විස්තර

මේ බ්ලොග් එකට සම්බන්ධ මිතුරු හවුලේ පේජ් තියෙන්නේ වම් පැත්තේ ඒවාට ලයික් එකක් දාන්න සප් එකක් විදිහට. ඒ වගේම යූටියුබ් චැනල් දෙකක් තියෙනවා,
H2 සහ නොදුටු ඇස. ඒවාගේ අප්ලෝඩ් කරන වීඩියෝ බ්ලොග් එක පහලින් තියෙනවා ඒවත් සබ්ස්ක්රයිබ් කරන්න. අධ්‍යාපනික වගේම මියුසික් සම්බන්ද වීඩියෝ තමයි ඒවගේ යන්නේ. ඔන්න මේ බ්ලොග් එක හොදයි වගේ දැනෙනවා නම් දකුණු පැත්තේ තීරුවේ follow බට්න් එක ඔබන්න. කියවන්න වෙන් කරපු කාලයට වගේම බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතියි.

05 April, 2017

කුංග් ෆු වල තියෙන රියල් පුහුණුවීම්


කුංග් ෆු කිව්වම ඉතින් අපිට මතක් වෙන්නේ සුපිරිම ෆිල්ම් ටිකක්. ඒවගේ තියෙන අහසේ පාවෙන ගමන් ගහගන්න ඒවා එහෙම. ඊට අමතරව කීප දෙනෙක්ට කුංග් ෆු ආරම්භ උන shaolin පන්සල මතක් වෙයි. ඇත්තටම ෆිල්ම් වල කුංග් ෆු මාකට් කරලා පෙන්නුවට shaolin පන්සලේ කුංග් ෆු ඔය ෆිල්ම් වල වගේ තරහ ගිහින් කාගෙන් හරි පලිගන්න හිතිලා, එහෙම නැත්තන් සසර කලකිරිලා වාගේ හේතු වලින්  පුරුදු වෙන්න බෑ. ජීවිතේම ඒ වෙනුවෙන් කැප කරන්න ඕන(හොදම සටන් ශිල්පියෙක් වෙන්න).

කුංග් ෆු වල අතීතය අවුරුදු 1500ක ට වැඩියි. ඒ වගේම මේ සටන් ශිල්පය ඇතුලේ තියෙන පුහුණුවීම් ගැන බලද්දී ඒවා කොච්චර වේදනාත්මකද කියල හිතෙන එක සාමාන්‍යයි. ආත්මය , මනස, ශරීරය කියන සියල්ල හොද පාලනයකට ගේන්න පුළුවන් සටන් ශිල්පයක් තමයි කන් ෆු ඒකයි මුලිනම් කිව්වේ ෆිල්ම් වල වගේ මෙව්වා කරන්න බෑ. 1929 දි shaolin ආරාමේ ඇති උන ගින්නකින් සියලුම ලේඛන විනාශ උනා. ඊට පස්සේ Jin Jing Zhong කියන භික්ෂුන් වහන්සේ තමයි ජීවිත අත්දැකීම් ඔස්සේ ආයෙත් සටන් ශිල්පයට පන දෙන්නේ. මේ ගැන විස්තරේ මෙතනින් නවත්තල මොනවද තියෙන පුහුණුවීම් කියල බලමු.

