විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

18 April, 2017

අනාගතයේ පෘථිවිය කවුරු රන් කරයිද?

අද පෘථිවිය හරියට මිනිසාගේ තනි බුදලයක් වගේ තමයි පවතින්නේ නේද? පෘථිවියේ ඉන්න කිසිම ජීවියෙක්ට නැති අන්දමේ වරප්‍රසාද ගණනාවක්, ඒ වගේම ඕන දෙයක් කරන්න තාක්ෂනය, කරන දේවල් වැරදුනාම ඒවාට දාන නීති, මේ සියල්ලම මිනිසාගේ. කොච්චර අහිතකර උනත් සියල්ල කරන්න පවර් එක මිනිසා කියන මේ අමුතු ජීවියට තියෙනවා, සරලව කිව්වොත් වෙනත් ජීවීන්ගේ පැවැත්ම තීරණය කරන්නෙත් මේ කියන මිනිසාම තමයි. ඒ උනාට නිකමට හිතුනද අපි අද මේ අයියල වගේ හිටියට ඉස්සර අපිට තිබ්බ තත්වේ.. ඇත්තටම කිසිම තත්වයක් අපිට තිබිල නෑ. ඒ ඒ යුග වලදී ඒ ඒ යුගයේ පරිසරයට හරියටම ගැලපිලා හිටිය ජීවින් තමයි පාලනය අතේ තියාගත්තේ. ඉතින් ඕනෑම කෙනෙක් දන්නවනේ අපි දියුණු උනාට පරිනාමය නැවතිලා නෑ. ඉතින් මේ පරිණාමය තව ඉස්සරහට යද්දී තව තව ජීවින් මතු වෙයි අපේ පාලන යුගය නිමා කරන්න. සමහර විට පිටසක්වල ආක්‍රමණයක් උනත්. අපි එහෙනං බලමු කවුද කොහොමද අනාගත පෘථිවියේ හිමිකාරිත්වය ගන්නේ කියල.


ජාන වැඩි දියුණු වූ සතුන්

 

ඔයාල ගොඩක් අය බලල ඇතිනේ planet of apes මුවීස් සෙට් එක. මේකේ කතාවට පාදක වෙන්නේ පරීක්ෂනාගරෙකදී විශේෂ ජාන සැකැස්මක් නිසා මනස ඉතාම දියුනුවට් පත් උන චිම්පන්සියෙක්ගේ කතාවක්. ඒ වගේම මේක කතාවක් උනාට අනාගතය ගැන අලුත් චිත්රයකුත් අපිට දෙනවා මේ විදිහට තාක්ෂනය සහ පරිණාමය කියන දේවල් වෙනස් උනොත් මොකද වෙන්නේ කියල.

ඇත්තටම මේ මිනිස් බුද්ධිය ආසන්නයට එන විදිහට සත්තු දියුණු කරන සංකල්පය නම් ගොඩක් පරණ එකක්. Cordwainer Smith කියන විදිහට නම් මෙහෙම දියුණු උනොත් සත්තු අයිතිවාසිකම් වලට අරගල කරාවි කියලයි. ඒ වගේම George Dvorsky නම් කියන්නේ පොඩ්ඩක් වෙනස් කතාවක්. අපි මෙහෙම තාක්ෂණයක් හොයාගත්තම පුළුවන් හැම ජීවී වර්ගයක්ම උසස් මනෝ තත්වෙකට ගන්න එක අපේ යුතුකමක් කියල තමයි කියන්නේ. ඒ විදිහට යුතුකම් ඉෂ්ට් කරන්න ගියොත් මොනවා වෙයිද කියල නම් අපි දන්නේ නෑ.
 
