විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

09 March, 2017

සේසතම උකස් කරලා කන්න වෙන කෑම | non-affordable foods

ඔන්න අද නම් වචනයේ අර්ථයෙන්ම රසවත් මාතෘකාවක් තමයි අරන් එන්නේ. කෑම කිව්වට ඉතින් මේ ඩෙසර්ට් වගයක් ගැන කියන්න යන්නේ. විශේෂත්වේ තමයි මේවා කන්න වාසනාව තියෙන්නේ ලෝකේ ඉතාම සීමිත පිරිසකට.. ඒ කියන්නේ බ්‍රෝ මෙව්වා පට්ට ගණන්. අපි සාමන්යෙන් රුපියල් දෙසීයෙන් තුන්සීයෙන් ශේප් කරගන්න ඒවා වගේ නෙමේ මේවා. ගෙවල් දොරවල් උකස් කරලා කන්න වෙන්නේ. කියවලම බලන්නකෝ. tip: ලංකාවේ දෙකකුත් තියෙනවා හොදේ



ඩොලර් පන්සීයකට ජෙලිබීන්ස් කොච්චරක් ගන්න පුලුවන්ද?


ඔය ප්‍රශ්නෙට ඉතින් අපි නම් දෙන උත්තරේ තමයි ජීවිත කාලෙම කන්න ගන්න ඇති වෙයි කියල. හැබැයි මන් මේ කියන ජෙලි බීන්ස් නම් ටිකක් ගණන්. මේ ජෙලි බීන්ස් රත්තරන් ද ?? ඇත්තටම උත්තරේ නම් ඔව් කියල කියන්න වෙන්නේ. අනුභව කරන්න පුළුවන් කැරට් 24 රත්තරන් අන්තර්ගත වෙලා තියෙනවා (අරගෙන පෙන්ඩන්ට් එකට පාවිච්චි කරන්නත් පුළුවන් වගේ නේද?). ඒ මේවා දාල තියන ජා එක එහෙම නැත්තන් භාජනය පොඩ්ඩක් විශේෂයි. මේ ජා එක හදල තියෙන්නේ පලිගු වලින්. ඔයාට ඉතින් ගෙදර සේප්පුවක් තියෙනවනම් ගත්තට පාඩුත් නෑ


කප්කෙක්: කමුද නැත්තන් බැංකුවේ උකස් තියමුද??


පින්තුරේ දැක්කම මොකද හිතුනේ???
කන්න නෙමේ බලන් ඉන්න හිතෙන්නේ නේද? මේ තමයි Golden Phoenix Cupcake එක මේකේ මිල විදිහට දැක්වෙන්නේ ඩොලර් 1000ක්, මේකෙත් පාට වගේම තමයි කන්න පුළුවන් රත්තරන් අන්තර්ගතයි. මේක තියෙන්නේ ඩුබායි වල ඒ වගේම මේ ඩෙසර්ට් එක පිළිගන්වන ස්ටෑන්ඩ් එකත් කැරට් 24 රත්තරන්ලු.

ඩොලර් 60000ක අයිස්ක්‍රීම් කන්න ආසද??


ඩොලර් 60000කට ඉතින් අයිස්ක්‍රීම් කොම්පනියක්ම උනත් ගන්න පුළුවන්නේ නේද? එත් ඉතින් මේ කියන්න යන අයිස් ක්‍රීම් ජාතියෙන් නම් එක වේලක ඩෙසර්ට් එක පිරිමහගන්න ඩොලර් 60000ක් යනවා. සරලව කිව්වොත් ඔයාට හොද වාහනයක් ගන්න පුළුවන් ඒ ගානෙන්. මේ තියෙන්නේ ඒ කිව්ව කෑම තමයි

මේකට කියන්නේ The Absurdity Sundae කියල හැබැයි මේක මෙච්චර ගණන් වෙන්නේ මේකට අදාළ පැකේජ් එක නිසා. මේක කන්න පුළුවන් වෙන්නේ අප්‍රිකාවේ උසම කදුමුදුන වන කිලිමන්ජාරෝ කදු මුදුනේදී. මන් කිව්වනේ මේකේ පැකේජ් එකක් ගැන.... පැකේජ් එකට අයිති වෙනවා ටන්සානියාවට පලවෙනි පන්තියේ ටිකට් එකක්, තරු 5 හොටෙල් එකක නවාතැන් සහ ටී ෂර්ට් එකකුයි කදු නගින ට්‍රිප් එකකුයි. මේක නම් ටිකාක් විතර කලින් එව්වට වඩා සාදාරනයි වගේ නේද. අනික ඔයාට කෑවා කියල ඔප්පු කරන්න ටී ෂර්ට් එකවත් ඉතුරුනේ?

ප්ලැටිනම් කේක්??? 


