විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

13 March, 2017

2017 එන සුඛෝපභෝගී අත් ඔරලෝසු | luxury watches for 2017


අපි ඕනෑම කෙනෙක් උත්සහ කරන්නේ අද ඉන්නවට වඩා හෙට දවස සැපවත් කරගන්නනෙ. ඒ කියන්නේ සරලව අදට වඩා හෙට හොදට කාල ඇඳලා ඉන්න. සාමාන්‍ය ජීවිත ගත කරන අපි එහෙම උනාට රත්තරන් හැන්ද කටේ තියන් මෙලොව දැක්ක උදවිය අපි රුපියල් 1000කින් කරන දෙයට ලක්ෂ ගණන් වියදම් කරන්න ලෑස්තියි. එහෙම කරන වියදම් ගණයට ඔරලෝසු වලට කරන වියදම් සලකන්න පුළුවන්. සාමාන්‍ය ජීවිත ගත කරා කියල නෑ ඕනෑම කෙනෙක් ආසයිනේ මේ වගේ දේවල් ගැන දැනගන්න. ඔන්න මේ අවුරුද්දේ එන ලක්සරි වොච් ගැන තමයි මේ.


මොනාද මේ ලක්සරි වොචස්? (මේ හැදින්වීම බෝරින් අය මේක මග ඇරලා පහලට ගිහින් වොච් ටික ගැන කියවන්න)


ලක්සරි වොච් කියන්නේ අධි සුඛෝපභෝගී පැලැන්තියේ උදවිය ලොකු ලොකු ගණන් දීල ගන්න සුඛෝපභෝගී ඔරලෝසු කියල මන් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඇයි මේවා මෙච්චර ගණන් වෙන්නේ??? ඕකට ඉතින් හේතු ගොඩක් කියන්න පුළුවන්. 
  • අත්තා මුත්තා කාලේ ඉදලම හොද නමක් පවත්වාගෙන එන බ්‍රෑන්ඩ් එකක් වීම එක කාරණයක්. ඒ කියන්නේ බොහෝ විට ඔරලෝසු නිෂ්පාදනය ආරම්භ කරපු කාලෙම හෝ ඒ සම්බන්දෙන් අලුත් දේවල් කරපු නමක් තියපු එකක් වෙන එක. ඒ කියන්නේ තමන් අත් කරන් ඉන්න කීර්ති නාමයට තමයි මෙයාල වැඩි ගානක් අය කරන්නේ (කොමස් කරපු උදවිය මට වඩා ඕක දන්නවා ඇති )
  • යොදාගන්න අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව. ඒ කියන්නේ මෙයාලගේ වොච් වලට ගොඩක් කල් පවතින ගෙවීම් අඩු ඔක්සයිඩ වගේ දේවල් වලින් වෙන හානිය අඩු ඉතාම ඉහල ගනයේ අමුද්‍රව්‍ය ගන්නේ. ඔයාල සමහර විට දැකල ඇතිනේ පරණ අය ගාව තියෙන සමහර ඔරලෝසු තාමත් හොදට වැඩ. අවරුදු 20ක් 30ක් හොදට දුවන ඒවා තියෙනවා, මෙහම එකක් නම් කියා දීල ගත්තට් පාඩු නෑ(සමහරු නිෂ්පාදනයේදී ගන්නවා ඇතුලේ මැෂින් එකට දියමන්ති කොටස් පවා ගෙවෙන එක නැති වෙන්න
  • පෙනුම වැඩි වෙන්න වගේම වටිනාකම වැඩි වෙන්න මෙයාල දියමන්ති, මැණික්, රත්තරන්, ප්ලැටිනම් වගේ දේවල් යොදනවා.
  • ඇතුලේ සිස්ටම් එකේ තාක්ෂනය, මේ කියන්නේ හෙලවීම් ගැස්සීම් වගේ දේවල් වලින් ඉබේට යන්ත්‍රය වයින්ඩ් වෙන ක්‍රමය, සුර්ය පැනල මගින් බලය ලබා ගැනීම, සිරුරෙන් පිට වන තාපය බලයට හරවගැනීම වගේ යෙදුම් සහ වෙලාව ඉතාම නිවැරදිව පවත්වාගෙන යන්න පුළුවන් විදිහට විශේෂ ක්‍රම වලට යාන්ත්‍රික කොටස් නිර්මාණය කරනවා(පේටන්ට් බලපත්‍ර පවා තියෙනවා.)
  • බොහෝ විට මේවා නිෂ්පාදනය ඉතාම සීමිත යුනිට් ගානක් වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට නම් මේවා පරණ වෙන්න වෙන්න ගණන් වැඩි වෙනවා. එහෙම බලද්දී මෙහෙම එකක් බර ගානක් දීල ගත්ත කියන්නේ හොද ආයෝජනයක්. මේවා ගන්න උදවිය ඇති වෙනකන් ඉන්නවා ලෝකේ. 
ඔය මන් සදහන් කරේ ලක්ෂණ කීපයක් විතරයි, තව කියන්න ගියොත් අද ලිපිය ගොඩක් දිග වෙනවා. මෙතන ක්ලික් කරන්න ලක්සරි වොච් බ්‍රෑන්ඩ්ස් ගැන දැනගන්න. ලිපිය කෙටි කරන්න ඕන නිසා ඒවා මෙතන කියන්නේ නෑ මන් 