Cordwainer Smith 

ඇත්තටම මේ විදිහට කරන්න පුලුවන්ද?? මේකට Alex Knapp උත්තර දෙන්නේ මෙහෙමයි. ජීවි විශේෂයක් මානසිකව දියුණු කරනවා නම් DNA වල වෙනස් කම් කරන්න වෙනවා කළල අවදියේදීම. හැබැයි මෙතනදීත් වරදින්න පුළුවන් අවස්ථා වැඩියි කියලත් සදහන් වෙනවා. ඒ කියන්නේ රිස්ක් එකක් අරන් මේ වගේ දේවල් කරන්න වෙන්නේ. මෙහම දියුණු උන කලලයක් මවු ජීවියා විසින් දරාගෙන ඉන්න එකත් ප්‍රශ්නයක්, මේ වගේ පරීක්ෂණ සදාචාර විරෝදී කියල ගොඩක් අය මත දරනවා. මොකද මෙහෙම කරාමඒ වෙනස්කම් වෙන වෙන දේවල් වලට බලපාන්න ඉඩ තියෙනවා සතුන්ගේ. එත් මේ තාක්ෂනයන් දියුණු වෙන වේගය එක්ක නුදුරු අනාගතයේදීම නව බුද්ධිමත් ජීවින් කොටසක් ලෝකෙට එන්න ඉඩ. ඒ වගේම ඒ අය තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගන එකක් නෑ කියල අපිට කියන්න බෑ වගේම කවදාහරි පෘථිවියේ පාලනය එයාලට ඕන වෙයිද දන්නෙට් නෑ 

කෘත්‍රිම බුද්ධිය

 

මේක නම් නොදන්නා කෙනෙක් නැති තරම්. මොකද සයන්ස් ෆික්ෂන් වල දකින්න ලැබෙන්නේ වැඩියෙන්ම කෘත්‍රිම බුද්ධි ආශ්‍රිත කතා. ඒ වගේම දැනට ලෝකේ ඉහලින්ම පාරීක්ෂණ කරන දේවල් වලින් එකක් තමයි මේ. කෘත්‍රිමව මිනිස් මොලය හෝ සත්ව මොළ හෝ  ඒ ආසන්නයටම දියුණු තත්වෙට පත් උන බුද්ධියක් තමයි කෘත්‍රිම බුද්ධියක් වෙන්නේ. මෙතනදී වැදගත්ම වෙන්නේ අත්දැකීම් ඔස්සේ ඉගෙන ගන්න එක. ඒ කියන්නේ අද අපි ලබන අත්දැකීම් අනුව අපි ආයේ එහෙම දෙකට මුණ දෙන විදිහ වෙනස් වෙනවනේ, ඒ විදිහටම කෘත්‍රිම බුද්ධියටත් හැකියාවක් තියන්න ඕන. ඒ වගේම හිතන්න, තර්ක කරන්න මේ හැම දේම. දැනට මේ විදිහේ පරීක්ෂණ ගොඩක් සාර්ථකයි. නමුත් මේ සියලුම ගති ලක්ෂණ එකම තැනකට ගන්න එක ගොඩක් සාර්ථක නෑ,

කෘත්‍රිම බුද්ධි සරල හා සංකීර්ණ විදිහට කොටස් දෙකක් තියෙනවා. සරල කොටසේදී පවතින කෘත්‍රිම බුද්ධි විදිහට සමහර වෙලාවට අපේ මොබයිල් ෆෝන් එක උනත් හදුන්වන්න පුළුවන්. මේවට තියෙන හැකියාවන් තමයි පොඩි පොඩි ප්‍රශ්න වලට උත්තර දෙන එක, ලොකේෂන් සර්විස් එක්ක වැඩ කරන එක,චෙස් වගේ සෙල්ලම් කරන එක, වගේ එදිනෙදා වැඩ කටයුතු. මේව ක්‍රියාත්මක වෙන ඇල්ගොරිදම් මගින් කලින් මේ පද්ධති වලින් ලබගත්ත හා ආදානය කරන ලද දත්ත ඔන්ලයින් ඩේටාබේස් වලින් අරන් ඇනලයිස් කරලා කොහොමද කලින් මේ අවස්ථාවට මුණ දුන්නේ කියන එක බලල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ එක්තරා විදිහක ඉගන ගැනීමක්,
සංකීර්ණ කෘත්‍රිම බුද්ධි නම් ඔය උඩින් කිව්ව හැකියවන් වලට අමතරව, තර්කනය, හිතීම, දැක්ම, සාමාන්යෙන් භාවිතා වන භාෂා ප්‍රයෝග අදුනාගැනීම, වගේ ගොඩක් දේවල් අඩංගුයි. කවද හරි මේ විදිහට දියුණු වීමේ සීමාව ඉතින් අපිට නම් හිතන්න අමාරුයි. මොකද මේ ඉගනගනීම් සියල්ල සිද්ද වෙන්නේ මිනිස්සු කරන කියන දේවල් වලින්. ඒ කියන්නේ මිනිස් ගති ලක්ෂණ. අද ලෝකේ පවතින හැම ප්‍රශ්නයක්ම වගේ ඇති වෙන්න හේතුව මිනිස්සු, ඉතින් යන්ත්‍ර වලටත් මේ ගති ලක්ෂණම ගියාම තමයි හරියටම ප්‍රශ්නේ ඇති වෙන්නේ. 


