විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

11 April, 2017

ජාන විකෘති උනොත් ෆිල්ම් වල වගේ සුපර් හියුමන්ස්ල බිහි වෙයිද?


දවස් ගානක් බ්ලොග් එක පාලුවට යවන්න උනාට ඉස්සෙල්ලම සොරි කියනවා. අවුරුදු සමරන්න ලැස්ති වෙන නිසා පොඩ්ඩක් ලැප් එකෙන් එලියට ගිහින් ගෙදර වැඩ වලට සප් එකක් දෙන්න උනා. එහෙනං බලමු මේ මොකද්ද ටොපික් එකේ දාල තියෙන සබ්ජෙක්ට් එක කියල. ප්‍රශ්නයක්නේ අහල තියෙන්නේ.. ඒකට උත්තරේ තමයි ඔව් කියන එක. හොලිවුඩ් ෆිල්ම් වල අපි දකින චරිත ඔරිජින් වෙන්නෙත් ගොඩක් වෙලාවට ජාන විකෘති වෙලා, ඇත්තටමත් ෆ්ලෑෂ් වගේ වෙන්න, රීඩ් රිචඩ්ස් වගේ ඉලාස්ටික් වෙන්න, එහෙම නැත්තන් වැන් ඩූම් වගේ විදුලියට ඔරොත්තු දෙන්න වගේ විශ්වාස කරන්න බැරි තරම් පවර්ස් ඇති වෙන්න පුළුවන් ජාන විකෘති නිසා.(හැබැයි ෆිල්ම් වල වගේ අසාමාන්‍ය විදිහට නෙමේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ටිකක් වැඩියෙන්)

නොකැඩෙන අස්ථි 


සිරුර ශක්තිමත්ව පවතින්නේ අස්ථි වලින් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. එත් අස්ථි කොච්චර ශක්තිමත් උනත් අපිට බෑ නේද ඕනෑම ගැටීමකට අස්ථි නොබිදී තියාගන්න. කැඩුනත් හරි ආපහු තිබ්බ තත්වෙට එන්න යන කාලය, අපේ වැඩ කටයුතු මිස් වෙන තරම, මෙව්වා ඔක්කොම හිතද්දී අස්ථි බිදෙන්නේ නැතුව තියාගන්න පුලුවන් නම් ඊට වඩා හොද දෙයක් නෑ වගේ නේද..මේ කියන දේ යථාර්තයක් වෙන්න පුළුවන් LPR5 කියන ජානය විකෘති උනොත්

මේ කියන ජානය බලපාන්නේ අස්ථි වල ගනත්වයට. සාමන්යෙන් මේ ජීන් එක අප්සට් ගියොත් අස්ථි වල ගණත්වය අඩු වෙලා ඒවගේ ශක්තිය, බර එහෙම අඩු වෙලා ඔස්ටියෝපොරෝසිස් කියන අස්ථි දුර්වල වීමේ රෝගය හැදෙන්න පුළුවන්, ඒ වගෙමේ එකේ අනිත් පැත්ත ඒ කියන්නේ අස්ථි වල ගණත්වය වැඩි වෙලා ශක්තිය වැඩි වෙන්නත් පුළුවන්. මෙහෙම වෙච්ච පවුලක් දැනට සොයාගෙන තියෙනවා,.

මේ සම්බන්දෙන් පරීක්ෂන කරන අය නම් අනාගතය ගැන සුබ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ දැනට තියෙන අස්ථි සම්බන්ද රෝග ගණනාවක් මේ විකෘති ජානය ඔස්සේ සුව කරගන්න තැනට වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙයි කියල.

ෆ්ලෑෂ්




ඔව් ඔව් බ්‍රෝ ටීවී සීරීස් එකේ දුවන එකා තමයි... බැරී ඇලන් දුවන දිවිල්ලට තැන් දෙකක එක පාර ඉන්නවා වගේ තමයි පෙන්නේ. හැබැයි ඒවා තනිකර මිත්‍යාවන්. මේ කියන්නේ එච්චර දිවිල්ලක් නෙමේ, සාමාන්‍ය තත්වෙට වඩා දිවිල්ලක් ගැන. සාමාන්යෙන් ඕනෑම කෙනෙක්ට දුවන්න පුලුවන් එත් හුසේන් බෝල්ට් වගේ උදවිය සප්ලිමන්ට්ස් සහ ලොකු ට්‍රේනින් එකක් සහිතව තමන්ගේ ස්කිල් එක දියුණු කරගෙන තියෙනවා. හැබැයි ඒ විදිහට නැතුව ජාන වෙනස් වීම් වලින් මේ තත්වය උදා කරගන්න පුලුවන්.

ඒ කිව්වේ මේ ජාන වෙනස් උන අය ඔලිම්පික් දුවනවට වඩා වැඩියෙන් සෙට් වෙන්නේ ෆ්ලෑෂ්, එක්ස් මෙන් වගේ ඒවාට. මේ සම්බන්දයෙන් ක්‍රියාත්මක ජානය තමයි ACTN3.මේ ජානයෙන් ඉතාම ස්වල්පයක් විකර්ති උනොත් ඇති. එතනින් හැදෙන ඇල්ෆා අක්ටිනින් ත්‍රී කියන ප්‍රෝටීනය පේශීන් වල වේගය දියුණු වෙන්න බලපානවා.

විෂට ඔරොත්තු දෙන හැකියාව...



