විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

01 April, 2017

මොලේ හැක් කරලා සුපිරි පොරක් වෙමුද (2 කොටස)

අද ඉතින් ඔයාල මේ කියන දේ ගැන දන්නවා ඇති කියල හිතනවා.. කලින් දාපු ලිපියේ දෙවැනි කොටසින් තමයි මේ අපි හම්බෙන්නේ. අද අපි බලමු අපේ මොලේ අපිට ඕන විදිහට හසුරවල කරන්න පුළුවන් තව වැඩ මොනවද කියල.  ඉතින් මන් ගිය සැරේ කිව්වේ මයින්ඩ් පැලස් එකක් හදාගන්න හැටිනේ. ට්‍රයි කරලා එහෙම බලන්න ඇති නේද? අදත් ඒ වගේ දෙයක් ගැන බලමු අපි.  කලින් ලිපිය මිස් උනා නම් ඒක කියවල එන්න මෙතනින් පලවෙනි කොටස  
තුන කියවන්න මෙතනින් : 3 කොටස 

අලුතෙන් දෙයක් එකතු වෙද්දී පරණ මතකේ අයින් වෙනවද??


මේක ඉතින් අහන්න දෙයක් නෑ. බොහෝ විට මේක වෙනවා හැමෝටම. අත්තටම මේකට හේතුව තමයි අපේ තියෙනවා රැම් එකයි රොම් එකයි දෙකක්.... තේරුනේ නැද්ද?? ඒ කිව්වේ අපේ මතකය කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්... කාලයක් නිතර මනසට ගෝචර වෙලා ස්ථාවර උන මතකයන් සහ පොඩි පොඩි සිද්දි නිසා එකතු උන තාවකාලික මතකයන්. මෙහෙම මතකය ස්ථාවර වෙන්න සහ තාවකාලිව වෙන්න බලපාන වැදගත්ම සාධකය තමයි ඔයා මතකයට දාගන්න දේවල් වලට ඔය කොච්චර ආසද එහෙම නැත්තන් ඔයාගේ ජීවිතේට කොච්චර එක බලපානවද කියන කාරණය.  සරලම විදිහට කියනවනම් ඔයා ආසම විෂය මතක් කරගන්න... ඔයාට ක්ලාස් නොගියත් පාඩම් නොකරත් ඔයා ඒ ගැන තියෙන ආසාව නිසාම ඒ ඔක්කොම මතක තියන් ඉන්නේ... ඔයා අකැමතිම විෂයට සමහර විට ක්ලාස් කීපෙකට ගියත් ඔයාට කිසිම කරුණක් මතක නැති වෙන්න තියෙන ඉඩ වැඩියි.

මේ විදිහට මතකය අලුත් වෙද්දී පරණ මතකය ඉවත් වෙන එක ඉබේට වෙන්නේ. ඔයාට සමහර විට හිතෙන්න පුළුවන් මට ඔක්කොම මතකයි කියල නමුත් ඔයා අලුත් මතකය එක්ක පරණ ඒවා ඉතිරි වෙන්නේ සුළු කරුණු විතරයි... හොදම උදාහරනේ ඔක්කොම මතකයි කියල එක්සෑම් එකට ගියාම මොනවත් මතක නෑ කියල දැනගන්න එක. මේ අත්දැකීම අඩු වැඩි වශයෙන් අපි ඕනෑම කෙනෙක්ට තීයෙනව.

මන් දන්නවා දැන් ඔයා හිතන දේ... ඔයා හිතන්නේ මේක හරිම අමාරු වැඩක්. අපිට අමුතු බලයක් නෑ ඔව්ව මතක තියාගන්න වගේ. එත් මන් මේ කියන දේ එක්ක ඔයාඅ පිලි ගනිය් ඔයාටත් හොද බ්‍රේන් කැපසිටි එකක් තියනවා කියල. ඔයා ටර්ම් ටේස්ට් එකක් ලං වෙද්දී ඔක්කොම පාඩම් කරල කොහොමහරි එක විෂයක් හරි සාර්ථකව ලියල ඇතිනේ... හොදට මතක් කරන්න. ඔයා  පාඩම් කරපු එකක්වත් ඔලුවේ නෑ නේද ටේස්ට් එක ඉවර උන ගමන්... ඔයාටත් මේ කියන පවර් එක තියෙනවා එකෙන් හරියට වැඩක් ගන්න එක තමයි ඔයා තවම නොදන්නේ... 


