විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

04 April, 2017

ලෝකේ පැවතුන රහස් භාෂා

ඉතින් කොහොමද ඔයාලට? ඔයාල බලනවා ඇති මම ලියාගෙන ආව මොලේ හැක් කරන ආටිකල් එකේ තුන් වෙනි කොටස කෝ කියල. බය වෙන්න එපා ඒක අමතක නෑ ඒක දානවා. ඒත් එකම මාතෘකාව දිගටම යද්දී කට්ටියට බෝරින් වගේ නිසා මේ ආටිකල් එක මැදින් දාන්නේ. මේ ඉතින් කියන්න යන්න ලෝකේ පාවිච්චි කරපු රහසිගත භාෂා කීපයක් ගැන ඒවා භාවිතා කරපු හේතු එක්කම...

Leet



ඔයා පිළිගන්නවද ඔයත් මේ භාෂාව පාවිච්චි කරලා ඇති කියල මන් කිව්වොත්. පුදුම වෙන්න එපා. මේක සරල භාෂාවක්. අන්තර්ජාලය භාවිතා කරන ගොඩක් අය මේ භාෂාව යොදාගන්නවා තමන්ගේ පාස්වර්ඩ් එහෙම හදාගන්න. දැන් නම් තේරෙන්න ඇති නේද මොකක්ද මේ භාෂාව කියලා. ඔව් ඔයා හරි... මේ තමයි අකුරු වෙනුවට අදාළ අකුරේ හැඩයට තියෙන සංකේත පාවිච්චි කරලා වචන ලියන ක්‍රමය. මේ ක්‍රමය ආරම්භ කරන්න මුල් වෙන්නෙත් පරිගණක සම්බන්ද කොටසක් තමයි. 1980 ගණන් වල හිටපු සුපිරි හැකර් වරු කණ්ඩායමක්.
උදාහරණයක් විදිහට මන් මේ භාෂාවෙන් hacker කියන වචනේ ලියල පෙන්නන්නම්, |-|@k3r කියල තමයි ලියන්නේ. තේරෙනවනේ නේද අදාළ අකුරු වල හැඩය පේන විදිහට සංකේත යොදාගෙන ලියන්නේ.
ඉතින් මේක ඕන කෙනෙක්ට තේරෙනවනේ කියල ඔයා හිතයි දැන්. එතකොට මේක හකර්වරුන්ගේ රහස් භාෂාවක් වෙන එක ප්‍රයෝගික නෑ වගේ නේද. ඇත්තෙන්ම කිව්වොට් මේක අද ප්‍රයෝගික නොවුනත් ඒ කාලේ ප්‍රායෝගිකයි. අදත් නෑ කියන්න බෑ. මොකද මේ භාෂාව මිනිස්සුන්ට කියවන්න පුළුවන් උනාට පරිගණක වලට හෝ ස්පයි කරන්න හදල තියෙන ප්‍රෝග්‍රෑම් වලට කියවන්න බෑ, ස්පෑම් කරන අයට email වල ස්පෑම් ෆිල්ටර් මග අරින්න පුළුවන් ලීට් වලින්. දැන් තේරෙනවා නේද සරල උනාට ලොකු වැඩ වලට ඉස්තරම් මේක කියල. 
මේක කියවන්න ට්‍රයි එකක් දෙන්න බලන්න 

