විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

22 April, 2017

බියුටි කල්චර් ද? බියුටි කචල් ද ??

ගෑනු පිරිමි බේදයක් නැතුව අපි හැමෝම ආස ලස්සනට ඉන්නනෙ. ඒ වගේම හැමෝම රහසින් හරි මොනවම හරි ට්‍රීට්මන්ට් එකක් කරනවනේ. එක්කෙනෙක් කෑම බීම පාලනය කරද්දී තව එක්කෙනෙක් මොනවහරි ආලේප කරලා ලස්සන වෙයි, සමහරු ජිම් යද්දිත් මේකප් කරන් යන්නේ. එකී මෙකී නොකී ඕනෑම විදිහකින් ලස්සන වෙන්න තමයි හැමෝගෙම ට්‍රයි එක. ඒත් පිළිකුල් සහගත වැඩ කරන්නේ නෑනේ ලස්සන වෙන්න කොච්චර කැක්කුමක් තිබ්බත්. ඊටත් බරටම වියදම් කරලා ජුගුප්සාජනක දේවල් කරන්නේ නෑනේ. මේ ලිස්ට් එකෙන් කියන දේවල් දැක්කොත් ඔයා හිතයි ලස්සන වෙන්න මෙව්වා කරන්න වෙනවනම් සල්ලි දීල අවලස්සන වෙන එක හොදයි කියල. 

ආඳන් එක්ක නෑම 



හරිම අප්සට් වගේ නේද?? ඔව් ඉතින් අප්සට් තමයි.ආඳා කියන්නේ සෙවල සහිත ලිස්සන සුළු මාලුවෙක්නේ. එහෙම මාළු ගොඩක් අස්සේ නාන එක එච්චර සුන්දර අත්දැකීමක් නම් නෙමේ කීයටවත්. චීනේ ඉන්න අය අතර ප්‍රසිද්ද තෙරපි ක්‍රමයක් වෙන මේ ආඳන් යොදාගෙන කරන සත්කාරයට පැන්සල් තරම් කුඩා ආඳන් ව තමයි භාවිතා වෙන්නේ. ඒ වගේම මේ ක්‍රමය ලස්සන පැහැපත් දීප්තිමත් හමක් ඇති කරගන්න ගොඩක් සාර්ථකයි කියල චීන්නු නම් කියනවා. හැබැයි මේ ක්‍රමය පොඩි අවුල් ප්‍රතිපල ලබාදෙන්න උනත් පුළුවන්ලු. ඒ කියන්නේ මේ මාළු ඉතා කුඩා සහ ලිස්සන සුළු නිසා සිරුරේ ඇතුලට යන්න උනත් අවස්තාව තියෙනවා. එහෙම අවස්ථා වාර්තා වෙලත් තියෙනවා. මේක රිස්කි ට්‍රීට්මන්ට් එකක් උනාට ගාන නම් සෑහෙන්න වැඩියි කියල තමයි ආරංචිය. ආඳන්ටත් ගිය කලක්....


පටිපනුවන් ඇති කීරීම (බඩවැල තුල)


ඊය හලෝ කියල තමයි හිතෙන්නේ. ඒත් ලස්සන වෙන එක අනික් හැම දේටම වඩා මුලට දාගත්ත අය නම් මේ වැඩෙත් ගේමක් නැතුව කරනවලු. හැබැයි මෙතන මේ ලස්සන කියල කිව්වේ බර අඩු කරගන්න එක. බර අඩු කරගන්න කොච්චර උනන්දු උනත් කෑම බීම පරිස්සමකින් තොරව භාවිතා කරද්දී අනිවාර්යෙන්ම දහනය වෙනවට වඩා කැලරි ප්‍රමාණයක් ඇතුලට යනවා. එත් ගොඩක් අය කම්මැලි කමටම එක්සසයිස් කරන්නේ නැතුව කෑම පාලනය කරලා කෙට්ටු වෙන්න තමයි ට්‍රයි කරන්නේ. ඔයත් කෙට්ටු වෙන්න උත්සහ කරලා තියෙනවා නම් මේක ඇත්ත කියල දන්නවනේ. 

කම්මැලි කමට ඉදල කෙට්ටු වෙන්නත් හිතේ තියන් ඉන්න අයගේ හොදම ඔප්ෂන් එකක්ලු තමන්ගේ බඩවැල ඇතුලේ පටිපනුවෙකුට නවාතැන් පහසුකම් සපයන එක. හැම පටිපනුවම මේ වැඩේට සෙට් වෙන්නේ නෑලු. කොහොමහරි මේ අදාළ වර්ගෙන් එකෙක් හුරතලේට ඇති කරනවා වගේ බඩ ඇතුලේ ඇති කරන්න ගත්තොත් ඌ අපි කන් කෑම වලින් කොටසක් උගේ පරිභෝජනයට ගන්නවා. එතකොට කෙට්ටු වෙනවා කියල තමයි ලොජික් එක දීල තියෙන්නේ. ඒ උනාට කල් යද්දී මේ පණුව ඕනවට වඩා ලොකු වෙනවා. හොදට මතක තියාගන්න මේ වැඩේ ඉස්සර මිනිස්සු කරපු වැඩක්. මෙච්චර ෆැට් බර්නර්ස් තියෙන ලෝකේ පටිපනුවෝ හුරතල් කරන්න තරම් මෝඩ වෙන්නේ මොකටද නේද. 

මේ කතාව කොහොම උනත් පටිපනුවෝ නිසා ආහාර අරුචිය, අග කෙට්ටු වීම, පාචනය, පෝෂණ උණතා, අන්ධ බව, වගේම මරණය උනත් අත්වෙන්න පුළුවන්. මෙව්වා මේ දැනගැනීම පිණිස පමණයි හොදේ.