ඇණ ගැලවීම 

අයියෝ අපිටත් පුළුවන් කියල හිතුනද...ඔව් අපිටත් පුළුවන් අඬුවක් තියෙනවනම්. ඒත් මේ කියන්නේ අතින් ඇණ ගලවන එක ගැන. මුලින්ම ලෑල්ලකට ගහපු ඇණ ගලවන්න තියන්නේ ඇගිලි තුනකින්. මාස ගණන් මේ පුහුණු වීම කරන්න ඕන ගලවන්න පුළුවන් වෙනකන්, (දැන්ම එපා උනාද ). මෙහෙම කරද්දී ඇත තුවාල වෙන එක එහෙම ඉතින් ඉතාම සාමාන්‍යයි. මුලින්ම මේක කරන්න යොදාගන්නේ මහපට, දබරගිල්ල, මැදගිල්ල. ඒවා හුරු උනාට පස්සේ මහපට ඇගිල්ල, වෙදගිල්ල, සුලැගිල්ල යොදාගෙන ගලවන්න වෙනවා....මෙතනින් ඉවරද??? අනේ නෑ...තව තියෙනවා...ඇත දෙකේම ඇගිලි ලෑල්ලේ තියෙන ඇනේ ගලවන්න හුරු උනාට පස්සේ ලෑල්ල තෙමල ඇණ ගහන්න ගන්නවා....එතකොට ඇණ මලකඩ කනවා... මළ කාපු ඇණ ගලවන එක තමයි ඊලග ලෙවෙල් එක. මේක ඊට පස්සේ ඇගිලි දෙකෙන් තනි ඇගිල්ලෙන් කියන ලෙවල් දෙකට යනවා.... ඔයාලට හිතෙනවා ඇති මේ මොන පිස්සුවක්ද කියල, මාස ගණන් ඇණ ගලවපුවම කුංග් ෆු කවද්ද ඉගෙන ගන්නේ කියල...ඇත්තටම මේ වැඩෙන් ඉතාම අපහසු ටෙක්නික් වලට ඇගිලි ශක්තිමත් වෙනවා..  


පයින් ගැසීම


කියන තරම් ලේසි නෑ...මොකද පයින් ගහන්නේ කොට්ට මෙට්ට වලට නෙමේ..අමුවෙන්ම ඒ කිවේ පාවහන් නැතුව  ෆුට් බෝල් තරම් ලොකු ගල් වලට පයින් ගහන්න ගන්න එක තමයි මේකේ මුලිකම ස්ටෙප් එක. මේකේ ප්‍රදානම ටාගට් එක තමයි කකුලේ ශක්තිය වැඩි කරන එක, සහ දරාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරන එක. මේක කරන්න වෙනවා කොට්ටයකට පයින් ගහන එක තරම්ම සැහැල්ලුවෙන් පර්වතයකට පයින් ගහන්න පුළුවන් වෙනකල්ම. මේ මාර්ගෙන් ලැබෙන ශක්තියෙන් එක කික් එකකින් ශරීරයේ පහලට එල්ල කරොත් අස්ථි බිදීම් හෝ සමබරතාවය ගිලිහීම සිද්ද වෙනවා. ඊට අමතරව ඔලුවට වැදුනොත් මරණං නියතං කියල තමයි කියන්නේ. 

සැහැල්ලු සිරුර


ෆිල්ම් වල නම් අපි ඇති වෙනකන් දැකල තියෙනවනේ සීනි කිලෝ එකක්වත් එල්ලලා තියන්න බැරි ගස් වල අතු උඩ කිලෝ හැට හැත්තෑවක් බර අය පාවී පාවී ඉන්නවා. ඇත්තටම එච්චර සරල විදිහට පා නොවුනත් යම් දුරකට ශරීරයේ බර ශරීරයට නොදැනෙන විදිහට ට්‍රේන් කරවනවා මෙතැනදී. හැබැයි පුතෝ තමිල්නාඩු ෆිල්ම් බලල අන්න කුංග් ෆු කියන්න එපා ඔන්න.

මෙතැනදී ශරීරයේ බර අඩු කිරීමක් නම් කොහෙත්ම වෙන්නේ නෑ. වෙන්නේ තමන් කලින් යෙදුවට වඩා ඉතාම කුඩා ශක්තියක් යොදල උඩ පනින්න, දුවන්න දේවල් කරන්න පුළුවන් හැකියාවක් ලබා ගන්න එක. ඒ කියන්නේ දකින කෙනෙක්ට මේ දේ පා වෙනවා වගේ පේනවා. ඒ වගේම අඩු බලයක් යොදල උඩට පනින්න පුළුවන් නිසා ජලය වගේ සුමට පෘෂ්ට උඩ ඇවිදිනවා වගේ පේන විදිහට පනින්න පුළුවන් වෙනවා.

