විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

26 April, 2017

වෙනස් වෙනස් විදහට සපත්තු ලේස් කරමුද?


ඉස්සර වගේ නෙමේනේ දැන් කොල්ලෝ කෙල්ලෝ බේදයක් නැතුව සපත්තු දානව. සපත්තු දාද්දි ඉතින් අපි ඔහේ කඩෙන් ගද්දිම ලේස් කරලා තිබ්බ විදිහටම තියාගෙන සමනල ගැටේ ගහන එකනේ කරන්නේ. සරල ජීවිත ඉතින්.... නැද්ද??? ඔය කිව්වට කවුද අකමැති සුප්පා ලේස් පැටර්න් එකක් දාගෙන දකින දකින තැන යාළුවන්ව එහෙම කොර කරන්න?? තවම අවුරුදු උණුසුමත් ගිහින් නැති එකේ ඊලගට නෑයෙක් එහෙම බලන්න යද්දී මේ එකක් දෙකක් ට්‍රයි කරලා බලන්න. 

සපත්තු ලේස් කියන්න එක විදිහකින් බැලුවොත් හොද කලාවක්. මේ ලේස් රටා සමහර විට ඔයා දන්නවත් ඇති හැබැයි නොදන්නා අය තමයි වැඩි කියල මට හිතුන පාරේ යන එන ගමන් කට්ටිය දාන් යන හැමදාම දාන එකම ටයිප් එකේ ලේස් කිරිල්ල දැක්කම.

හොදට මතක තියාගන්න මේවා ට්‍රයි කරද්දී ලේස් එක උඩින් ගිහින්ද යටින් ගිහින්ද කියල බලන්න හොදේ, 
ඒ වගේම මේ මේ රුප සටහන් සියල්ල තියෙන්නේ මේ පහල පින්තුරේ පිළිවෙලට 

මේ තියෙන ඒවගේ ස්ටෙප් නොතේරුනොත් කමෙන්ට් එකක් දාන්න. ඩෙෆා කියල දෙනවා 

ස්ට්‍රේට් බා(ර්) ලේසිං 

මේ ක්‍රමය පට්ට නීට් ඒ වගේම ස්මාර්ට් ස්ටයිල් එකක්. වැඩි වැඩ කෑලි නැති සුවපහසු ඒත් පොඩ්ඩක් ස්මාර්ට් එකේ ඉන්න කැමති කොල්ලෙක්ට කෙල්ලෙක්ට කියාපු ස්ටයිල් එකක් මේක. පහල ස්ටෙප් ටික බලල ගැට ගහන්න ඉගෙන ගන්න. 

 ගැප් ලේසිං 


සපත්තුව පොඩ්ඩක් තදට දැනෙනවානම් ඒ කියන්නේ ලේස් එක හරියෙන් නමෙනකොට පොඩ්ඩක් තායි වගේ නම් ඔයා මොකද කරන්නේ??? ලේස් එක ගලවල දාල යන්නේ නෑනේ... ඔන්න ඒ ප්‍රශ්නේ තියන බුවාලට බුවීලට මේක හොදයි. ඒ වගේම ගොඩක් ෆැෂනබල්. ඔර්ඩිනරි විදිහ වගේ පෙනෙයි එක පාර ඒත් මැද ගැප් එක සෙනිකව නෝට් වෙනවා.

සෝටූත් ලේසිං 


මේ කියන්නේ කියතක දැති ආකාරෙන් තියනවා කියන එකනේ. ඒ විදිහේ එකක් තමයි මේ. මේකේ විශේෂ ගුණාංගයක් කියලා දක්වන්න දෙයක් නම් නෑ. ස්ටයිලිෂ් ඇන්ඩ් සිම්පල්. මේක කැමති විදිහට සයිඩ් එක මාරු කරලා සපත්තු දෙකට දාන්න පුළුවන්. 

ලැඩර් ලේසිං 


ඉනිමගක් වගේ පේන මේ ස්ටයිල් එක නම් වෙනස්ම එකක් ඒ වගේම මේකේ හොදම ගුණාංගය තමයි ගොඩක් හිරට සපත්තු දෙක රදවාගන්න පුළුවන්. ඔයාගේ සපත්තු කුට්ටම ටිකක් ලොකුයි නම් මෙන්න කියාපු ස්ටයිල් එක. ඔන්න ඒකත් බලාගන්නකෝ


ස්පයිඩර් වෙබ් ලේසිං 

ටිකක් අලුත් වෙනසක් කරන්න එහෙම නැත්තන් සංකීර්ණ පෙනුමක් ගන්න, සංකීර්ණත්වය අස්සේ අමුතු ලුක් එකක් ගන්න වගේ ආස අය නම් ඉහලින්ම මේ ස්ටයිල් එකට නම් ඩෙෆා කැමති වෙයි. හොද හිරට හිටින ස්ටයිල් වලින් එකක්. මකුළු දැලක් වගේ පේන මේ ස්ටයිල් එක කරන්නේ මෙහෙමයි 

ආමි ලේසිං 


වැඩි කැටයමක් නම් මේකේ නෑ. හැබැයි ඕන ප්ලේස් එකක යුනික් අයිඩෙන්ටිටියක් හදාගන්න නම් මරු. ඒ වගේම මේකත් ගොඩක් ස්ථාවර වගේම සැහැල්ලු එකක්. ඒ වගේම හිර සපත්තු වලට මේක හොදයි. තව ගොඩක් ෆ්ලෙක්සිබල්. ඒ කිව්වේ ඇවිදින්න ගොඩක් පහසුයි. හිර ගතියක් නෑ. 


සිපර් ලේසිං 


කැමතිද සපත්තු දෙකේ ලේස් එක නිකං සිපර් එකක් දාල වගේ පේන්න ලේස් කරන්න. මේක තමයි මගේ ෆෙවරිට්ම එක. පට්ට ගති වගේම මුල අල්ලගත්තම සටස් ගාල ලේස් කරන්නත් ලේසියි, හැබැයි පොඩ්ඩක් විතර හිරයි මේක. ඒ වගේද බ්‍රෝ ස්ටයිල් එක.මේකෙන් සපත්තුව පට්ටෙටම ස්ටෙඩි විදිහට රැදිලා තියෙනවා. 


ට්විස්ටී ලේසිං සහ ලූප් බැක් ලේසිං


මේ දෙකම එක වගේ පොඩි වෙනසක් තියෙන්නේ. මේකෙදි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මේක කරද්දී මැදින් ලේස් එක පටලන එක හරි ගානට එකම ලයින් එකක පිහිටන්න වගබලාගන්න ඕන. හැබැයි වැඩි කැටයමක් ඕන වගේ නම් පැටලුම් එකක් වමට අනික දකුණට විදිහට මාරු කර කර දාන්න පුළුවන්. ඒ වගේම මේක වැඩිය දාන්නේ නැති අන්කොමන් එකක්. දෙකම එහමයි. මේ පහල තියෙන්නේ ට්විස්ටී එක. මේකෙම පැටලුම වට දෙකක් නොදා තනි වටෙන් පටලන එක තමයි ලූප් බැක් කියන්නේ. දෙකම ස්ටයිලිෂ් කියල එකක් එකකට අනික අනිකට දාන්නේපා

ඔන්න අද කස්ටිය අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති නේද? අපි ගියා එහෙනං

2 comments:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)