වැදැමහ යොදාගෙන හදන ආලේපන 


බයෝ කරපු අය දන්නවනේ මේ මොකක්ද කියල. මේ තමයි ගැබිණි ක්ෂීරපායි සතුන් තුල වැඩෙන කලලයට ඔක්සිජන්, පෝෂ්‍ය කොටස් පෙරලා ලබා දෙන්න වගේම කලලයේ බහිශ්‍රාවී කටයුතු වලට පිහිටලා තියෙන අවයවය. ජීවියෙක් බිහි උනායින් පස්සේ මේ අවයවය වැඩක් නෑ. නමුත් මේ අවයවය තුල විවිද පෝෂක කොටස් අන්තර්ගත වෙලා තියෙනවා කියල ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා විවිද ආලේපන වර්ග හදන්න යොදාගන්නවා. මේකට බහුතරයක් සමාගම් යොදාගන්නේ බැටළු වැදැමහ සමහර විට මිනිස් ඒවත් භාවිතා වෙනවලු. කොහොම භාවිතා උනත් මේක ලස්සන වෙන්න සුදුසු ක්‍රමයක් කියල නම් තවම කිසිම පරීක්ෂණයකින් හොයාගෙන නෑ. මේ තුල අන්තර්ගත හෝමෝන නිසා මේවා යොදාගෙන හදන අආලේපන වලින් මිනිස් සිරුරේ හෝමෝන වෙනස් වෙලා ප්‍රශ්න අති වෙන්න පුළුවන් කියල නම් අනතුරු අගවල තියෙනවලු. කෝකටත් හොදයි මේ වගේ දේවල් භාවිතා කරන්නේ නැතුව එළවළුවක් පළතුරක් කාල ලස්සනට ඉන්න එක...


ගොලුබෙල්ලෝ ෆේෂල් 


මේ ෆේෂල් එක ගැන නම් සෑහෙන්න කතා උනා පහුගිය කාලේ සමහර විට ඔයා මේ ගැන දන්නවත් ඇති. ගොළු බෙල්ලෝ කිව්වම ඉතින් ස්ත්‍රී පාර්ශවයට තමයි වැඩිම පිළිකුලක් එන්නේ, හැබැයි මේ ට්‍රීට්මන්ට් එක වැඩියෙන් කරගන්න උනන්දුත් එයාලම තමයි. ඉතින් තේරෙනවනේ නේද ලස්සන වෙන්න තියෙන උමනාව. 

මේ ක්‍රියාවලියේදී වෙන්නේ ඔයාව හාන්සි කරවල ගොලුබෙල්ලෝ සෙට් එකක් මුණ උඩ ප්ලේස් කරනවා උන්ට පොඩි ජොගින් පාරක් දාල වොර්ම් අප් වෙන්න. අපිට කොහොම මේක බලපෑවත් ගොළු බෙල්ලන්ට හොදයි සෑහෙන වෙලාවක් ඇවිදින්න හම්බෙනවනෙ. හැබැයි මෙයාල යනකොට ශ්‍රාවය වෙන සෙවල වලින් වයසට ගිය ලක්ෂණ හංගන්න පුළුවන් කියල තමයි විශ්වාස කරන්නේ. ස්ට්‍රෙච් මාක්ස්, කුරුලෑ, ලප කැළැල් ඔක්කොටොම හොදයි කියල තමයි කියන්නේ (නෑ නෑ ගොලුබෙල්ලෝ නෙමේ කියන්නේ මේ ට්‍රීට්මන්ට් එක ප්‍රමෝට් කරන අය) හැබැයි විද්‍යාවෙන් නම් මේ මොනවත් ඔප්පු කරලා නෑ.

ගොලුබෙල්ලෝ දුවන එක අප්පිරිය අය වෙනුවෙන් ගොලුබෙලි ශ්‍රාවය අන්තර්ගත නිෂ්පාදන වෙලදපොලේ තියෙනවා.. කැමති අය ඔය මල් ගස් අස්සේ එහෙම ඉන්න ගොලුබෙල්ලෙක් දෙකෙක් අල්ලන් මුණ උඩ තියන් ඉදල බලන්න... වයස යන එකට හොදද කියල බලන්න ගෙවල් වල ඉන්න ආච්චි අම්මලාගේ මූණු උඩ එහෙම ගොලුබෙල්ලෝ තියනවා එහෙම නෙමේ..

ගව ශුක්‍රානු 


අප්පිරියයි කියල නිකං ඉන්නද... ලස්සන වෙන එක ඊට වඩා ලොකුයිනේ. ඔයත් එහෙම හිත්නවනම් අත්හදා බලන්න. මේවා මාස්ක් වලටයි කොන්ඩ වලට කරන සත්කාර වලටයි යොදාගන්නවා. 

ගව ශුක්‍රානු වල අධික ප්‍රෝටීන් සංයුතියක් තියන නිසා කොණ්ඩෙට හොදයි කියල තමයි මේ ට්‍රීට්මන්ට් කරන අය කියන්නේ.  දැන් ඉතින් ගොවිපලවල් ලග බෝඩ් එහෙම දායි සුමුදු දිගු රන්වන් කෙස් කලබකට වෘෂභ තෛලය කියල එහෙම.... 

ස.යු. මේවා කරන්න කියල නම් අපි අනුමත කරන්නේ නෑ, මෙහෙම දේවල් ලෝකේ තියෙනවා කියල පොඩි දැනුවත් කිරීමක් විතරයි මේ. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. 

5 comments:

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)