නයෙක්ට නයාගේම දිව හැපුනොත් මැරෙයිද වගේ වැදගත් ප්‍රශ්න අපිට තියෙනවනේ.. කොහොමද අපිට නයෙක් ගැහුවත් කෙලින් කටිං ගේමක් නැතව ඉන්න පුලුවන්නම්. සමහර විට ඔයාට හිතෙයි අපි දැන් මේ ලෝකේ කන කෑම වල හැටියට මොනවද ආයේ අමුතුවෙන් විෂට ඔරෝත්තු දෙන්නේ කියල... ඒකත් ඇත්ත ඉතින්. මෙතන කියන්නේ එහෙම නෙමේ. මිනිස් සිරුරට පැහැදිලිවම ලොකු බලපෑමක් කරන්න පුළුවන් විෂ ගැන.

මේ ජාන වෙනස් වීම ආජන්ටිනාවේ මිලේනියා කියන ගමේම අයට තියෙනවා. පහු ගිය කාලේ අපේ රටේ ගොඩක් වකුගඩු රෝගීන් එහෙම වාර්තා  උනානේ. ආසනික් වගේ බැර ලෝහ වතුරට මිශ්‍ර වෙලා තියෙන එක තමයි හේතුව උනේ. මේ මිලේනියා කියන ගමෙත් බීමට ගන්න ජාල මුලාශ්‍ර වල ආසනික් තියෙනවලු සාමාන්යෙන් ආරක්‍ෂිත ආසනික් මට්ටම ඒ කියන්නේ හානියක් නොවී ආසනික් තිබිය හැකි උපරිම මට්ටම වගේ 80 ගුණයක්. දවසට වැටෙන ආසනික් ඩෝස් එක කොච්චරද කියල හිතාගන්න පුළුවන්නේ. එත් මෙයාලට කිසිම හානියක් වෙලා නම් නෑ.

මේකට හේතුව තමයි මේ ප්‍රදේශයේ අවුරුදු දහස් ගණනක ඉදල මේ විෂට ඔරොත්තු දෙන විදිහට ස්වාභාවිකම මේ ප්‍රදේශයේ අයගේ ජාන වෙනස් වෙලා පාරම්පරික අනන්‍යතාවයක් විදිහට එන එක. මේ ආරක්ෂකයාගේ නම තමයි AS3MT. දැනට මේ ජානය සිරුරු තුල පවතින අය 6000ක් විතර ඇති කියල ගණන් බලල තියෙනවා 

ඇවිදින අකුණු සන්නායක...



මේ කියන්නේ විදුලියට ඔරොත්තු දෙන එක.

මේ සිද්දිය නම් ෆිල්ම් වලට වඩා ටීවී එකේ යන සමහර වැඩසටහන් වලින් දැකල ඇති. ලෝකේ කීප තැනකින් වාර්තා වෙලා තියෙනවා මේ වගේ දේවල්. සර්බියානු ජාතික ස්ලැවිසා පැජ්කික් කියන්නේ මේ හැකියාව තියෙන කෙනෙක්. මෙයාගේ ජාන වලින්ම මේ බලය ලැබිල තියෙන්නේ. මෙයාව හදුන්වන්නේ බැටරි මිනිසා කියල. මෙයාගේ ඩහදිය ග්‍රන්ථි පිහිටලා නෑ. ඒ නිසා මෙයාට විදුලිය වැදුනොත් ඒවා ගමන් කරන්න තෙතමනය සහිත පාත් එකක් නෑ ශරීරයේ. 


රබර් සිරුරු



මේක නම් ජානමය වශයෙන් එන්නේ නැති උනත් ජිම්නාස්ටික් කරන අය එහෙම ප්‍රැක්ටිස් කරලා හොද නම්‍යශීලී විදිහට තම සිරුරු හදාගන්නවා. එත් එහෙම ප්‍රැක්ටිස් නොකරම එක එක හැඩතල වලට සිරුර සකස් කරන්න පුළුවන් අය ඉන්නවා. ඇත්තටම මේක සුපිරි ස්කිල් එකක් නෙමේ රෝගයක්. Marfan syndrome කියලා තමයි හදුන්වන්නේ. අස්ථි බන්ධන, ස්නායු, නහර වගේ ගොඩක් දේවල් ඇදෙන සුළුයි මේ රෝගයෙන් පෙලෙන අයගේ. මේ අයට අස්ථි ජොයින් වෙන තැන් පවා වෙනස් වෙන විදහට නැවෙන්න පුලුවන්.

මේක කොච්චර සුපිරි වගේ පෙනුනත් අසාමාන්‍ය විදිහට ඇත පැය දිග වෙන්න, මූනේ හැඩය වෙනස් වෙලා අවලස්සන වෙන්න වගේ අප්සට් ඉෆෙක්ට්ස් ටිකක් තියෙනවා.

ඉතින් මේ ටික තමයි අදට කියන්න තියෙන්නේ. මේ කියන සුපර් පවර්ස් හැම වෙලේම අපිට වාසි දේවල් නෙමේ සමහර විට විවිධ සංකුලතා ඇති වෙන්න බොහෝ විට අවස්තාව තියෙනව. මට ඉස්සරහට ලියන්න හොද මාතෘකා ටිකක් හම්බුනා. ඒවා එක්ක ආයේ මුණ ගැහෙමු. තව මාස කීපයකින් බ්ලොග් එකෙන් අලුත් වැඩ ටිකක් කරන්න හිතන් ඉන්නවා. එහෙනං අදට මන් ගියා.

තවම බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද?? දකුණු පැත්තේ ෆලෝ බට්න් එක ක්ලික් කරල ෆලොවර් කෙනෙක් වෙන්න. අපේ යුටියුබ් චැනල් පහල තියෙනවා. ඒවා බලන්න අමතක කරන්නත් එපා. වමේ තියෙන පේජ් වලට ලයික් එකකුත් දානවා නම් ඉතින් අපිට ලොකු හයියක්.

1 comment:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)