්වුවේ. මුලින්ම පැවැත්වුවා කියන්නේ 1901 දි. 1935 ඉදල මේක ඕගනයිස් කරන්නේ චිකාගෝ ඔටෝමොබයිල් ට්‍රේඩ් ඇසෝසියේෂන් එකෙන්. මේ ෂෝ එකේදී දැන් තියෙන වාහන වගේම ඉස්සරහට එන්න තියෙන වාහන, අලුත් කන්සෙප්ට් එහෙමත් ඉදිරිපත් කරනවා. ඒ වගේම ලෝකේ තියෙන හැම වාහන නිෂ්පාදකයෙක්ම තමන්ගේ අලුත් අයිඩියාස්, නිෂ්පාදන තරගයට ඉදිරිපත් කරනවා. මේකේ ප්‍රධානම ඛාණ්ඩ පහක් යටතේ ජයග්රාහකයන්ව තෝරනවා. 
මේ අවුරුද්දේ නම් මේක පැවැත්වුනේ පෙබරවාරි 11-20 වෙනකන් චිකාගෝ ඉලිනොයිස් වල මැකෝමික් කියන ස්ථානයේදී. සුපුරුදු විදිහටම මේ සැරෙත් මිලියනයකට වඩා බලන්න ඇවිල්ල. 
එහෙනං අපි බලමු මේ පාර ජයග්‍රහණය කරපු රිමාකබල් වාහන මොනවද කියල.  


අලුත්ම හැම අතින්ම හොදම වාහනය.


කියවන්න කලින් ගෙස් කරන්න පුලුවන්ද හොදම අලුත්ම එක මොකක් වෙන්න ඇතිද කියල. මේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් හිතන්න පුළුවන්. හැබැයි මේ පාර මේ ඛණ්ඩයේ ක්‍රෙඩිට් එක ගත්තේ සුප්‍රසිද්ද ෆෝර්ඩ් සමාගම. 2018 mustang මොඩල් එක තමයි. හැමෝම දන්න විදිහට mastang කියන්නේ සුපිරි muscle car එකක්. ස්පොර්ටි වගේම පොඩ්ඩක් ගාම්භීර, හැඩිදැඩි වගේ පෙනුමක් තියෙන චාර් එකක් තමයි මේක. mastang එක ගොඩක් ප්‍රසිද්ද කාර් එකක් උනත් මේක ගැන ලොකු උනන්දුවක් ඇති වෙන්නේ නීඩ් ෆෝ ස්පීඩ් ෆිල්ම් එකත් එක්ක. දැන් නම් ලංකාවෙත් මේකේ පහුගිය අවුරුදු වල මොඩල්ස් තියෙනවා, මෙහෙදී කෝටි දෙකකට වැඩි මිලක් ගත්තට මේකේ ටැක්ස් නැතිව වටිනාකම ලක්ෂ පනහකටත් අඩුයි. (34ක් කියල තමයි දැනගත්තේ ) මේ මන් කිව්වේ ලංකාවේ දැනට ගෙන්නන 2016 මොඩල් එක ගැන. 

මේ කියන 2018 මොඩල් එකේ පින්තුරයක් තමයි මේ 

ඔයාලට මේකේ වැඩි විස්තර බලන්න පුළුවන් මේ දීල තියෙන ලින්ක් එකට ගිහින්.mustang 2018

හොදම පරිසර හිතකාමී වාහනය


දැන් ලෝකේ යන ට්‍රෙන්ඩ් එක තමයි පරිසරහිතකාමි වාහන. අනාගතේදී ඇති වෙන්න පුළුවන් ඉන්ධන අර්බුදයට වගේම ගෝලීය උෂ්ණත්වය, පරිසර දුෂණය වගේ කාරණා වලට දැන් දැන්ම ගොඩක් වාහන සමාගම් එකිනෙකා අතර ලොකු තරගකාරිත්වෙකින් විසදුම් හොයන්නේ. ඉලෙක්ට්‍රික් කාර් වලටම නම් දරපු ටෙස්ලා වගේ සමාගම් තිබුනත් මේ පාර නම් මේ අංශයේ කැප එක ගන්නේ bmw සමාගම. 2018 530e තමයි ඒ මොඩල් එක. 
සුපුරුදු විදිහටම මෙයාලටම අනන්‍ය ග්‍රිල් එක, ලයිට්ස්, ස්පොර්ටි වගේම වැදගත් පෙනුමක් එක්ක එන්න තියෙන මේ මොඩල් එකත් ලක්සරි වාහනයක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ඒ වගේම මේකේ රියර් වීල් ඩ්‍රයිව් සහ ඕල් වීල් ඩ්‍රයිව් දෙවිදිහෙන්ම එනවලු, ලීටර් 2.0 ටර්බෝචර්ජ්ඩ් සිලින්ඩර් හතරක් එක්ක එන එන්ජිමත් එකක්ම එලික්ට්‍රික් මෝටර් එකකුත් තියෙන මේ වාහනේට අශ්වබල 248ක් නිපදවන්න පුළුවන්.මේකට බලය සපයන්න කිලෝවොට් පැය 9,2ක ලිතියම් යන් බැටරි පැක් එකකුත් එනවා,ඉන්ධන බාවිතය නැතිව මේ බැටරිය සැතපුම් 14ක් යන්න සහෙනවා කියලා තමයි කියන්නේ.කිලෝ මීටරයකට co2 ග්‍රෑම් 44ක් විතරලු පිට වෙන්නේ. ඇත්තටම මේ වගේ පර්ෆෝමන්ස් තියෙන වාහනයකින් බලාපොරොත්තු වෙන්න බැරි තරම් හොද අගයක් තමයි මේක. 
මේ වාහනයේ තව ගොඩක් ෆීචර්ස් තියෙනවා, නමුත් පරිසර හිතකාමී ටික විතරයි මන් මෙතන කිව්වේ. කැමති අය මේ ලින්ක් එකෙන් ගිහින් වැඩි විස්තර බලන්න. bmw 2018-530e