දැන් බලමු මේ අවුර්ද්දේ එන ලක්සරි වොච් ගැන


Baume & Mercier Clifton GMT Power Reserve


මේ තියෙන්නේ ඔය කියන වොච් එක තමයි. මේක වඩාත්ම සුදුසුයි කියල කම්පනියෙන් රෙක්මන්ඩ් කරන්නේ නම් ලෝකේ වටේ ඇවිදින උදවියට.මිලිමීටර් 43ක පළලක් තියෙන බෙල්ට් එකක් එක්ක තමයි මේක එන්නේ. මේකේ ටයිම්සෝන් දෙකක වෙලාවල් පෙන්නන්න වගේම මේකට බලය සැපයෙන්නේ අවලම්බයක් සෙලවීම මගින් ඇති වන ශක්තිය දුනු වල ගබඩා කරගෙන. අර පිටිපස්සේ කෑල්ලක් කැරකෙන ඔරලෝසු තියෙන්නේ අපි කියන්නේ හෙලවෙද්දී වයින්ඩ් වෙනවා කියල, අන්න ඒ සිස්ටම් එක, මේක හදල තියෙන්නේ නම් මල නොබැදෙන වානේ වලින්. පටි නම් කිබුල් හමෙන්. පද්මරාග 28කුත් එනවලු මේකේ. ඒ වගේම මීටර් 50ක් ගැබුරු වතුරේදීත් මේකට අවුලක් වෙන්නේ නෑ. පසුපස කවරය සැෆායර් ක්‍රිස්ටල් වලින් හදල වගේම ඩයල් එකේ වීදුරුව සීරෙන්නෙත් නෑ දිලිසෙන්නෙත් නෑ, මිලිමීටර් 12ක් ගනකම් කියල තමයි ආරංචිය නම්, මේක තවම රිලීස් වෙලා නැති නිසා මේකේ ගාන නම් හොයගන්න මට පුළුවන් උනේ නෑ, හැබැයි මේකේ කලින් වර්ෂන් එකක ගාන කියන්නං (හදවත් රෝගීන් කියවන්න එපා හොදේ.) ඩොලර් 3300ක් විතර ඒ කියන්නේ රුපියල් වලින් නම් ලක්ෂ 5ක් විතර. 

