විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

03 March, 2017

ඉස්සර උනා කියල අදටත් විශ්වාස කරන බොරු | historic lies we still believe in

ඔන්න මන් අදත් අලුත් දෙයක් ඔයාලට ගේනවා. ඇත්තටම මේක අලුත් කිව්වට ගොඩක් ඉස්සර ඉදල විශ්වාස කරන කරුණු ටිකක් ගැන තමයි කියන්න යන්නේ. මේ කරුණු අපි අදටත් විශ්වාස කරන්නේ ඇත්තටම සිද්ද උන වග. නමුත් සත්‍ය තත්වය ඊට වඩා වෙනස්. වැඩි කතන්දර නැතුව අපි සබ්ජෙකට් එකට එමු....



කව්බෝයි ගන්ෆයිට්ස්



කව්ද මේ කව්බෝයි කියන්නේ.. ඇත්තටම කව්බෝයි කියල හදුන්වල තියෙන්නේ විශාල ප්‍රමාණයේ ගොවිපල වල ගවයන්ව මෙල්ල කරන්න වගේම ඒවායේ කටයුතු බහුතරයක් කරන්න  හිටපු උදවිය. මෙයාල අස්සයා පිටේ තමයි ඩියුටි කරලා තියෙන්නේ 
දැන් මේ කියන්න යන සිද්දිය නොතේරෙන කෙනෙක් නෑනේ..ටීවී එකේ කවුද බෝයි (lucky luke) කාටුන් එක බලන ප්‍රයිමරි කොල්ලගේ ඉදල නිකමට හරි හොලිවුඩ් කව්බෝයි ෆිල්ම් බලපු කෙනෙක් වෙනකන් අය දන්නවා මේ කියන්නේ ඉස්සර ඇමරිකාවේ බටහිර ප්‍රදේශ වල සිද්ද උනයි කියන ෆේස් ටු ෆේස් වෙඩි ෆයිට් තමයි කියල.
ගොඩක් අය අදටත් හිතන්නේ මේවා ඇමරිකාවේ හන්දියක් හන්දියක් ගානේ තුවක්කු මානාගෙන සිත්සේ වෙඩි තියාගත්තා කියල තමයි. ඇත්තම කතාව මෙහෙම දේවල් වෙලා තියෙන්නේ ගොඩක් කලාතුරකින්. ඇත්තටම නොවුන තරම්. ඒ වගේම සිද්ද වෙලා තියෙන ගන්ෆයිට්ස් උනත් අපි හොලිවුඩ් ෆිල්ම් වල දකිනවා වගේ නීති රෙගුලාසි වලට වලංගු නැති, සමාජෙටත් ගානක් නැති ටයිප් එකේ ඒවා නම් නෙමෙයි. ගොඩක් දරුණු අපරාද විදිහට තමයි ඒවා ඒ කාලේ ඉදලම සලකල තියෙන්නේ. 
එහෙම සිද්ද උන අතලොස්සක් ඒවා ප්‍රසිද්ද වෙන්න හේතුව තමයි මේවා ඒ කාලේ ත්‍රාසජනක, කුතුහලය දනවන, අහද්දී හිරිගඩු පිපෙන, ත්‍රිල් එකක් එන කතා වීම. ඒ වගේම ඒ විදිහට පරිනාමය වෙලා ආව කතන්දර වලට හොලිවුඩ් අධ්‍යක්ෂක වරු ඕනෑවටත් වඩා සාදාරනය ඉෂ්ට කරලා සමාජගත කීරීම. ඔන්න ඔහොමයි අපි ඔව්ව පිළිගන්න පටන් ගන්නේ.

වයිකිං වරුන්ගේ අං සහ තටු  තිබුන හෙල්මට්



වයිකිං වරු කියන්නේ 8-11 සියවස්වල නෝවේ ඩෙන්මාක් ස්වීඩන් (ඒ කාලේ ස්කැන්ඩිනේවියා ) වල හිටපු දක්ෂ යාත්රිකයින්. මෙයාලගේ හෙල්මට් එක ගැන කියන්න තියෙන්නෙත් ෆිල්ම් හදන අය තමයි ඒවා අං හරි තටු හරි සෙට් කරපු අමුතු විකාරරුපි අයිටම් එකක් කරලා මාකට් කරලා තියන්නේ. මෙයාල ඒ විදිහේ හෙල්මට් දැම්මා කියල සාක්ෂි නෑ. 
මෙහම අදහසක් මුලින්ම ලෝකෙට එන්නේ ඉපැරණි ගෙත්තමක සටහන් වෙලා තියෙන අන් සවි කරපු හිස්වසුම්ක් දාගෙන ඉන්න මනුස්සයෙක් හෝ මනඃකල්පිත චරිතයක් යම් චාරිත්‍රයක් ඉටු කරනවා පෙන්වන රුපෙකින්.මේක ෆිල්ම් වලින් සමාජගත උනත් 19 වන සියවසේ ඔපෙරා වල වයිකින්ග් වරුන් නිරුපණයට මේ ජාතියේ හිස් වැසුම් යොදල තියෙනවා.

පාන් බැරි නම් කේක් කාපල්ලා... 