 Informorphs

 

මේක ටිකක් අමුතු කන්සෙප්ට් එකක්, ඒත් කෘත්‍රිම බුද්ධිය වගේ ටිකක්. 1991 දි චාල්ස් ප්ලැට් සිලිකන් මයින්ඩ් කියල පොතක් එලි දක්වනවා. මේ පොතේ සදහන් වෙන විදිහට මිනිස් මතකයන් සියල්ල කොපි කරනවා පරිගණක පද්ධති වලට. ඒ පද්ධති හදුන්වන නම තමයි ඉන්ෆොමෝෆ්ස් කියන්නේ. මේ වගේම සංකල්පයක් 1996දි රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් චිස්ලෙන්කෝ ඉදිරිපත් කරනවා. මේ ක්‍රමයට අනුව මතකයන් හා අත්දැකීම් කම්පියුටර් වලට කොපි කරන්න විතරක් නෙමේ, ඒවා සින්ක් කරලා ශෙයා කරන්නත් පුළුවන්. හරියට අපි දැන් ක්ලවුඩ් ක්‍රමයට දත්ත හුවමාරු කරනවා වගේ.

මේ විදිහට භෞතික සිරුරකින් තොර මතකයන් වලට සීමාවක් පනවන්න කාටවත් බෑ. ඒ කියන්නේ හරියටම අපි මේ ඉන්නවා වගේම අපේ සියලුම අතුලන්තයන් සහිත හැගීම් දැනීම් සහිත කම්පියුටර් එකකුත් පවතිනවා. මේ අත්දැකීම එච්චර සුන්දර වෙන එකක් නම් නෑ. මොකද සියලුම අත්දැකීම් ශෙයා වෙනවා, මේවා හැක් කරන්න පුළුවන් උනොත් එතැනදී අපේ සියලුම විස්තර එලියට යනවා, අපේ පාස්වර්ඩ්, බැංකු විස්තර පවා, එහෙම නොවුනත් ඔයාගේ අතිශයම පුද්ගලික අත්දැකීමක් ඒ විදිහටම වෙන කෙනෙක්ට ශෙයා කරගනත් පුළුවන්. හැබැයි මේ ක්‍රමයට යම් සීමාවන් පනවල නීති පද්ධතියක් මගින් එලියට ආවොත් නම් ලොකු වාසිත් තියෙනවා. හිතන්නකෝ මතකය නැති උන කෙනෙක්ට ආපහු මතකය ගන්න අමාරු කම, නමුත් අපේ සියලු මතකයන් මෙහෙම පරිගණකගත වෙලා තිබුනොට් අපිට පුළුවන් බැකප් කරන්න.

මොනවා උනත් මේ ඔක්කොම දේවල් අපේ මොලේම බැකප් එකක් නිසා මොලේ ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ගත්තොත් පරිගණක අතට පාලනය එන්න බැරි නෑ.