කොහොමද ස්ථිර මතකයක් හදාගන්නේ?  


අම්මෝ ඔච්චර කල්පනා කරන්නෙපා. මේක කරන්න ලේසි ක්‍රම තියෙනවා. දැනට විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනව අපට අමතක වීම සිද්ද වෙන්නේ එක සිස්ටම් එකකට කියල. මේක බොහෝ විට මන් කලින් ආටිකල් එකේ දාපු මයින්ඩ් පැලස් කියන සංකල්පයට වඩා සාර්ථව ට්‍රයි කරලා  බලන්න පුළුවන් වෙයි. මුලින්ම මේ පහල ඇනිමේෂන් එක බලන්නකෝ. මේක මන් හොයාගත්තේ විකිපීඩියා එකෙන් 
ඕක තමයි මතකය ස්ථාවර කරගන්න ක්‍රමය


මේක මෙහෙම පැහැදිලි කරන්නම්.. හිතන්න ඔයා බාශාවක් ඉගෙන ගන්නවා කියල, මාස කීපයකින් ලොකු ප්‍රතිපලයක් ගන්න පුළුවන් මේ කියන ක්‍රමය මගින්... ඔයාට තියෙන්නේ ඔයාට මතක තියාගන්න ඕන වචන මේ විදිහට පෙට්ටි තුනකට දානව. ඒ පෙට්ටි තුන නම් කරනවා දිනපතා, සතිපතා, මාසිකව කියල.

දැන් ඔයාට කරන්න තියෙන්නේ දිනපතා එක හැමදාම බලන්න සතිපතා එක සතික්ට වතාවකුත් මාසික එක මාසෙකට වතාවකුත් බලන එක තමයි. ඔය විදිහට ඔයාට පොඩි පොඩි නෝට්ස් පෙට්ටි තුනක දාල මතකය ටේස්ට් කරන්න පුළුවන් මතක ඒවා ඔය ඇනිමේෂන් එකේ විදිහට පෙට්ටි වලට මාරු කර කර... 
ඔයාට දිනපතා ඒවා මතක නම සති පතා පෙට්ටියට ඒවා දාල සතියකට වරක් බලන්න. ඒවත් මතක නම් මාසික පෙට්ටියට මාරු කරන්න මොනවහරි  අමතක නම් දිනපතා පෙට්ටියට දාන්න. මේ විදිහට කරලා බලන්න ඔයාගේ මතකය නොහිතන වේගෙන් දියුණු වෙයි... 

 මේකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්ත කියල මන් හිතනවා. අදට මේ දෙවැනි කොටස ඉවර කරනවා එහෙනං. පලවෙනි කොටස තවම කියවන්න බැරි උනා නම් මෙතනින් යන්න
 මේ සම්බන්දෙන් නොතේරෙන දෙයක් තියෙනවනම් කමෙන්ට් වල අපේ ඒවා සාකච්චා කරමු. තවම බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද?? දකුණු පැත්තේ ෆලෝ බට්න් එක ක්ලික් කරල ෆලොවර් කෙනෙක් වෙන්න. අපේ යුටියුබ් චැනල් පහල තියෙනවා. ඒවා බලන්න අමතක කරන්නත් එපා. වමේ තියෙන පේජ් වලට ලයික් එකකුත් දානවා නම් ඉතින් අපිට ලොකු හයියක්.  එහෙනං මේකේ තුන් වෙනි කොටසින් හමු වෙමු. 

2 comments:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)