කවුද බොලේ ඇලිස්.....නෑ නෑ මේ ඇලිස් නෙමේ ඔය මාතෘකාවේ දාල තියෙන වදන ඉශු කරා කියන මාරි ඇන්ටෝනියෝ බිසව තමයි මේ. මෙයා තමයි ප්‍රංශ විප්ලවෙට කලින් අන්තිමට රට පාලනය කරපු රැජින...1755 ඔස්ට්‍රියාවේ තමයි ඉපදිලා තියෙන්නේ. මොනවා උනත් එච්චර හොදට මෙයා රට පාලනය කරලා නම් නෑ. ඒ වගේම 16 වන ලුවිගේ බිරිඳ. ඉතිහාසේ කියන විදිහට රට දරිද්‍රතාවෙන් පෙළෙද්දී මිනිස්සුන්ට කන්න පාන් වත් හොයාගන්න බැරි වෙලා (බත් ?? නෑ නෑ එහෙ පාන් ). එවෙලේ මෙයා පාන් බැරි නම් කේක් කාපල්ලා කියල රටවසියන්ට කිව්වලු. 
කතන්දරේ ඔහොම උනත් ඒ කතාව මෙයාට ආදේශ කරපු එකක් කියල තමයි සාක්ෂි තියෙන්නේ. Rousseau විසින් ප්‍රංශ විප්ලවයට අවුරුදු 20කට කලින් ලිව්ව පොතක තමයි මේ කතාව තියෙන්නේ. ඒ වගේම දශක ගණනාවකට පස්සේ මේක මාරි ඇන්ටෝනියෝ කිව්වා කියල ආදේශ වෙලා තියෙන්නේ ඒ කාලේ ප්‍රංශ වංශවතුන් තමන් ගැන අධි තක්සේරුව්න් වගේම මිනිස්සු තලා පෙලා දාපු විදිහ ඉදිරිපත් කරන්න.

අයින්ස්ටයින් ගණන් ෆේල්???


අයින්ස්ටයින් කියන්නේ වැඩකරන පන්තියේ පියකුගේ පුතෙක්. ඉතින් මේ තාත්තගේ කීමට අයින්ස්ටයින් තාක්ෂණ විද්යාලෙකට ඇතුල් වෙන්න ඇතුල්වීමේ විභාගය ලියනවා. මෙන්න මේ කියන එක්සෑම් එක අයින්ස්ටයින් උඩින්ම ෆේල්. මේ කතන්දරේ අල්ලලා තමයි ගොඩක් අය අයින්ස්ටයින් ගණන් ෆේල් කියල ලොකප්‍රසිද්ද මතයක් හදාගන්නේ. 
ඇත්තටම මෙතෙක් පහල වුන ගනිතක්රම බොහොමයක් හොයාගත්ත අයින්ස්ටයින් ගණන් ෆේල් වෙයිද?? තාක්ෂණ විද්‍යාල ඇතුලත්වීමේ පරීක්ෂණය ෆේල් උනාට මෙතුමා වෙනත් හදාරපු විද්‍යා හා ගණිත පාඨමාලා නම් අසමත් නෑ කියල තමයි සදහන් වෙන්නේ.

බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්


අපි පොඩි කාලේ ඉදලම කට පාඩම් කරන සාමාන්‍ය දැනීම වල තියෙන දෙයක් තමයි බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් කියන එක. ඇත්තටම එතුමා මේ සම්බන්ධයෙන් විශාල සේවයක් කරා. එතුමා තමයි බල්බය පර්ෆෙක්ට් ඩිවයිස් එකක් කරලා ලෝකෙට ඉදිරිපත් කරේ.
ඒ කියන්නේ මෙහෙමයි. එතුමා බල්බය ලෝකෙට ඉදිරිපත් කරන්න කලින්ම බල්බය හොයාගෙන තිබුනේ. හැබයි කවුරුවත් සමත් වෙලා තිබුනේ නෑ බල්බයට හොද ෆිලමන්ට් එකක් ආදේශ කරන්න. ඔක්කොම අය භාවිතා කරලා තියෙන ඒවා පැයකට වඩා ආලෝකය දෙන්න සමත් වෙලා නෑ. තෝමස් මහත්මය තමයි විවිද පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කරලා තන්ග්ස්ටන් කම්බියක් ෆ්ලමන්ට් එක විදිහට සුදුසු බව හොයාගෙන තියන්නේ. (එතුමාගේ සහයකයින් කීප දෙනාගෙන් කෙනෙක් අතින් මේක සොයා ගැනුන කියලත් සදහනක් තියෙනවා). කොහොමහරි මේකේ පේටන්ට් එක ලැබෙන්නේ මෙතුමාට. ඉතින් බල්බය කියන්නේ විශාල පිරිසකගේ කැපකිරීමක ප්‍රතිපලයක්.


ඉතින් මේ  ලිපිය ගැන ඔයාල මොනවද හිතන්නේ?? ශෙයා කරලා අනිත් අයත් දැනුවත් කරන්න. කැමති අය ෆලෝ කරලා මගේ බ්ලොග් එක එක්ක සෙට් වෙන්න. අලුත් පොස්ට් දාපු ගමන් දැනගන්න කැමති නම් හෝම් පේජ් එකේ පහල තියෙන බොක්ස් එකේ ඊමේල් එක සබ්මිට් කරන්න. තවත් රස බර ලිපියකින් අපි ආයෙත් හමු වෙමු. 

No comments:

Post a Comment

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)