විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

05 March, 2017

මැජික් ඉගෙන ගමුද? | let's learn magic

ඔන්න අද අරන් ආව හැමෝටම ඉන්ටරස්ටින් ආටිකල් එකක්. ඒ තමයි මැජික්. මන් හිතනවා ඊයේ හැමෝම වගේ ස්වාධීන රූපවාහිනියේ youth with talent ප්‍රෝග්‍රෑම් එක බලන්න ඇති. එකේ අරුන් මෝලි විසින් කරන ට්‍රික්ස් එහම ඔයාල දකින්න ඇතිනේ. කොහොමද ඔහු ඒවා කරන්න ඇත්තේ. අපි එහෙනං බලමු ටිකක් මේ ගැන කතා කරලා. ඔන්න කලින්ම කිව්වා මේක මැජික් වල විශ්මිත බව ඒ විදිහටම විදින්න ආස අය කියවන්න එපා. මොකද මේක කියෙව්වම ඔයාට ආයේ මැජික් බලද්දී ගොඩක් දේවල් අවබෝද වෙන්න ගනියි. එතකොට පුදුමයක් නෑනේ.
ඉස්සර වෙලාම බලමු මොනවද මේ මැජික් කියල. ඇත්තටම මැජික් කියන්නේ ලෝකේ තියෙන ඇති විශිෂ්ටම කලාවන්ගෙන් එකක්. ඒ වගේම මේක ගොඩක් අය ගුරු මුෂ්ටි තියාගන්නවා කිව්වොට් නිවැරදියි. හැබැයි අලුතෙන් දෙයක් හිතන්න පුළුවන් නම් හොද ක්රියෙටිවිටි එකක්, නිවැරදි පෞර්ශත්වයක්, තමන් ගැන විශ්වාසයක්, ඕන කෙනෙක්ගේ අවධානය තමන්ගේ අවශ්‍යතාවයට වෙනස් කරන්න පුළුවන් හැකියාවක් වගේම ලොකු කැප කිරීමක් කරන්න පුළුවන් නම් මැජික් ඉගෙන ගන්න ඔයාටත් පුළුවන්.
සාමාන්යෙන් මැජික් අපි දකින ඒවා ලොකු ලෝගු අස්සේ තොප්පි අස්සේ එක එක ඒවා හන්ගන් ඇවිල්ල මතු කරනවා වගේ දේවල්නේ. එහෙම දේවල් වලදී ඇත්තටම අපිට පේනවා මේවා අස්වාභාවිකයි කියල. නමුත් අද ලෝකේ ට්‍රෙන්ඩ් එක මීට වෙනස් අතකට යන්නේ. සරල උපකරණ කීපයක් අරගෙන ඇවිල්ල සරල ඇදුමින් සැරසිලා මැජික් එකක් කරද්දී තියෙන විශ්මය ගොඩක් වැඩියි. එහෙනං වැල්වටාරම් නැතිව කෙලින්ම කතාවට එමු. මන් කියල දෙන්න යන්නේ කාඩ් පැක් එකකින් කරන්න පුළුවන් මැජික් වල බේසික් කන්සෙප්ට් වලින් එකක්. 
ඒ තමයි කාර්ඩ් ෆොර්සින් (card forcing). කාඩ් ෆොර්සිං ක්‍රම දෙකක් මන් අද කියල දෙන්න යන්නේ.
ඊයේ මැජික් එක නොදැක්ක අය පහල වීඩියෝ එක බලල ඉන්න. මෙතැනදී අරුන් මෝලි කලින් ඔහු කරපු තරම් සංකීර්ණ මැජික් නොපෙන්වන එකත් විශේෂත්වයක්.


(පස්සේ කාලෙක මේ ආටිකල් එක කියවද්දී මේ වීඩියෝ එක යුටියුබ් එකේ නොතිබුනොත් පොඩ්ඩක් ගිහින් අරුන් මෝලි කියල සර්ච් කරලා බලන්න)


මොකක්ද මේ කාර්ඩ් ෆෝසිං ???