හොදම ප්‍රදර්ශනකරු 


මේ ඛණ්ඩයේ තෝරන්නේ හොදටම ඉදිරිපත් කිරීම් කරපු සමගම. මේ පාර ජයග්‍රහණය හිමි උනේ Chevrolet සමාගමට. මේ සමගම ගැන කියනවනම් මීට අවුරුදු එකසිය පහකට කලින් ඒ කියන්නේ 1911 නොවැම්බර් තුන තමයි අරඹ වෙන්නේ. Louis Chevrolet (ස්විස් ධාවකයෙක් වගේම ඉංජිනේරුවෙක්)  සහ William Durant  කියන දෙන්නා තමයි මේක පටන් ගන්න මුලික වෙන්නේ. අද වන විට මේක කේන්ද්‍රගත වෙලාතියෙන්නේ මිචිගන් වල දිට්‍රොයිට් කියන ප්‍රදේශයට (ඔව් ඔව් ඇමරිකාවේ) ජෙනරල් මෝටර් කම්පැනි එක යටතේ පවතින මේ සමාගම ලෝකේ පුරාම ඔවුන්ගේ නිෂ්පාදන ව්‍යාප්ත කරනවා. සුප්‍රසිද්ද ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් එකේ බම්බල් බී ට අරන් තියෙන්නෙත් මෙයාලගේ නිෂ්පාදනයක් වන camaro කියන කාර් එක.

හොදම කන්සෙප්ට් එක


සාමාන්යෙන් මේ කැටගරිය ජයගන්න පුළුවන් වෙන්නේ අනාගතය ගැන හොද දැක්මකින් ඉදිරපත් කරන අනාගතමය පෙනුමක් තියෙන අධි තාක්ෂණික වගේම කාර්යක්ෂම කන්සෙප්ට් වලට. නමුත් මේ පාර ජයග්‍රණය ලැබෙන්නේ අමුතුම වාහනයකට ඒ තමයි LEGO Batmobile. මේකත් ඉදිරිපත් කරන්නේ Chevrolet සමාගමෙන්ම තමයි. මේකේ ෆොටෝ එකෙන්ම බලන්නකෝ කොහොමද කියල 

හරියට ලෙගෝ වලින් හදල වගේ නේද? ලෙගෝ තමයි බ්‍රෝ 
ලෙගෝ ෆිල්ම් එකේ batman ගේ බැට්මොබයිල් එක තමයි මේ කන්සෙප්ට් වෙහිකල් එකට පාදක වෙලා තියෙන්නේ 
මේක v100 ලීටර් 60.2ක එන්ජිමක්, පිටිපස්සේ රොකට් බුස්ටර් එකක් එන වහනයක් (හැදුවොත් නම් පෘතුවියේ යන්න තැනක් නැතිවෙයි, තිබුනත් කවුද දෙයියනේ වී100 එන්ජිමකට තෙල් ගහන්න එන ලොක්ක, batman උනත් මේක නම් ගන්නේ නැති වෙයි, මොකද මුළු wayne කොම්පනියම උකස් තියල තමයි තෙල් ගහන්න වෙන්නේ) 
රෝද 4ම අංශක 90ට හරවල හරහට ගමන් කරන්න පුළුවන්, රේස් මෝඩ් සහ මොන්ස්ටර් ට්‍රක් එකක් විදිහට ගන්න පුළුවන් අමුතුම අයිටම් එකක් තමයි මේක. බිල්ට් ඉන් වයි ෆයි, එක්ස් රේ කැමරා එහෙමත් තියෙනවලු,
කාටද ගන්න හිතුනේ??? 
මේකේ විස්තර මෙතන lego-batmobile

දැන් එහෙනං මේකේ තිබුන වාහන දකින්න එහෙමත් ආසාවක් ඇවිල්ල ඇතිනේ නේද?? මේ පහල ෆොටෝස් නම් මට එව්වේ මගේ යාළුවා දිලුම්. ඉතින් ෆොටෝ වල අයිතියත් එයාගෙම තමයි.

































එහෙනං තව අලුත් ටොපික් එකකින් සෙට් වෙමු.




1 comment:

  1. How to gamble online at Mohegan Sun - KTM Hub
    How to gamble online at Mohegan Sun. 동두천 출장안마 This page explains how to deposit money at 구리 출장안마 the casino, the 제천 출장마사지 sign up process, and 남양주 출장마사지 more. 세종특별자치 출장안마

    ReplyDelete

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)