විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

06 April, 2017

මොලේ හැක් කරලා සුපිරි පොරක් වෙමුද (3 කොටස)

අද ඉතින් වෙච්ච පොරොන්දු ඉෂ්ට කොරල යන්න තමයි ආවේ. මන් කිව්වනේ අපී මොලෙන් වැඩ ගන්න හැටි කියල දීපු ආටිකල් සෙට් එකේ තුන් වෙනි කොටස ඉක්මනින් ගේනවා කියල. ඔන්න අද ඒ කොටස ගෙනාවා. අද මේ ලිපි මාලාව අවසන් කරන්න හිතාගෙන තමයි ඉන්නේ. මුලින්ම මේකේ මුල් කොටස් දෙක නොකියවපු උදවිය ඒ ටික මේ ලින්ක් දෙකෙන් කියවන්න. ඊට පස්සේ මෙතනට එන්න.

කලින් ආටිකල් වල කියල දීපු දේවල් සාර්ථකද නැද්ද කියල ඒවා කියවල ට්‍රයි කරපු අය දන්නවනේ. අදත් මතකය වැඩි කරගන්න ක්‍රම තමයි කියල දෙන්නේ. එහෙනං වැඩි කතාවක් නැතිව මාතෘකාවට එමු.

 
ලියපන් ලියපන් ලියපන්......


මේ මොකද්ද මේ කිව්වේ???? හරි උත්තරෙත් මමම දෙන්නම්. මේ කිව්වේ ඔයා මතකේ තිබ්බත් නැතත්, ආයේ කියෙව්වත් නැතත් ලියන්න කියල. මොනවද ලියන්නේ? හොදයි අපි බලමු මොනවද ලියන්න ඕන දේවල් කියල.

මොබයිල් ෆෝන් කම්පියුටර් වලට බාර දීල තියෙන අපේ ජීවිත වලට කම්මලිම වැඩක් තමයි ලියන එක. ඒ කතාව එහෙම උනාට අපිට මොබයිල් ෆෝන් එකේ දාල තියෙන රිමයින්ඩර් එකක් උනත් කිසිම මතකයක් නෑ ඇලර්ට් එක එනකන්...ඔව් මතක නැති නිසානේ රිමයින්ඩර් දාන්නේ නේද. ඒත් ඔය ෆෝන් එක කියන ගැජට් එක නැත්තන් මොකද කරන්නේ මොනවත් මතක් කරගන්න ඕන උනොත් එහෙම නැත්තන් මතක තියාගන්න ඕන උනොත්?? උත්තරයක් ලස්සනට දෙයි අපිට කලින් පරම්පරාව. ඒ කියන්නේ අපේ දෙමවුපියෝ. මන් හිතන්නේ මේක කියවන ඔයා 90 දශකයේ හෝ ඊට පස්සේ උපන්න කෙනෙක් නම් අනිවා ඔයාගේ පාඩම් එහෙම අමතකයි කියල කියද්දී අම්මල තාත්තල කියන්නේ මතක හිටින්න දෙතුන් පාරක් ලියන්න කියල. සමහර විට ඔයා එහෙම කරා නම් එක සාර්ථක බව ඉගෙනගෙන ඇති අනිවා.

ඉන්ඩියානා යුනිවර්සිටි එකේ කරපු පරීක්ෂනයෙකින් ඔයාලගේ අම්මල ඒ කිව්ව දේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒ ගොල්ලෝ කියන්න කීබෝර්ඩ් එකේ ඇගිලි වලින් දාන සෙල්ලම් එකම දේ...ඒ කිව්වේ නිකන්ම බොත්තම් ඔබනවා විතරයි. එහෙම කරද්දී අපේ ඔලුවට කිසිම අකුරක්වත් අකුරක හැඩයක්වත් ඔලුවට යන්නේ නෑ. මොකකට හරි තට්ටු කරන ෆීලින් එක විතරි. නමුත් අපි දෙයක් අතින් ලියනවනම් තත්වේ වෙනස්, අපේ මොලේ ලියන දේ අදුරගන්නව, ඒ වගේම ඒ ගැන අවබෝදෙන් ලියන්නේ. අන්න ඔතනදි තමයි ඔලුවට මතකය කියල පොඩ්ඩක් හරි සේව් උනොත්. ඕනෑම දෙයක් ඉගෙන ගනිද්දී මේ ක්‍රමය ඇති සාර්ථකයි.

විද්‍යාවෙන් මේ කියන ඒවා විශ්වාස නැත්තන් ඔයාගෙම අත්දැකීමක් රිවයිස් කරලා බලමු. ඔයා පොඩි කාලේ ලියන්න කියන්න පුරුදු උනේ අම්මලාගේ ෆෝන් වල ටයිප් කරලා නෙමේනේ... පොඩි කාලේ ප්‍රයිමරි ගුරු මෑණි වරු ඇනපු ටොකු වලට බයෙන් පොත් වල ලියලමනේ. ආයේ වෙන මොනවත් කියන්න ඕන නෑනේ. මතකය වැඩි කරගන්න නම් ලියන එක තමයි කරන්න ඕන. 