ඔයාල දකින්න ඇති මන් දීපු ලින්ක් එකේ තියෙන මැජික් එකේදී අරුන් මෝලි කිසිම බාහිර විදිහකින් කාර්ඩ් පැක් එකවත් නොඅල්ලම අහම්බෙන් තෝරපු කර්ඩ්ස් නිවැරදිව එලි කරනවා. අඩුම ගානේ ජජස්ලවත් ඒ කාර්ඩ් දැකල නැතිව තෝරන්නේ. කොහොමද මෙහෙම කරන්නේ? ඇත්තටම මෙතැනදී සිද්ද වෙන්නේ ඒවා අහම්බයකින් තේරුවා වගේ පෙනුනට මැජික් ශිල්පියාට ඕන විදිහට තමයි ඔක්කොම ෂෙඩුල් වෙන්නේ. ඒ කියන්නේ මැජික් ශිල්පියාට අවශ්‍ය විදිහට තමයි කර්ඩ්ස් තොරවන්නේ. 
එතැනදී මැජික් ශිල්පියා යොදාගන්න උපක්‍රම තමයි කාර්ඩ් ෆොර්සිං ගණයට වැටෙන්නේ. කාර්ඩ් ෆොර්සිං කරන ක්‍රම ගණනාවක් තියෙනවා, ඒ වගේම ඒවා අපේ මොලේ වීක් පොයින්ට්ස් වලට පන්ච් වෙන්න තමයි ඩිසයින් වෙලා තියෙන්නේ.

riffle forcing | රිෆ්ල් ෆොර්සිං 


මේ කියන්නේ ඉතාම ප්‍රාථමික ආකාරයේ ෆෝර්ස් කිරීමක්. මෙතැනදී වෙන්නේ පිටු පෙරලන ආකාරයට කාර්ඩ් පෙරලද්දී එකක් තෝරවන විදිහ. මේක ගොඩක් විශ්මයජනකයි නමුත් හරිම සරලම සරලයි. එහෙනං කරන විදිහ බලමු. 
උදාහරනයක් විදිහට අපිට තෝරාගන්න ඕන කාර්ඩ් එක හාරත ආසියා (ace of hearts) කියල හිතමු. අපි මේ කාර්ඩ් එක පොඩ්ඩක් අපේ පැත්තට වෙන්න මිලිමීටර් බාගයක් වගේ අපිට ව්තරක් අතට අහු වෙන විදිහට කාර්ඩ් සෙට් එකේ මැදින් අපේ පැත්තට වෙන්න පන්නල තියන්න ඕන. (අපි පැක් එක ශෆල් කරලා දෙන්න කියලා කාට හරි ඉදිරිපත් කරොත් කාර්ඩ්ස් කපල කැපෙන තැන කාර්ඩ් එක ශේප් එකේ බලාගෙන අපේ පැත්තට තියගන්නවා වගේ ට්‍රික් එකක් දාන්න පුළුවන්). ඊට පස්සේ අපි කරන්න ඕන පොතක පිටු වේගෙන් පෙරලනව වගේ ඉස්සරහ ඉන්න එක්කෙනා ඉස්සරහ රිෆ්ල් කරන්න ඕන කැමති තැනකින් නවත්වන්න කියල. ඊට පස්සේ නවත්තුවට පස්සේ අපි උඩින් පෙරලිලා ඉවර උන කර්ඩ්ස් අයින් කරනවා වගේ අර අපි පිටිපස්සේන් හාරත ආසියා පන්නපු තැනින් ඇගිල්ල තියල කාර්ඩ්ස් ටික අයින් කරලා එතන උඩ තියෙන කාර්ඩ් එක ගන්න කියනවා. දැන් එයා අරන් තියෙන්නේ එයා නවත්තන්න කිව කියල එයා හිතන තැන කාර්ඩ් එක (ඇත්තටම අපිට ඕන තැනින් දීපු හාරත ආසියා) ඊට පස්සේ ඕනනම් පොඩි මජිකල් රංගනයක් දාල එහෙම නැත්තන් කැමති නම් තමන්ගේ ඇගේ කලින් මේ කාර්ඩ් එක කොහේ හරි ඇදගෙන ඉදල කාර්ඩ් එක තෝරපු කෙනාගේ හිත කියෙව්වා වගේ එක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඇක්ට් එක ඩිසයින් කරගන්න එක ඔයාගේ වැඩක්. ඔන්න එකක් කියල දුන්න. තෙරුන්නැත්තන් බලන්නකෝ මේ වීඩියෝ එක 