මේක ප්‍රැක්ටිස් කරන්නේ ලොකු මැටි භාජනයක වතුර පුරවල ඒකෙ කට වටේ පුහුණු වෙන කෙනා ලොකු බරකුත් පිටේ එල්ලගෙන ඇවිදින්න ඕන. වතුර නිසා භාජනය පෙරලෙන්නේ නෑ. දවසට පැය ගානක් මේ දේම දිනපතා කරන්න ඕන. මෙහෙම කරන අතරදී හැම මාසෙම 21 වෙනිදා මේ වතුර භාජනෙන් වතුර ටිකක් අඩු කරනවා. අඩු කරලා පිටේ එල්ලන් ඉන්න බරට තව ටිකක් බර එකතු කරනවා. අන්න එහෙම කරද්දී වතුර භාජනය පෙරලෙන්න හෝ එක ඇතුලට වැටෙන සම්භාවිතාව වැඩි වෙනවා. මේ විදිහට භාජනයේ වතුර හිස් වෙලා පිටේ බරකුත් තියාගෙන භාජනේ පෙර්ලෙන්නේවත් ඇතුලට වටෙන්නේවත් නැතුව ඇවිදින්න පුළුවන් වෙනකන් මේක පුහුණු වෙනවා.

 එතනින් නවතින්නේ නෑ. මේක මැටි භාජනය වෙනුවට වේවැල් කුඩෙකුයි වතුර වෙනුවට යකඩ පාවිච්චි කරලා ලෙවල් අප් වෙනවා. එකත් පාස් උනාම ඔන්න අර පාවෙන සීන් එක රියලිටියක් වෙනවා. මේ මුල් පියවර දෙක විතරයි. තණකොළ මත ඒවා නොතලා ඇවිදින්න තරම් මේ ටෙක්නික් එක පුහුණු වෙන්න තිබුන වගක් සදහන් වෙලා තියෙනවා. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ආව වාචික දැනුම 
මේ වීඩියෝ එක බලන්නකෝ 


 යකඩ ඔලුව



හෙල්මට් ගැන නෙමේ මේ කියන්නේ.... මේ කියන්නේ ඔලුවේ ශක්තිය වැඩි කරන හැටි. ඔයාල දන්නවනේ ගොඩක් සටන් තරග වල එහෙම ඔලුවට එල්ල කරන පහරවල් සීමා කරලා තියෙන්නේ. ඒ ඉතින් එකේ තියන භයානක කම නිසාම තමයි. හැබැයි කුංග් ෆු වල නම් සටන් මේ සම්බන්ධ ක්‍රියාකාරකම් නිතර නිතරම පහුණු වෙන තරමට සුලභයි. මේක හරියට සුපර්හියුමන් පවර් එකක් වගේ තමයි.

ඔයාල සමහර විට ඉන්ටනෙට් එකේ දැකල ඇති සමහර අය ඔලුවෙන් පොල් බිදිනවා, කොන්ක්‍රීට් බීම් කඩනවා එහෙම. මේ ටෙක්නික් එක පුහුණු උන යට එක සුළු දෙයක්. සම්පුර්ණ හිස්කබලම ශක්තිමත් වෙන විදහට අවුරදු ගණනාවක් පුහුණු වෙනවා හිසට එක එක දේවල් වලින් පහර දෙමින්. ඒ වගේම මේක ඉතාම අවදානම් සහගත පුහුණු වීමක්.