කූල් ඩවුන් බ්‍රෝ කූල් ඩවුන්...



තේරුනේ නැද්ද? මේ කියන්නේ තරහව පාලනය කරගන්න කියල. පුද්ගලිකව මටත් මේක පොඩ්ඩක් අමාරු වැඩක්. ගොඩක් අයට එහෙම තමයි. හැබැයි තරහ අරන් කරපු දේවල් නිසා පස්සේ අපිටම මේ ලෝකෙන් පිටුවහල් වෙන්න තරම් ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ කියන්නේ තරහ ගියාම ඕනෑම කෙනෙක් හරිම මෝඩයි. ඉතින් තරහ යන වෙලාවටත් බුද්ධිය පාවිච්චි කරලා තරහ කන්ට්‍රෝල් කරගෙන හැසිරෙන්න පුළුවන් නම් මාර ස්මාර්ට් නේද? මේක කරන්න ඇත්තටම පුලුවන්ද?

ඔව් පුළුවන්. අර පොඩි කාලේ ඉදලම එකේ ඉදල 10ටයි 10 ඉදල එකටයි ගනින්න උගන්නන්නේ ඕකට තමයි. ඒ නම් ස්මාට් වෙන්න නෙමේ... අතපය විසික් කරන්න ගිහින් ගුටි කාල එන එක වලක්වන්න, ඔයාලගේ අම්මල ඔයාට තිබුන ආදරේ නිසා. ඒ විදිහට ආදරෙන් කියල දීපු එක අපි පොඩ්ඩක් ස්මාට් වෙන්න යුස් කරලා බලමුද එහෙනං??  දැන් ඔය එකේ ඉදල ගනින්න කිව්වත් මොක කරත් අපි නිවුන වගක් දැනුනට පස්සේ වෙලාවට අපිටම තනියම ඉද්දි ඕක මතක් උනොත් තරහ යනවනේ. ඇත්තටම ඒ කූල් ඩවුන් නෙමේ වෙන්නේ. එක එක්තරා විදිහක භාවනා ක්‍රමයක් කිව්වොත් හරි. අපේ මනස අපි කෘතිමව වෙන දෙයක් හිතන්න පොලබවනවා. ඒ නිසා තමයි එකේ ඉදල සීයට හරි දාහට හරි ගනින්න නොකියන්නේ....

ඒ කිව්වේ?? ඔව් ඒ කිව්වේ මේකයි. අපිට ඕන වෙලාවක වෙන දෙයක් සිහියේ තියන් දිගට හරහට ගනින්න පුළුවන්නේ. එහෙම උනොත් ඉවක් බවක් නැතුව ගනිනවා වගේම තරහ ගිය මානසිකත්වේ වෙනස් වෙන්නෙත් නෑ. ඒ නිසා මනස වෙන දෙකට යොමු කරන්න තමයි 10 කියල සීමාවකට ගනින්න කියන්නේ. එතකොට මනස වෙහෙසෙන්නේ තරහ ගැන හිතන්න නෙමේ 10 සීමාව මීටර් කරගෙන ඉන්න ආපස්සට ගනින්න කියන්නේ තවත් මනස වෙහෙසවල අවදානය වෙනස් කරන්න. හැබැයි මන් කියන්නේ මේ විදිහට හැම වෙලේම ගනින්න එපා. මොකද ඔයා නිතර තරහ යන කෙනෙක් නම් ඔයාගේ ඔලුව ගනින එක හුරු කරගන්නවා, ඊට පස්සේ එකේ ඉෆෙක්ට් එක ඉවරයි... හරියට සුරපප්පගේ මැජික් අරිශ්ටේ පවර් එක ගියා වගේ. ඒ කියල ජිම් පප්පා වගේ වෙන්න නම් ලේසි නෑ. ඒ කියන්නේ ඕන වෙලාවක තරහ නොගෙන ඉන්න නම් ඔයාට භාවනා ක්‍රමයක් වගේ දෙයක් අනුගමනය කරන්න වෙනවා. නිතර මනස සන්සුන් වෙන්න හුරු උනාම ඔයාට තරහ යන එක ඉබේටම නවතියි.