Carnie



මේක ගැන රෙස්ලින් වලට උනන්දු අය නම් ගොඩක් වෙලාවට දන්නවා ඇති.. (WWE වල නම් මේ භාෂාව පාවිච්චි කරනවද කියල මන් දන්නේ නෑ මට ඒ ගැන ඉන්ටරස්ට් එකක් නැති නිසා. ඒ පිටපතකට අනුව සිද්ද වෙන entertainment වැඩසටහනක්. ඒ ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, වෙන ආටිකල් එකක ලියන්නම් ඒක ගැනත්) ඔරිජිනල් රෙස්ලින් එහම නැත්තන් මල්ලව පොර කියන ක්‍රීඩාවේ ක්‍රීඩකයන් මේ භාෂාව භාවිත කරනවා එකිනෙකා අතර සන්නිවේදනයට. මේකට carny talk කියලත් කියනවා. මේක අමාරු එකක් නෙමේ. හැබැයි කතා කරන්න ගියාම නම් එපා වෙන එකක්. රෙස්ලින් ගහන්න ශක්තියත් නැති වෙනවා මේක කතා කරලම...මොකද මේකේ තියෙන්නෙත් ඉන්ග්රීසිම තමයි හැබැයි හැම මාත්රාවකටම “eaz” කියන කොටස එකතු වෙනවා. මේ කොටස ශබ්ධ කරන්නේ “ee-uhz” (ඊ අහ්හ්ස්(z) වගේ ශබ්දයක් ). ඒ වගේම මේ භාෂාවේ අශිෂ්ට වචන කොටසකුත් තියෙනවා. මේකේ ශබ්ධ කෝෂය මෙතනින් ගිහන් බලන්න පුළුවන් කැමති අයට carnie dictionary 

Thieves’ Cant 


ඔව් ඔව් ඔයා මාතෘකාව දැක්ක ගමන් ඔලුවට ආව එක හරි. මේක හොරුන්ගේ භාෂාවක් තමයි.. එංගලන්තය ඇතුළු ඉංග්‍රීසි භාවිත කරන රටවල තමයි මේ භාෂාව පාවිච්චි උනේ. මේක පැතිරිලා තිබුනේ හොර කල්ලි, හිගන්නන් වගේ කොටස් අතර. අදටත් එංගලන්න්තේ සහ ඇමරිකාවේ එක එක ජාතියේ මැර කල්ලි අතර මේ භාෂාව පාවිච්චි වෙනවා.
මේකේ කොටස් දෙකක් තියෙනවා, සරල සහ සංකීර්ණ කියල. සරල එක තමයි වැඩියෙන්ම ප්‍රසිද්ද. මේක පොඩි පොඩි හොරු රස්තියාදු කාරයෝ වගේ උදවිය අතරේ ප්‍රචලිතවතිබිල තියෙන්නේ...ඒ වගේම හොරා සංකීර්ණ එඩිෂන් එක පාවිච්චි කරලා තියෙන්නේ සංකීර්ණ හොරු (ලංකාවේ දේශපාලනේ නෙමේ ඇ..එයාල රහස් භාෂා නැතුව සින්ලෙන්ම හොරකම් කරන්නේ). මේ ඇඩ්වාන්ස් භාෂාව තියෙන වගක්වත් සරල භාෂාව යුස් කරපු අය දැනන් ඉදල නෑ. ලොකු අත්දැකීම් බහුල හොරකමේ කෙල පැමිණි අය අතර විතරයි ඇඩ්වාන්ස් එක තිබිල තියෙන්නේ. ඒ ටිකත් කොහෙවත් ලියල නෑ කටිං කට ආව භාෂාවක්.
මෙතන ක්ලික් කරලා බලන්න මේ භාෂාවත්. thieves' cant  

