විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

20 March, 2017

රුපියල් 3000කින් ගෙදර ආරක්ෂාව තර කරමු | let's increase security of home for rs 3000

 ලග ලගම අවුරුදු කාලෙත් එනවා, සමහර විට දවස් දෙකක් විතර දුර ගමන් එහෙම සෙට් වෙන්නත් ඉඩ.. ඒ වගේ වෙලාවක ගිහින් එද්දී ඔයාට මොනවා හිතෙයිද ගෙදර හොරු කඩල තිබුනොත්? ඇත්තටම දැන් තාක්ෂනෙත් අප්ඩේට් වෙනකොට හොරුත් ඒ එක්කම අප්ඩේට් වෙනවා. ඉතින් අලුතෙන් ආරක්ෂක උපක්‍රම යොදන එක ගොඩක් වියදම්. cctv කැමරා එහෙම සෙට් කරන්න කී දාහක් යයිද, හැබැයි මේ කියන්නේ නම් එහෙම වියදම් නැතිව ඔයාලටම මිලදීගෙන ගෙදරට සෙට් කරන්න පුළුවන් ආරක්ෂක යෙදුම් ගැන. ඔයාට රුපියල් 3000ක් වගේ ගානකට මේ එක ගැජට් එකක් ගන්න පුළුවන්, රුපියල් තුන්දාහ වගේද  ගෙදර ආරක්ෂාවයි මිනිස්සුන්ගේ ජීවිතයි.

GE Personal Security Door Stop

මේ කියන්නේ දොරට තියන අඩයක් එහෙම නැත්තන් දොර ඇරෙන එක වලක්වන්න අපි ඔය මොනවහරි දොර යටින් හිර කරන්නේ අන්න එහෙම ගැජට් එකක් මේ. මේ මොන පිස්සුවක්ද අපි ගෙදරදීම ලී පතුරක් හොයාගන්නවනේ මෙව්වත් සල්ලි දීල ගන්නවද කියල හිතුනද. ඒ උනාට මේක ගොඩක් විශේෂයි. මේකට පුළුවන් කවුරු හරි ඔයාගේ ගෙදර දොර බලෙන් ඇරගෙන ඇතුල් වෙන්න දරන උත්සහයකදී ඩෙසිබල් 120ක් තරම් ලොකු හඩක් නගන්න. ඩෙසිබල් 120ක් කියන්නේ මිනිහෙක්ට අහන ඉන්න අපහසු අධික හඩක්. මේකෙන් පුළුවන් අනවසරෙන් ඇතුල් වෙන කෙනෙක් එද්දී දැනගන්න වගේම නොහිතපු විදිහට හොරාව කම්පනයට පත් කරන්නත්. මේක යට රබර් වලින් හදල තියෙන්නේ දොරට පයින් ගැහුවත් දොර ඇරෙන්නේ නැතුවම මේකේ එලාම් එක ඇක්ටිවේට් වෙන්න. හොදයි නේද මෙහෙම එකක් ගෙදරට මේක වෙන්නේ ඩොලර් 11ක්  ඒ කියන්නේ රුපියල් නම් 1700ක් විතර මෙතනින් මිලදී ගන්න




Orvibo Wi-Fi Smart Socket Outlet



ඇත්තටම මේක නම් ආරක්ෂක උපාංගයකට වඩා හෝම් ඔටෝමේෂන් සිස්ටම් එකක් කියන ගණයට දාන්න පුළුවන්, ඒ කියන්නේ ස්මාර්ට් හෝම් සංකල්පය. තවත් තේරුම් කරනවනම් මේ ගැජට් එක යුස්  කරලා අපේ ගෙදර අපිට වෙන තැනක ඉදල ලයිට් ඔන් ඔෆ් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. මේක මන් සෙකියුරිටි කියන කොටසට ඇතුලත් කරේ ලංකාවට ප්‍රායෝගික නිසා. දන්නවනේ ලංකාවේ ගෙයක් හොරු කඩන්නේ රෑට ලයිට් දාල නෑ කියල කීප දවසක් හොරාට මීටර් වෙද්දිනේ, ඉතින් මේ උපකරණය ගෙදරට සෙට් කරොත් ඔයාට පුළුවන් ලෝකේ කොහේ හිටියත් ගෙදර ඕන වෙලාවක ලයිට් එහෙම ඔන් කරලා ගෙදර ඉන්නා වගේ පෙන්නන්න. නැතත් ඔයා ස්මාර්ට් වෙන්න කැමති නම් මේක එකට හොදම ගැජට් එකක්. මේ ගැජට් එක එක වරකට ඩිවයිසස් 20ක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. වයිෆයි සම්බන්දතාවයක් ඔස්සේ තමයි මේක ඔයාගේ දුරකතනයට සම්බන්ද වෙන්නේ. මොබයිල් එකට මේකේ app එක අරගෙන ඔයාට ඉන්ටනෙට් යන්න පුළුවන් ඕනෑම තැනක ඉදල ගෙදර පාලනය කරන්න පුළුවන්. මේකට ලයිට් විතරක් නෙමේ වෙන ඕනෑම උපකරණයක් සෙට් කරන්න පුළුවන්. දැන් හිතනවා ඇති කට්ටිය මේක බර ගානක් වෙයි කියල.... කොහෙත්ම නෑ මේක ඔයාට රුපියල් 3000කින් ශේප් කරගන්න එක සරල වැඩක්. මෙතනට ගිහින් ඕඩර් කරන්න