නමුත් ඉතින් භාවනා ක්‍රම ගැන ඉගෙන ගන්න එක්ස්පර්ට් කෙනෙක් ගාවට යන්න ඕන. ඒ නිසා ඊ බලමු අපිට මොකද කරන්න පුළුවන් කියල. සරලව අපිට හැම වෙලේම හැම කෙනෙක් එක්කම හොදින් ඉන්න උත්සහ කරන්න පුළුවන්. ඒකත් අමාරු නම් ඉතින් තරහ ගිය වෙලාවට එතනින් අයින් වෙන්න ප්‍රශ්නේ දිගට යන්න කලින්. එහෙමත් බැරි නම් වෙන ඔයා ආස දෙයක් ගැන හිතන්න. හුරු වෙනකන් අමාරුයි. හුරු උනාම ඕනෑම ප්‍රශ්නෙකදී ඔයා තමයි ස්මාට්ම පොර. මේකත් බ්‍රේන් හැක් එකක් තමයි බ්‍රෝ.

පින්තුර දිහා බලල ලෙඩ නොවී ඉමුද?



නෑ නෑ දොස්තරලට ජොබ් එක ගහල යන්නේ නෑ. මේ කියන්නේ ලෙඩ නොවී ඉන්න එකම නෙමේ ලෙඩ වලට ඔරොත්තු දෙන විදිහට පිළිවෙතින් පෙලගැසෙමු කියල..... ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනස එක්ක සම්බන්ධ කරලා පොඩි බූස්ට් පාරක් දාගමු කියල.

ලෙඩ වෙන එක හිතල උනේ නැතත් අපිට අපේ ඉමියුන් සිස්ටම් එක හොදින් මේන්ටේන් කරන්න බැරි නෑනේ, ඉතින් මනස කියන්නේ අපිට සතුට දුක තරහව ආදරය හැම දේම උපද්දවන තැනනේ. ඉතින් අපි ඉන්න මූඩ් එක අනුව අපේ අග ඇතුලේ ක්‍රියාත්මක වෙන හෝමෝන වල සමතුලිතබව වෙනස් වෙනවා. ඕනෑම කෙනෙක් දන්නවනේ හෝමෝන කියන්නේ අපේ සිරුරේ ගොඩක් පාලනයන් වගේම ක්‍රියාකාරිත්වයන් මනාව කරන්න උදව් වෙන සාදකයක් කියල. මේ සාධකය එහෙමෙහෙ උනොත් ලෙඩ තමයි. ඉතින් සතුටින් ඉද්දි ලෙඩ නෑ කියන එක අහන්නත් දෙයක්ද...

හැබැයි මන් මේ කියන්න යන්නේ සතුටින් ඉන්නවට අමතරව බ්‍රිතාන්‍යයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් කරපු පොඩි පර්යේෂණයක් ගැන. මෙයාල කැස්ස හෙම්බිරිස්සාව උන වගේ සාමාන්‍ය එදිනෙදා ඕනෑම කෙනෙක්ට සෙට් වෙන ජාතියේ අසනීප හැදුන සෙට් එකකට විනාඩි 10ක පින්තුර ස්ලයිඩ් ශෝ එකක් පෙන්නලා. මේ වැඩේ කරලා හොයාගෙන තියෙනවා සුදු රුධිරානු සෛල ගමන් කරන වේගය වැඩි වෙලා ආසාදන තත්වයන් වලට ඔරොත්තු දෙන්න ඕන කරන ප්‍රෝටීනයක් වන ඉන්ටලියුකින්-6 නිපදවන්න පටන් අරන් කියල. 23% කින් මේ ප්‍රෝටීනය වැඩි වෙලා කියල තමයි කියන්නේ. ඒ වගේම මේ අයව ස්ට්‍රෙස් වෙන විදිහේ පින්තුර පෙන්නුවත් එයාලගේ අඩු උන ප්‍රතිශතය 6%ක් විතරයි. ඒ කියන්නේ සිත නිවෙන මනසට හොද පින්තුර බලන එක ඔයාගේ ලෙඩ වෙන එක පොඩ්ඩක් කල් දාන්න පුළුවන්.... මෙච්චර කල් කල් දාන්න බැරි උන එකක් කල් දාන්න ට්‍රයි කරලා බලන්න එහෙනං.

හැම දේටම මුල මනස කියන එක බොරු නෙමේ නේද?

එහෙනං මේ තමයි මේ ලිපි සෙට් එකේ අන්තිම එක. මුල් ලිපි දෙක නොකියවපු අය මේ ලින්ක් වලින් බලන්න. 

තවම බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද?? දකුණු පැත්තේ ෆලෝ බට්න් එක ක්ලික් කරල ෆලොවර් කෙනෙක් වෙන්න. අපේ යුටියුබ් චැනල් පහල තියෙනවා. ඒවා බලන්න අමතක කරන්නත් එපා. වමේ තියෙන පේජ් වලට ලයික් එකකුත් දානවා නම් ඉතින් අපිට ලොකු හයියක්.

No comments:

Post a Comment

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)