ඔන්න පොරොන්දු උන විදිහටම මන් අද දෙවැනි කොටස අරන් එනවා. ඊට කලින් විචාරක තුමාගෙන් සමාව අයදිනවා. මොකද එතුමා මේ වගේ එකක් ලියල තියෙනවා කියල ආරංචියක් ආව.
අද අපි එහෙනම් බලමු මොනවද ජැකට් වර්ග, කොහොමද ටයි ගැටේ ගහන ක්රම, පොකට් ස්ක්වයා එක නවන ක්රම, බෝ එක, කාරණා ටිකක්. අද ඉතින් ලියන දේවල් අඩුයි
මේක කියවන්න කලින් පලවෙනි එක නොකියවපු අය මේ ලින්ක් එකෙන් යන්න
ජැකට් වර්ග (බේසික් ඒවා විතරයි හොදේ)
ජැකට් ගැන කතා කරද්දී අපිට බේසික් ඒවගේ ප්රබේධ කීපයක් දකින්න පුළුවන්
බොත්තම් ගණන අනුව නම් සාමාන්යෙන් එන්නේ එක, දෙක, හා තුන. මේ මන් කියන්නේ single breasted jacket එක ගැන. තව double breasted කියල එකකුත් තියෙනවා.
මොකද්ද මේ සිංගල් බ්රෙස්ටඩ්, ඩබල් බ්රෙස්ටඩ් කියල තෙරුන්නැත්තන් ඉන්න කියලා දෙන්න. සිංගල් බ්රෙස්ටඩ් කියන්නේ අපි වැඩියෙන්ම දකින මොඩල් එක ඒ කියන්නේ ඉස්සරහින් ෂර්ට් එකක විදිහට බොත්තම් පිහිටන එක ඩබල් බ්රෙස්ටඩ් කියන්නේ කෝට් එකට බොත්තම් පේලි දෙකක් එනවා (බොත්තම් 4,6,8 විදිහට තමයි ඩබල් බ්රෙස්ටඩ් එන්නේ) ඒවා පියවපුවම ඉස්සරහ පිහිටන්නේ එකක් මත එකක් විදිහට. මේ යට තියෙන පින්තුර වලින් තව ටිකක් තේරුම් ගන්නකො
ඒ වගේම වෙස්ට් කෝට් එකෙත් සිංගල් බ්රෙස්ටඩ් ඩබල් බ්රෙස්ටඩ් විදිහට තියෙනවා. ඊට අමතරව ලේපල්ස් තියෙන ඒවත් තියෙනවා.
ජැකට් එකේ පිටිපස්ස ගත්තම ඒකෙ වෙන්ට්ස් ඒ කියන්නේ පැලුම් දෙකක් දෙපැත්තෙන් වගේම මැදින් එකක් තියෙන විදිහකුත් තියෙනවා, දෙපැත්තෙන් තියෙන්නේ ඉංග්රීසි ක්රමයට මැදින් තියෙන්නේ ඇමරිකන් ක්රමය
ඔන්න ඔහොමයි ජැකට් එකේ කතන්දරේ. ඒ වගේම ලේපල්ස් වර්ගත් තියෙනවා විවිද විදිහට. ඒවගේ හැඩතල ඉතින් කටිං කියන්න බෑනේ. ඔන්න ඒ නිසා ගූගල් දෙයියට කියලම ෆොටෝ එකක් හොයාගත්ත.
දැන් එහෙනං ටයි නොට් එක ගැන පොඩ්ඩක් බලමු.
ටයි නොට් නම් වර්ග ගොඩක් තියෙනවා. මේකෙත් කියන්න දෙයක් නෑනේ ගැටයක් ගහන්න නේ ඕන. එහෙනං බලමු ගැට ගහන විදිහ, කියනවට වඩා ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගන්න පින්තුර දාන එක ලේසියි
ඔයා දාන්නේ බෝ එකක් නම් මෙන්න ක්රමේ. හැබැයි මතක තියාගන්න මේක නිකටට වඩා පළල වෙන එක අවුල්.
පොකට් ස්ක්වයා එක
මේකත් ටයි එක වගේම ලස්සනට පිළිවෙලට ඔයාගේ ස්මාර්ට් ගතියට බලපාන අයිටම් එකක් තමයි. මේක නවන්න ක්රම තියෙනවා විශාල ක්රම ගානක්. ඒවායින් කීපයක් මන් බ්ලොග් එකේ දානවා,
කැමති අය මේවත් පොඩ්ඩක් හොයල බලන්න.
මේකේ දෙවැනි කොටස බලන්න මෙතන ක්ලික් කරන්න කිට මරණ කලාව 2
කියවන්න ආවට ස්තුතිය්. තාම ෆලෝ කරේ නැත්තන් දකුණු පැත්තේ නිල් පාට බට්න් එකට තට්ටුවක් දාන්න. මේ වගේ ඒවා පෝස්ට් කරපු ගමන් ඊමේල් නොටිෆිකේෂන් එන්න වම් පැත්තේ උඩ ෆේස්බුක් එකට යට බොක්ස් එකේ ඔයාගේ මේල් ඇඩ්රස් එක සබ්මිට් කරන්න.
FANTASTIC !!!! BRO. GOOD JOB WELL DONE
ReplyDeleteප්රතිචාරයට ස්තුතියි.
Deletemeka deweni kotasa neda? link eka daddi tapalila.
ReplyDeleteVery good post.
ow meka 2.
Deletethanx