Cyborgs

 

මේ වචනය මුලින්ම පාවිච්චි වෙන්නේ 1960 තරම් ඈතක මන්ෆ්රඩ් ක්ලයින් සහ නේදන් ක්ලයින් කියන දෙන්න විසින්. මේ දෙන්නා විවිද උපකල්පනයන් ලෝකෙට ගෙන්න උත්සහ කරා විද්‍යුත් සහ රසායනික ක්‍රම පාවිච්චි කරලා මිනිස් සිරුර විවිද පරිසර තත්වයන් වලට හැඩගැස්වීම සම්බන්දෙන්. මෙයාල ගොඩක්ම ලිව්වේ අභ්යවකාශේදී මිනිහෙක්ට පවතින්න පුළුවන් ක්‍රම ගැන. මේ ක්‍රම වලදී වැඩි අවදානයක් යන්ත්‍ර වලට මිනිස් සිරුරේ කාර්යයන් බාර දෙන එක ගැන මෙයාල හිතල බලල තියෙනවා. මේ විදිහට සිරුරේ සමහර කොටස් යාන්ත්‍රිකව පවතින අය හදුන්වන නම තමයි සයිබෝග් කියන්නේ. මුලින් මේ කන්සෙප්ට් එක මිනිසුන්ට පැවැත්මක් නැති පරිසර වලදී පැවැත්ම තහවුරු කරන්න ඉදිරිපත් උනත් දැන් නම් මිනිසුන්ට අහිමි සංවේදිතා ලබාගන්නත් මේ තාක්ෂනය භාවිතා කරනවා

අන්ධ අයට පෙනීම ගන්න, අංශභාග තත්වයට පත් වූ අයගේ සංවේදන ලබාගැනීම, ඇවිදින්න බැරි හෝ යම් යම් ආබාධ ඇති අයට රොබෝ කොටස් සිරුරට බද්ධ කරලා විසදුම් සොයන්න පුළුවන්. මේ තාක්ෂනය අනාගතයට යනකොට නම් වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපිට දැනට මිනිසුන් වශයෙන් ලැබෙන සංවේදනා වාට අමතරව තව වැඩි දියුණු උන සංවේදන, ඉව, වගේ දේවල්, ඊට අමතරව මේ විදිහට ගිහින් මිනිස් සිරුරේ වැඩි කොටසක් මේ යන්ත්‍ර වලට දුන්නොත් අපේ සිරුර යන්ත්‍ර වලට ඇහැල වෙනවා. මේ තාක්ෂනය මොලයේ යම් යම් දේවල් පාලනය කරන්න උනත් පුළුවන්, මොකද අපේ හෝමෝන සහ ජීවවිද්‍යාත්මක පද්ධති පාලනය කියන කොටස මේ සයිබෝග් වලට අයත් වෙනවා. ඒ කියන්නේ අපි කවද හරි මේ යන්ත්‍රවල වහල්ලු වේවි. ඉතින් එදාට යන්ත්‍ර තමයි සියල්ල පාලනය කරන්නේ. අපි ඒ යන්ත්‍ර වලට පවතින්න ජීව විද්‍යාත්මක පද්ධතියක් සපයනවා විතරයි. රොබෝ කෝප් බලපු අය දන්නවා මේ කියන කරණය හරියටම, රොබෝ කොප් ට තියන හැකියාවන් හිතන්නකෝ, ඇත්ත බොරු ඇනලයිස් කරන්න, මිනිස් මොලයට වඩා ඉක්මන් ගණනය කිරීම්, නිවැරදි ඉලක්ක ගැනීම්, මේ වගේ දේවල් පුළුවන්. ඊට අමතරව රොබෝ කොප් වගේ මේ ටෙක්නොලොජි එකෙන් මිනිස්සුත් හැගීම් දැනීම් නැති වෙන්න පුළුවන්. 

ඔන්න එහෙනං අද ලිපියෙන් නවතිනවා. 

තවම බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද?? දකුණු පැත්තේ ෆලෝ බට්න් එක ක්ලික් කරල ෆලොවර් කෙනෙක් වෙන්න. අපේ යුටියුබ් චැනල් පහල තියෙනවා. ඒවා බලන්න අමතක කරන්නත් එපා. වමේ තියෙන පේජ් වලට ලයික් එකකුත් දානවා නම් ඉතින් අපිට ලොකු හයියක්.

No comments:

Post a Comment

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)