 elimination forcing | එලිමිනේෂන් ෆොර්සිං 


මේ කියන්නේ කලින් එකට වඩා ටිකක් වැඩ පෙන්නන්න පුළුවන් එකක්. මෙතැනදී කරන්නේ අපි පැක් එකේ තියෙන කාර්ඩ්ස් එකින් එක ඉවත් කරලා අන්තිමට ඉතුරු වෙන එක මොකක්ද කියන එක. මේකෙදි අපිට කැමති කාර්ඩ් ගානක් ගන්න පුළුවන්. කාර්ඩ් 10කට අඩු 5ට වැඩි දෙකෙන් බෙදෙන ගානක් ගන්නවා නම් හොදයි මොකද අහු නොවී කරන්න එපැයි මැජික් කරද්දී.
මෙහෙමයි කරන්නේ
මුලින්ම පැක් එක ශෆල් කරන්න දෙන්න කාට හරි. ඊට පස්සේ ඔයා පැක් එක අතට අරන් යටම කාර්ඩ් එක හරි උඩම එක හරි කොහොමහරි බලාගෙන (පුලුවන්නම් වෙන එකක් බැලුවත් කමක් නෑ. එක කාර්ඩ් එකක් බලාගන්නම ඕන අනික් යට නොපෙනෙන්න,) අහම්බෙන් ගන්නවා වගේ තැනින් තැන කාර්ඩ් 6ක් හෝ අටක් ගන්න තෝරලා. අපි හයක් කියමුකෝ. දැන් තමයි සෙල්ලම පටන් ගන්නේ
ඒ කාඩ් නොබලාම මුනින් අතට මෙසේ උඩ පේලි දෙකකට තියන්න. හැබැයි මෙතැනදී අනිවා ඔයා හොරෙන් බලල මතක තියගට්ට එක නම් කොතනද තියෙන්නේ කියල මීටර් එකේ ඉන්න ඕන. දැන් ඉස්සරහ ඉන්න එක්කෙනාට කියන්න එයා කැමති කාර්ඩ් පේලියක් තෝරන්න කියල.
එයා තේරුවේ ඔයා අර හොරෙන් බලපු කාර්ඩ් එක තියෙන පෝලිම නම් ඔයා 'එහෙනං මන් ඒ පෝලිම ඉතුරු කරලා අනික් සෙට් එක මෙතනින් අයින් කරනවා' කියල අදාළ කාර්ඩ් එක නැති පේලිය  අයින් කරන්න. එයා තේරුවේ අදාල කාර්ඩ් එක නැති එක නම් 'හරි මන් මේක අයින් කරනවා කියල'  ඒ තෝරපු පේළියම අයින් කරන්න
මේ විදිහට ඉතිරි කාර්ඩ් තුනෙන් ඔයා දන්නා කාඩ් එක ඉතිරි කරලා අනික් දෙකත් අයින් කරන්න. අන්තිමට ඔයාට පුළුවන් ඔයාම ඩිසයින් කරපු ඇක්ෂන් එකක් එක්ක මොනවහරි ක්‍රියේටිව් වැඩ ටිකක් එක්ක කාර්ඩ් එක කියන්න.

තව මොනවද මැජික් කරන්න තියෙන ක්‍රම?