Doberman Security Ultra-Slim Window Alarm


ගෙදර ජනේල එහම වීදුරු වලින් හදල තියෙද්දී ඉතින් දොරට අඩ තියල එලාම් තිබ්බට ඇති වැඩක් නෑ කියල ඕන කෙනෙක්ට හිතෙනවනෙ.එත් ඉතින් මේ ලෝකේ විසදුම් නැත්තේ මොනාටද. මේ කියන ගැජට් එක ඒකට හොද විසදුමක්. මේ උපකරණෙට පුළුවන් වයිබ්‍රේෂන් එහෙම නැත්තන් දෙදරීම් අදුනගන්න (භූමිකම්පා එහෙම නෙමේ හොදේ) සාමාන්යෙන් වීදුරුවක් බිදෙන එක, ලොකු පහරක් වදිනකොට දෙදරන එක වගේ දේවල් අදුනගන්න තමයි මේකෙන් වෙන්නේ. එහෙම කම්පනයක් මේකට දැනුන ගමන් දෙසිබල් 110ක සද්දෙන් සයිරන් එකක් වදිනවා, හොරෙක් වීදුරු බිදගෙන ගෙට ඇතුල් වෙන්න හැදුව කියල හිතමුකෝ. එත් මේක නාද වෙනකොට හොරා කීයටවත් ඇතුලට එන්නේ නෑ එතනින් මාරු වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඇත්තටම මේ වගේ ගැජට් තියෙන එක ගෙදර ආරක්ෂාවට අවි ආයුධ තියන් ඉන්නවට වඩා වාසියි මොකද මේවයින් හොරෙක් ගෙට ඇතුල් වෙලා ගෙදර උදවියට අනතුරක් කරන්න තියෙන අවස්ථා අඩු වෙනවා. කලබල උනාම හොරු කරන්නේ පැනල යන එකනේ. මේක ගොඩක් සිහින් නිමාවකින් තියෙන නිසා ඔයාට ස්ලයිඩ් කරලා අරින වීදුරුවකට ජනේලෙකට හෝ දොරකට  උනත් මේක සවි කරන්න පුළුවන්. ඔයාට ඩොලර් 20කින් ඒ කියන්නේ රුපියල් 3000කින් මේවා දෙකක් ගන්න පුළුවන් මෙතනින්. මිලදී ගන්න  


Brinks Indoor Digital Timer with Plug-In Motion Sensor


හරි මොකක්ම හරි විදිහකින් හොරෙක් ආවම කියමුකෝ ඇතුලට ආවාට පස්සේ මොන දෙයියට කියන්නද ආයේ ඉතින් හොරෙක් ඇතුලට එන්නේ ආයුධ එහෙම අරගෙන. ක්ෂණිකව ජීවිත හානියක් උනත් වෙන්න බැරි කමක් නෑනේ. ඒ ප්‍රශ්නෙට විසදුම මේකෙන් ලැබෙයි කියල තමයි මට නම් හිතෙන්නේ. හොරා ඇතුල් වෙන්නේ ඒ පාරෙන්ම යන්න බලගේනනේ ඉතින් මේ ගැජට් එකෙන් හොරා ආපු පාරේම යයි. ඔයාට හොරෙක් ඇතුලට එයි කියල ගෙදර සක කරන තැනක් තියෙනවද සාලේ ගමුකො උදාහරණෙට ඔයාට තියෙන්නේ මේ ගැජට් එක ඔයාගේ සාලේ සෙට් කරන්න මැනුවල් එකේ කියන විදිහට. වැඩි දෙයක් නෑ ප්ලග් කරන්න විතරයි. මේකෙන් කරන්නේ සෙලවීම් අදුරගන්න එක. මේ තක්ශනේ සමහර කැමරා පද්දති වලත් භාවිතා වෙනවා. හැබැයි මේක ඒකට වඩා වෙනස් වෙන්නේ මෙතන රෙකොර්ඩ් වෙන එක වෙනුවට සයිරන් එකක් වදින එක, දැන් ඔයාල හිතයි මේ මොන කරදරයක්ද අපි සාලේ හරහා ගියොත් සයිරන් වදිනවා කියල. නෑ මේක අපිට අවශ වෙලාවට ඒ කියන්නේ අපි නිදාගන්න වෙලාවට වගේ විතරක් අපි කැමති ටයිම් එකකදී විතරක් මේ චලනයන් අදුනගන්න ගැජට් එක ඔන් වෙන්න සෙට් කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ ගෙදර සුරතල්ලු එහෙම ඉන්නවා නම් මේක ගන්න එපා. එයාල එහෙමෙහෙ යන වෙලාවට එලාම් වදින එක අප්සට්නේ. මේ ගැජට් එකේ විශේෂත්වේ තමයි අංශක 360ම කවර වෙනවා මේකෙන්. තේරෙනවනේ කොච්චර වටිනවද මෙහෙම එකක් තියෙන එක. මෙතනින් ඩොලර් 7ක් වියදම් කරලා ඔයාටත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් මිලදී ගන්න  