මේ මොනාද මේ කියල හිතුනද අහපු ගමන්. දැන් රත්තරන් කනවා, ප්ලැටිනම් කනවා, ඉස්සරහට මොනවා කන්න පුළුවන් කියයිද දන්නේ නෑ නේද. 

ඔයාට කේක් එකක් වෙනුවෙන් ඩොලර් එක්ලක්ෂ තිස්දාහක් වියදමක් කරන්න පුලුවන්නම් මේ චාන්ස් එක ඔයාටත් තියෙනව. Nobue Ikara කියන ජපන් කාන්තාව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.මේ කේක් එකට ප්ලැටිනම් මාල, පින් වගේ ඒවා යොදාගෙන තමයි සරසල තියෙන්නේ. ඒ නිසා තමයි මේක මෙච්චර ගණන්.

Strawberries Arnaud 


මේකේ වෙන්නේ ස්ට්‍රෝබෙරි මරිනෙට් කරලා ක්‍රීම් සහ මින්ට් එක්ක කන්න දෙන එක. ඉතින් ඕකට කියක් යනවා ඇද්ද?? ඩොලර් මිලියන 1.4ක්. ඇත්තටම මේකට හේතුව තමයි මේකත් එක්ක දෙන කැරට් 4.7ක දියමන්තියක් අල්ලපු මුද්ද. 
ඔය තියෙන්නේ මුද්ද දිලිසි දිලිසි. 

ඔන්න ගණන් වැඩිම එකත් බලන්නකෝ


මේ තමයි ඩයමන්ඩ් ෆ්රුට් කේක් එකක්. ඒ කියන්නේ දියමන්ති තියෙන පලතුරු කේක් එකක්. ඒ වගේම මේක හදන්න මාස 6ක් යනවා මේකේ කෝකිය නම් රෙසිපිය රිලීස් කරලා නෑ කාටවත්ම. ඒ වගේම මේකට දියමන්ති 223ක් අල්ලලා තියෙන්නේ. 

ඔන්න ලෝකේ වටෙන්ම කෑම බීම ගෙනාවනේ විස්තර. කිව්වනේ ලංකාවේ අයිටම් දෙකක් දෙනවා කියල ඔන්න බලන්නකෝ

ගරු සදහන් කිරීම්: ශ්‍රී ලංකාවේ මේ ගණයට වැටෙන කෑම 


1. මේ අයිටම් එක නම් ඩොලර් 14500ක් වෙනවා, මේකට කියන්නේ The Fortress Stilt Fisherman Indulgence කියල the fortress resort and spa කියන හෝටලයෙන් තමයි මේ ඩෙසර්ට් එක ගන්න පුළුවන්. මේක විදේශික ආකර්ෂණය වැඩි කරන්න කරපු දෙයක් වගේම මේකේ විශේෂත්වය තමයි කැරට් අසුවක aquamarine ගලක් තියෙනවා. වැඩි විස්තර මෙතනින්

2. මේ කියන්න යන්නේ නම් විශේෂ කෑමක් නම් නෙමේ, හැබැයි ලොකු ගණන් දීල කන්න වෙන තැනක්. මේක ජපන් ආපන ශාලාවක්. ඒ වගේම මේකේ විශේෂත්වේ තමයි ජපානේ සංස්කෘතියටම කන්න පුළුවන් වගේම අධික වටිනාකමකින් යුතු අමුද්‍රව්‍ය වලින් ජපන් කෑම හදන එක. සාමාන්යෙන් ලංකාවේ හොදම හෝටලයකින් කෑවත් එක වේලකට යන්නේ එක්කෙනෙක්ට 5000ක් විතර ගානක්නේ, හැබැයි මෙයාලාගේ නම් 30000ක් විතර වෙන කෑම පවා තියෙනව (ඔව් ඔව් එක්කෙනෙක්ට ඒ ගාන ) කලින් කීව ඒවගේ වගේ මැණික්, රත්තරන් එහෙම නෑ, කෑමේ වටිනාකමම තමයි බ්‍රෝ. මෙන්න ලින්ක් එක ගිහින් බලන්න nihonbashi

මීට අමතරව ඔයාල දන්න කෑම බීම තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාල යන්න. තවම ෆලෝ කරේ නැත්තන් දකුණු පැත්තේ ෆලෝ බට්න් එක උඩට තට්ටුවක් දාන්න. ආටිකල් එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එන්න වමේ ෆේස්බුක් එකට යට බොක්ස් එකේ මේල් එක දාන්න. එහෙනං අදට නැවතුනා.

4 comments:

  1. බෙන්තොට ඩි කෑවා සී ෆුඩ් එකක් 6000 ක් වුනා කියලා තමයි කිව්වේ..ඒක තමයි මම කාල තියෙන ගණන් වැඩිම කෑම ..මුළු මුහුදම කන්න තිබුනා ..මට එකේ නම මතක නෑ

    ReplyDelete
    Replies
    1. :D මන් කිව්ව ඒවටත් ගිහින් බලන්න

      Delete

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)