HYT Skull Pocket


මේක නම් ටිකක් අමුතු එකක්. මේක පොකට් ඔරලෝසුවක්, ඒ කියන්නේ අර දම්වැලක් දාල සාක්කුවේ දාගෙන යන මොඩල් එකක්. එත් ඒ වගේ ක්ලැසිකල් ලුක් එකක් නම් නෑ, හරිම මොඩර්න් වගේම ටිකක් අමුතු පෙනුමකින් මේක නිර්මාණය කරන්න නිෂ්පාදකයෝ සමත් වෙලා තියෙනවා, ඉතුරු ටික කියන්න කලින් පින්තුරේ බලල ඉන්නකෝ.
කොහොමද පෙනුම, මේකට මේගොල්ලෝ LED ලයිට් සිස්ටම් එකක් යොදාගෙනත් තියෙනවා හැබැයි ඒවාට පවර් එන්නේ බැටරි වලින් නම් නෙමේ! විශ්වාස නැද්ද? එත් විශ්වාස කරන්න වෙනවා. මේ වොච් එක යාන්ත්‍රික වොච් එකක්, ඒ කියන්නේ අර හෙලවෙනකොට දුවන එකක්. චාලක ශක්තිය වෙනත් ශක්තින් වලට පිවර්තනය කරලා තමයි මේකත් වැඩ කරන්නේ.
මේක ටයිටේනියම් වලින් තමයි පිටත ආවරණය නිමා කරලා තියෙන්නේ. ඒ වගේම පියන වහන්න පුළුවන් කොටසේ තියෙන ලෙදර් කොටස පාරිභෝගික අවශ්‍යතාව මත කස්ටමයිස් කරගන්න පුළුවන්.මේක පොකට් වොච් එකක් නිසා සැලකියයුතු විදිහට සෙන්ටිමීටර් හයක විතර විශ්කම්භයක් තියෙනවා.මේක ඇතුලේ මයික්‍රෝ ජෙනරේටරයක් තියෙනවා ක්‍රවුන් එක ප්‍රෙස් කරාම මේ මයික්‍රෝ ජෙනරේටරය ක්‍රියාත්මක වෙලා තමයි led දැල්වෙන්න අවශ්‍ය ශක්තිය ගන්නේ.මේකත් ලිමිටඩ් එඩිෂන් එකක්, කෙලින්ම කිව්වොත් මේකෙන් වොච් අටයි හදන්නේ. මේකේ විශේෂම ලක්ෂණය තමයි වෙලාව පෙන්නන්නේ ඔය පේන හිස්කබල වටේට තියෙන මාජින් එක දිගේ ගමන් කරන ද්‍රව්‍යකින්. මේකත් මීටර් පනහක් වතුර යට වැඩ කරනවා. ඔන්න දැන් හොදම කොටස කියන්න යන්නේ. ඒ තමයි මේකේ ගාන. මන් කිව්වනේ මේකෙන් හදන්නේ ලෝකෙටම 8යි කියල. එහෙම තත්වයක් උඩ මේකට ඇති වෙන ඉල්ලුම හිතාගන්න පුළුවන්නේ. ගාන දක්වල තියෙන්නේ ඩොලර් 115,000ක් කියල. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 170කට ටිකක් වැඩයි. (කලන්තේ වගේ නම් ඉතුරු ටික පස්සේ කියවන්නකෝ :D )

Montblanc 1858 Collection


මොන්ට්බ්ලොන්ක් කියන්නේ වොච් විතරක් නෙමේ විවිද ලක්සරි අයිටම් වලට නම් දරපු බ්‍රෑන්ඩ් එකක්. ඔය සමහරු සරල පෑනෙන් අත්සන් කරද්දී තව අය දියමන්ති අල්ලපු පෑනකින් අත්සන් කරා කියන්නේ මේ බ්‍රෑන්ඩ් එකේ පෑනක් තමයි. ඒ කතා අපිට වැඩක් නෑ මේ කතාව බලමුකෝ. මේ කියන්නේ එක වොච් එකක් ගැන නෙමේ වොච් නමයක සංචිතයකින් සමන්විත කලෙක්ෂන් එකක්. මේවා පරණ කාලේ පෙනුමට තමයි හදල තියෙන්නේ. ඒ වගේම ලිමිටඩ් එඩිෂන් කීපෙකුත් තියෙනවා. මේකේ වොච් 9ක්ම තියෙන නිසා මන් පින්තුර නොදා ඔයාලට බලන්න ලින්ක් එක දෙන්නම් මෙතනින් බලන්න  මේ කලෙක්ෂන් එක හදල තියෙන්නේ නම් ලෝකඩ වලින්, පරණ කාලේ ගතිය ගන්න එකත් එහම කරන්න හේතුවක් කියනවා. මල නොබැදෙන වානේ වලිනුත් හදනව. මේවා නම් යාන්ත්‍රික වොච් උනාට කලින් ඒවා වගේ ඔටෝ වයින්ඩ් වෙන ඒවා වගේම මැනුවල් ඒවත් තියෙනවා, ඒ කියන්නේ වයින්ඩ් කරන එක අතින්ම කරන්න ඕන. ඒ වගේම ලෙදර් පටි සහ මල නොබැදෙන වානේ පටි කියන දෙවර්ගේම එනවා. මේකේ වොච් නමයට විස්තර නමයක් තියෙන නිසා දිගට ලියල මේකම කියන එකේ තේරුමක් නෑ.  ලින්ක් එක දීපු නිසා මන් මේකේ වැඩි විස්තරයක් කියන්නේ නෑ එහෙනං මේ ගැන. 