තව මැජික් කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඒවායින් ප්‍රදාන ක්‍රමයක් තමයි තාක්ෂනය භාවිතා කරන එක. හිතන්නකෝ ඔයා යුටියුබ් චැනල් එකක් වගේ මැජික් විඩියෝස් කරන්න හිතන් ඉන්නවා කියල. එහෙමනම් ඔයාට පුළුවන් විවිද දෘශ්‍ය ප්‍රයෝග පාවිච්චි කරන්න. එහෙම කරන කෙනෙක් තමයි හැමෝම දන්නා ක්‍රිස් එන්ජල්. මෙයාගේ සමහර වීඩියෝ විනාඩි පහේ දහයේ උනාට ඒවගේ අව්ව නිසා හෙවනැලි වැටිලා තියෙන විදිහ, සහබාගි වෙන අයගේ මුණු වල තියෙන පෙනුම වැඩිය නොපෙන්වන එක වගේ සරල දේවල් හොදට බැලුවොත් ඔයාට පෙනෙයි මේවා පැය ගණන් ෂූට් කරන වීඩියෝ කියල. එතනම ඔප්පු වෙනවනේ ලොකු සංකරන ක්‍රියාවලියකට පස්සේ තමයි මේ මැජික් වීඩියෝ එලියට එන්නේ. 
තව ඔයාට හැකියවක් තියෙනවනම් ඇප්ස් ලියන්න.... අන්න ඔයාට පුළුවන් වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් එහෙම use කරල පොඩි පොඩි වැඩ ටිකක් පෙන්නන්න. මේ විදිහට ඔයා මොනවහරි දෙයකට දක්ෂ නම් පොඩ්ඩක් කල්පනා කරලා හොද විශ්මය උපදවන වැඩක් කරන්න පුළුවන්. 

ඉවරද???? නෑ බ්‍රෝ තව කියන්න දේවල් තියෙනවා. ඔයා නිකමට ඊ බේ එකේ හොයල බැලුවොත් මැජික් කරන්න තියෙන උපකරණ ගැන එහෙම ඒ උපකරණ දැක්කම ඔයාටත් අදහසක් අනිවා එයි ඔයාගෙම විදිහට මැජික් එකක් ඩිසයින් කරගන්න. හැබැයි මේ උපකරණ ටිකක් මිල අධිකයි. අමුතු විදිහට ඩිසයින් කරපු කාර්ඩ්ස්, අඩිය නැති බෝතල්, පරිමාව සගවන්න පුළුවන් වීදුරු, හංගපු කුටි තියෙන පෙට්ටි, විශේෂ ලෝහ වර්ග, රසායන ද්‍රව්‍ය, සිරුරේ පැහැයට සමාන පාටින් එන එක එක දේවල් හංගන්න පුළුවන් උපකරණ එහෙම තියෙනවා ඊබේ එකේ මිලට ගන්න.
මේ වගේ සමහර දේවල් ඔයාටත් ගෙදරදී හදන්න බැරි වෙන එකක් නෑ

ඒ වගේම ඩේවිඩ් කොපර්ෆීල්ඩ් වගේ ලෝකේ නමක් තියපු මැජික් ශිල්පියන්ට එයාලට අවශ්‍ය උපකරණ හදල දෙන විශේෂ දැනුමක් තියෙන ඉංජිනේරුවරු ඉදල තියෙනවා, ඒ වගේම අවදානය වෙනතකට යවන්න පුළුවන් වැඩ කරන්න දක්ෂ හොද කෘ එකකුත් ඉන්නවා. මේ විදිහට ඔයත් පුලුවන්නම් පොඩි දෙකින් හරි ට්‍රයි එකක් දීල බලන්න ඔයාටත් ටැලන්ට් එකක් තියනවද කියල. මොකද මැජික් කියන්නේ ලේසි කලාවක් නෙමේ. ඒ වගේම දන්නා කෙනාට තියෙන ඩිමාන්ඩ් එකත් උපරිමයි. 