Nushu


මේ වචනේ තේරුම තමයි කාන්තාවන්ගේ ලියකියවිලි කියන එක. ඒ කියන්නේ ඉතින් කාන්තාවෝ තමයි මේකේ උරුමක්කාරයෝ. (ඔය සමහර වෙලාවට කාන්තා පාර්ශවේ ඇස්වලින් කතා කරනවා, නහයෙන් කතා කරනව, කනෙන් කතා කරනවා වගේ කියන තවම හදුනා නොගත් එව්වා නෙමේ මේ කියන්නේ) මේ කියන්නේ චීනෙන් ඔරිජින් උන භාෂාවක්. චයිනීස් හැම එකම කල් පවතින්නේ නෑ කිව්වට මේක නම් ක්‍රි.පූ. 15 ඉදල 1980 වෙනකන් බටහිර ලෝකෙට ඇවිල්ල නෑ. මන් හිතන්නේ චීන මහා ප්රාකාරෙයි ඔය භාෂාවයි වෙන්න ඕන වැඩිම කල් පැවතුන චයිනීස් ප්‍රෝඩක්ට්ස්.
මේක ලේඩීස් ඔන්ලි භාෂාවක්. මේක පටන් ගන්න හේතුව තමයි ඒ කාලේ චීන කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් උන එක. ඒ නිසා එයාල ඉගෙන ගන්න ලියන්න කියන්න තිබ්බ ආසාව නිසාම මේ භාෂාව නිර්මාණය කරනවා. චීන අකුරු වල අභාෂයක් ලැබිල තිබුනත් ඊට වඩා අඩු ඉඩක් වගේම රවුම් හැඩයන් වැඩියෙන් භාවිතා වෙනවා. අද වෙද්දී මේ භාෂාව දන්නා කෙනෙක් නම් නෑ. මේක දැනන් හිටිය අන්තිම කාන්තාව තමයි yang huanyi. ඇය 2004 දි අවුරුදු 94ක් ආයු වළඳලා මිය යනවා. 
මේ තමයි ඒ කාන්තාව 



Polari 


මේ භාෂාව ආරම්භ වෙන්නේ 19 වන සියවසේ බ්‍රිතාන්‍ය නාවිකයන් විසින්.. ඒ කලේ නම් මේක රහසක් උනේ නෑ. හැබැයි 1930-1960 අතර කාලේ මේක එංගලන්තේ හිටිය සමලිංගික පිරිමි විසින් පාවිච්චි කරන්න ගත්ත එකිනෙකා අතර සන්නිවේදනයට. එංගලන්තේ ඒ කාලේ තිබුන සමලිංගික තහනම තමයි මේ ගොල්ලෝ රහස් භාෂාවක් පාවිච්චි කරන්න පටන් ගත්ත හේතුව. මේ භාෂාවේ වචන කීපයක් පහලින් දානවා ඔන්න (වමේ ඉංග්‍රීසි වචනෙයි දකුණේ පොලාරි වචනෙයි විදිහට)
Look at = vada
Looking for partners in wash rooms = cottaging
Sex = trade
Young man = chicken
Police officers= sharpy/lilly law/chapering omi
Telephone = polari pipe
Pretty face= dolly eek
Attractive man = dish
මේවා දැක්කම තේරෙනවනේ මේ භාෂාව සැක නොහිතෙන විදිහට ඕනෑම තැනක පාවිච්චි කරන්න පුළුවන් කියල. සාමාන්‍ය ඉංග්‍රීසි වචනම වෙනත් ඉංග්‍රීසි වචන වලට ආදේශ කරලා තියන්නේ.මෙතනින් ගිහින් බලන්න මේ භාෂාවේ තව වචන හොයාගන්න පුළුවන් වෙයි..පොලාරි ඩික්ෂනරි  

ඔන්න ඔහොමයි ලෝකේ රහසින් තිබුන භාෂා ඇති උනේ. මේ කීපයක් විතරයි. මීට වඩා ගොඩක් සංකීර්ණ භාෂාත් ලෝකේ තිබිල තියෙනවා. 

අපිත් බලපුවම ලේසි පහසු අය නෙමේ...පොඩි කාලේ සීනි භාෂාව පොල් භාෂාව වගේ ඉතාම රහසිගත භාෂා හදාරලා ලොකු ලොකු ස්පයි ගේම් දුන්න පොරවල් තමයි මෙහෙම හිටියට...තව ආටිකල් එකකින් සෙට් වෙමු එහෙනං 

තවම බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද?? දකුණු පැත්තේ ෆලෝ බට්න් එක ක්ලික් කරල ෆලොවර් කෙනෙක් වෙන්න. අපේ යුටියුබ් චැනල් පහල තියෙනවා. ඒවා බලන්න අමතක කරන්නත් එපා. වමේ තියෙන පේජ් වලට ලයික් එකකුත් දානවා නම් ඉතින් අපිට ලොකු හයියක්.

4 comments:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)