Roger Dubuis Excalibur Quatuor Cobalt MicroMelt



පෙනුම නම් උත්කෘෂ්ටයි නේද? ලක්සරි කිව්වම මතක් වෙන ක්ලැසිකල් ගතියට වඩා ස්පොර්ටි ලුක් එකක් මේකේ තියෙනවා. මේ මොඩල් එක නිෂ්පාදනය පටන් ගන්නේ මීට අවුරුදු තුනකට කලින්, මේ අවුරුද්දෙ එන වර්ෂන් කීපයෙන් එකක් තමයි මේ. ඒ වගේම මේක හදන්න ගන්න අමුද්‍රව්‍ය ගැන විශේෂ සදහනක් කරන්නම ඕන. ගොඩක් ඔරලෝසු වලට වඩා මේක වෙනස් වෙනවා මේ අමුද්‍රව්‍ය නිසාත්. මොකද මයික්‍රෝ මෙල්ට් කියන තාක්ශ්නෙන් තමයි මේ අමුද්‍රව්‍ය එහම නැත්තන් මේකට අවශ්‍ය කරන මිශ්‍ර ලෝහ (කොබෝල්ට් ක්‍රෝමියම්) හදාගන්නේ.මේ තාක්ෂනය ඇමරිකානු තාක්ෂණයක්. මේකෙදි වෙන්නේ ලෝහ ද්‍රව කරලා මේ ද්‍රව්‍ය වැකියුම් එකක් එහම නැත්තන් රික්තයක් හරහා අධික පීඩනයකින් විදිනවා. මේ ක්‍රියාවලියේදී මේ ලෝහය සියුම් කුඩක් බවට පත් වෙනවා. ඊට පස්සේ විවිද ප්‍රමාන වලට වෙන් කරගන්න මේ කුඩු විශේෂ රත් කරන ලද භාජන ඇතුලේ සීල් කරල තමයි හදන්නේ. මෙහෙම කරන්න ප්‍රදානම හේතුව තමයි මේකේ ගණත්වය වැඩි කරන එක. අපි දන්නවනේ ඕනෑම මුලද්‍රව්‍යක වැඩි හරියක් තියෙන්නේ හිස් අවකාශේ කියල නමුත් මේ ක්රමේදී නිපදවන ලෝහ ඉතාම සියුම්. ඒ වගේම මේක දැක්කම ඔයාලට පේනවනේ යාන්ත්රික කොටස් ගොඩක් මේකේ තියෙනවා කියල. එතකොට මන් කියන්න ඕන නෑනේ මේකත් වයින්ඩ් කරලා දුවන එකක් කියල, හැබැයි මේක ඔටෝමටික් නෙමේ. අතින් වයින්ඩ් කරන්න ඕන. ඔන්න තව දෙයක්... මේකත් ලෝකෙටම අටයි හදන්නේ... ගාන ඉතින් අහස උසට.. ඩොලර් නම් 410,000 ක්  රුපියල් නම් කෝටි 6කට වැඩියි. ඒ කියන්නේ ටැක්ස් නැතිව ලැම්බෝගිනියක් ගන්න තිබ්බ

Ulysse Nardin Limited Edition Hourstriker Pin-Up


විස්තරේට කලින් පින්තුරේ බලල ඉන්නකෝ.   