අන්තිමට කියන්න ඕන මේ ආටිකල් එකෙන් මන් කිසිම විදිහක මැජික් ශිල්පියෙක්ව හෝ මැජික් ශිල්පය කියන විශිෂ්ට කලාව හෑල්ලුවට ලක් කරන්න උත්සහ කරේ නෑ. මැජික් ශිල්පියෝ කියන්නේ ඕල් ර්වුන්ඩර්ස් ල. එයාල පෙන්නන දෙයින් අපි පුදුම උනත් එයාල ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනවා. ඒ වගේම ගණිතය, භෞතික විද්‍යාව, ඇස්බැන්දුම්, මනෝ විද්‍යාව, රසායන විද්‍යාව, තාක්ෂනය, අලුත් සංකල්ප, නව චින්තනය, ඉදිරිපත් කිරීමේ හැකියාව, රංගනය, ආලෝකකරණය, හඩ ප්‍රයෝග, දෘශ්‍ය ප්‍රයෝග, නිර්බීත කම, මේ වගේ ගොඩක් ලොකු පරාසයක දැනුමක් හා අවබෝදයක් සහිත විශිෂ්ටම කලාකරුවෝ පිරිසක් තමයි මැජික් ශිල්පියෝ.
විශේෂයෙන් අරුන් මෝලි ගැන කිව්වොත් ලංකාවේ එහෙම ටැලන්ට් එකක් පෙන්නලා නෑ කිසිම කෙනෙක්. ඔහුගේ මැජික් තව මන් දන්නා දේවල් තිබුනත් ඉදිරිපත් කරන්නේ නැත්තේ ඔහු ටැලන්ට් එකෙන් උපයපු දේ තියෙන විශ්මය ඒ ව්දිහටම තියෙන්න ඕන. ඕගොල්ලෝ කැමති නම් මේවා ගැන අන්තර්ජාලයේ හොයල බලන්න.

ඒ වගේම මැජික් බලන්න ආස නම් බලන්න now you see me ෆිල්ම්ස්. පුලුවන්නම් කරන්න උත්සහ කරන්න. 

ඉතින් එහෙනං ඊලග පොස්ට් එකෙන් හම්බෙමු. තවම ෆලෝ කරේ නැත්තන් දකුණු පැත්තේ නිල් පාට ෆලෝ බට්න් එක ක්ලික් කරන්න, අලුතෙන් ආටිකල් එකක් දාපු ගමන් දැනගන්න කැමති නම් වම පැත්තේ උඩම තියෙන බොක්ස් එකේ ඔයාගේ මේල් ඇඩ්රස් එක සබ්මිට් කරන්න. 
කමෙන්ට් කරලා ශෙයා කරලා සප් එකක් දෙන්න 

3 comments:

  1. ඕවා කරන්න හොදට පුරුදු වෙන්න ඕන වගේම වෙගේත් වැදගත්...වෙගයෙන් කරනකොට අනිත් යට තේරෙන්නේ නෑ ..ඔය වගේ ම අපේ ගොඩක් අය කරන එකක් නේ ..අනිත් කෙනාට කාඩ් එකක් ගන්න කියලා ..ආයි ශෆල් කරලා කාර්ඩ් එක තියන්න කියලා ආයි කාර්ඩ් ඒක සෙලෙක්ට් කරන එක..එකේදී කරන්න හෙමින් ඊට උඩින් තියෙන කාර්ඩ් එක බලාගන්නවා ..

    ReplyDelete
  2. ඕවා කරන්න හොදට පුරුදු වෙන්න ඕන වගේම වෙගේත් වැදගත්...වෙගයෙන් කරනකොට අනිත් යට තේරෙන්නේ නෑ ..ඔය වගේ ම අපේ ගොඩක් අය කරන එකක් නේ ..අනිත් කෙනාට කාඩ් එකක් ගන්න කියලා ..ආයි ශෆල් කරලා කාර්ඩ් එක තියන්න කියලා ආයි කාර්ඩ් ඒක සෙලෙක්ට් කරන එක..එකේදී කරන්න හෙමින් ඊට උඩින් තියෙන කාර්ඩ් එක බලාගන්නවා ..

    ReplyDelete

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)