Schlage One-Way Wide Angle Peephole


මේක නම් සමහර විට ඔයාල දැකලත් ඇති. සමහර ගෙවල් වල තියෙනවා. මේකේ ලොකු තාක්ෂණික ක්‍රියාවලියක් නම් නෑ. ඒ වගේම විදුලි බලය වගේ දේවල් අවශ්‍ය වෙන්නෙත් නෑ. පීප් හෝල් කියන්නේ දොරට සවි කරන උපකරණයක්. මේකේ තියෙන්නේ කාච පද්ධතියක්. මේක දොරට සෙට් කරලා අපිට පුළුවන් දොර අරින්නේ නැතුවම දොරට තට්ටු කරන කෙනා දිහා බලන්න. ඔයා ගෙදර තනියම ඉන්න වෙලාවට නම් මේ උපකරණය මසුරන් කියල හිතෙයි. කවුරුහරි ඔයාගේ දොරට තට්ටු කරොත් ඔයාට සරලව ඇහැ තියල බැලුවම ඉන්න කෙනා පේනවා. සක කටයුතු කෙනෙක් නම් ආරක්ෂා වෙන ක්‍රියාමාර්ගයක් අරගන්න පුළුවන් ගේ ඇතුලෙම ඉදල. මේකෙන් පුළුල් පරාසයක් පේනවා අංශක 180ක් ආසන්න වෙන්නම. ඒ කියන්නේ දොර ඉස්සරහ තියෙන ඔක්කොම පේනවා. මේකේ මිල නම් ඩොලර් 16ක් වෙනවා. ගෙදරට ගෙන්න ගන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. මිලදී ගන්න

මේවා තමයි මන් හොයාගත්ත ගැජට්. මීට අමතරව නිවාස පිටතට සවි කරන්න පුළුවන් සුර්ය බලෙන් වැඩ කරන සපෝට් ලයිට් වගේ ඒවත් ඒවත් තියෙනවා. ඒ වගේම තව හිත ඇදිල ගිය එකක් තමයි ෆේක් cctv කැමරා. ඇත්තටම මේවා සෝබනේට තමයි තියෙන්නේ. ඒ කියන්නේ වැඩ කරන්නේ නෑ. එත් ඉතින් මේවා බොරු ඒවා කියල හොයන්න බෑ. ඔයාලට ගොඩක් වියදම් කරන්න සල්ලිත් නැත්තන් ඒ වගේම ආරක්ෂාවත් ඕන නම් මේ ජාතියේ එකක් ටිකක් පෙනෙන සීමාවෙන් ගෙදර සෙට් කරලා තියන්න. හොරෙක් ආවත් කැමරා දැක්කම හැරිලා යනවනේ.
මේ ලිස්ට් එකේ මන් ඉදිරිපත් කරේ ලොකු තාක්ෂණික මෙවලම් නොවුනට මේවා සමහර විට ඊට වඩා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හිතන්නකෝ ඔයාට කැමරා සිස්ටම් එකක් තියෙනවා කියල. එත් හොරෙක් ඇතුලට ආවට පස්සේ ඔයාල කලබල උනොට් මොනවා රෙකෝඩ් උනත් වැඩක් නෑනේ ජිවිත හානියක් වෙන්න අවස්තාව වැඩියිනේ, නමුත් මන් මේ කියපු ගැජට් වලින් ඔයාව හොරුන්ගෙන් රකින්නේ හෝරාව පලවා හැරලා, ඒ කියන්නේ ලොකු සද්දයක් එන නිසා හොරා පැනල යනවා. ඔයාට  මීට වඩා හොද සිස්ටම් එකක් තිබ්බත් මේ වගේ සරල ගැජට් ටිකක් සෙට් කරොත් තව ටිකක් හොද වෙයි. ඉතින් ඔයා අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියල මන් හිතනවා. තව ලිපියකින් සෙට් වෙමු.

ආ කියන්න බැරි උනා මට මේ බ්ලොග් එකට තව ලියන්න දෙන්නෙක් සෙට් උනා. ඉස්සරහට සෞඛ්‍ය, ලේඩීස් ෆැෂන් වගේ ටොපික්ස් එහෙමත් එනවා රැදිලා ඉන්න අපි එක්ක. 
බ්ලොග් එක ෆලෝ කරන්න දකුණු පැත්තේ නිල් පාට බට්න් එක ක්ලික් කරලා, වම පැත්තේ තියෙනව ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක ඒකටත් ලයික් එකක් දාන්න කාටත්  කලින් මේකේ දාන පෝස්ට් බලන්න ආස නම් වමට වෙන්න තියෙන දෙවැනි බොක්ස් එකේ මේල් එක සබ්මිට් කරන්න

2 comments:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)