මොකද හිතුනේ දැක්කම?? (මෙහෙම පාට නම් මාරු වෙන්නේ නෑ) එත් මේකේ තියෙන එක ලක්සරි අයිටම් එකක් කියල හිතන්න බෑ නේද?? අවාසනාවට ඇත්ත කතාවක්....මේකත් ලක්සරි තමයි පෙනුම එහම නැති උනාට. බර්ලස්ක් නාට්‍යන්ගනාවක් හයි හීල්ස් දාල ඉන්න සයිඩ් එකේ මොනරෙකුත් ඉන්න ෆැන්සි ලුක් එකක් උනාට මේ පේන්ට් එකටම සෑහෙන ගානක් යනවා. ඉතා කුඩා ප්‍රමානේ චිත්‍ර අදින්න සුපිරි හැකියාවක් තියෙන ආටිස්ට් ල මේ වොච් එකේ නිෂ්පාදකයන්ට ඉන්නවා. එයාල කොච්චර ටැලන්ටඩ් උනත් මේ එක පේන්ට් එකක් ඉවර කරන්න මිනිස් පැය 50 - 90ක් දක්වා වෙලාවක් යනවා. දැන් තේරෙනවා නේද මේකේ වටිනාකම. තව ඉතින් කියලත් බැරි නොකියත් බැරි සිද්දියකුත් තියෙනවා. මේ වොච් එක adults only වොච් එකක්! මේකේ මේ ඉන්න කෙනාව පොඩ්ඩක් නිරාවරණය වෙනවා හැම පැයක්ම ගත වෙලා ඉවර වෙද්දී වදින එලාම් එකත් එක්ක. ඒ වගේම මේකේ බට්න් එක ප්‍රෙස් කරන හැම වෙලාවෙමත්.(පහුගිය කාලේ ලංකාවට ලැබුන සම්මාන එක්ක බලද්දී ලංකාවටම ඩිසයින් කරලද මන්ද) 
ඒ වගේම මේක රෝස් ගෝල්ඩ් හෝ ප්ලැටිනම් වලින් මිලදී ගන්න පුළුවන්. මේකෙත් ලෝකෙටම 28යි තියෙන්නේ. මීටර් 30ක් වෝටර් රෙසිස්ටන්ට්. ඒ වගේම ක්‍රිස්ටල් යොදාගෙනත් තියෙනවා, මේකේ විෂ්කම්භය මිලිමීටර් 42ක්. ඒ වගේම ස්වයංක්‍රීය යාන්ත්‍රික වොච් එකක්. මට මේකේ ගාන නම් හොයාගන්න බැරි උනා, හැබැයි මේ බ්‍රෑන්ඩ් එකේම මේ වගේ තියෙන සමහර වොච් ඩොලර් ලක්ෂයක් අවට ගණන් වලටත් යනවා, මේකත් එහෙම වෙනවා කියල සීයට 90ක ට වැඩි විශ්වාසෙකින් කියන්න පුළුවන්. 



ඉතින් මන් හිතනවා ඔයාල අලුතෙන් මොනවහරි දැනගන්න ඇති. නොදන්නා අයටත් කියන්න ශෙයා කරාට තරහ නෑ ඔන්න. තවම ෆලෝ නොකරපු අය දකුණේ නිල් පාට ෆලෝ බට්න් එක ඔබන්න, පෝස්ට් එකක් දාපු ගමන් දැනගන්න නම් වම පැත්තේ දෙවැනි බොක්ස් එකේ මේල් එක සබ්මිට් කරන්න. ෆේස්බුක් පේජ් එකට ලයික් පාරක් දීල සප් එකක් දුන්න කියල තරහක් නෑ හොදේ. එහෙනං තව අලුත් එකකින් සෙට් වෙමු.

4 comments:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)