මුලින්ම සිල්ක් වල ඔලුව ඔතල හිමීට බිත්තියක වද්දන එකෙන් තමයි මේක පටන් ගන්නේ. මෙහෙම අවුරුද්දක් ගියාට පස්සේ සිල්ක් ලේයර් කීපයක් අඩු කරලා දවස් සීයක් විතර ට්‍රේන් වෙනවා. ඊට පස්සේ සම්පුර්නෙන්ම ඔතපු රෙදි අයින් කරනවා. මේ ක්‍රියාවලිය විවිධ ශක්තිමත් දේවල් හිසෙන් බිදින තරමට ඇඩ්වාන්ස් වෙනවා. සමහ විට ඔලුවෙන් හිටගෙන නිදාගන්න තරමට තරම්...මේක කියවල තේරුණා මදි නම් මේ වීඩියෝ එක බලන්නකෝ යකඩ ඔලුව
හෙල්මට් ගැන නෙමේ මේ කියන්නේ.... මේ කියන්නේ ඔලුවේ ශක්තිය වැඩි කරන හැටි. ඔයාල දන්නවනේ ගොඩක් සටන් තරග වල එහෙම ඔලුවට එල්ල කරන පහරවල් සීමා කරලා තියෙන්නේ. ඒ ඉතින් එකේ තියන භයානක කම නිසාම තමයි. හැබැයි කුංග් ෆු වල නම් සටන් මේ සම්බන්ධ ක්‍රියාකාරකම් නිතර නිතරම පහුණු වෙන තරමට සුලභයි. මේක හරියට සුපර්හියුමන් පවර් එකක් වගේ තමයි.

ඔයාල සමහර විට ඉන්ටනෙට් එකේ දැකල ඇති සමහර අය ඔලුවෙන් පොල් බිදිනවා, කොන්ක්‍රීට් බීම් කඩනවා එහෙම. මේ ටෙක්නික් එක පුහුණු උන යට එක සුළු දෙයක්. සම්පුර්ණ හිස්කබලම ශක්තිමත් වෙන විදහට අවුරදු ගණනාවක් පුහුණු වෙනවා හිසට එක එක දේවල් වලින් පහර දෙමින්. ඒ වගේම මේක ඉතාම අවදානම් සහගත පුහුණු වීමක්.

මුලින්ම සිල්ක් වල ඔලුව ඔතල හිමීට බිත්තියක වද්දන එකෙන් තමයි මේක පටන් ගන්නේ. මෙහෙම අවුරුද්දක් ගියාට පස්සේ සිල්ක් ලේයර් කීපයක් අඩු කරලා දවස් සීයක් විතර ට්‍රේන් වෙනවා. ඊට පස්සේ සම්පුර්නෙන්ම ඔතපු රෙදි අයින් කරනවා. මේ ක්‍රියාවලිය විවිධ ශක්තිමත් දේවල් හිසෙන් බිදින තරමට ඇඩ්වාන්ස් වෙනවා. සමහ විට ඔලුවෙන් හිටගෙන නිදාගන්න තරමට තරම්...

ගස් ගැලවීම 


මේ කියන්නේ සුරපප්පයි ජිම් පප්පයි දෙන්න කරපු වීරක්රියාවක් එහෙම නෙමේ. shaolin පන්සලේ කුංග් ෆු හදාරන සිසුවෙක්ට කරන්න වෙන දේවල්. ශක්තිය වඩවන්න, ඕන තරම් ප්‍රතිවාදියෙක් එක්ක සටන් කරන්න හුරු කරන එක තමයි මේකෙන් වෙන්නේ. මේක කරන්න වැඩුණු ගසක් ඕන. 

හැමදාම ඉතින් ගහ බදාගෙන ගලවන්න ට්‍රයි කරන්න තමයි තියෙන්නේ.තමන්ගේ ශරීරයේ මුළු ශක්තියම වැය වෙනකන් මේක කරන්න ඕනලු. අවුරුද්දක් ගියාම යන්තම් කොළ ටිකක් හෙල්ලෙන තරමට දියුණු වෙනවා කියල තමයි කියන්නේ, මෙහෙම ජීවිත කාලෙම හරි ගහ මුලින් ඉදිරෙනකන් මේ වැඩේ කරන්න ඕන. එහෙම කරාම තමයි මේ ටෙක්නික් එක කම්ප්ලීට් වෙන්නේ.

මෙතනට ගිහින් බලන්න මේ ගැන තියෙන පොතක් Authentic Shaolin Heritage: Training Methods of 72 Arts of Shaolin

මොකද කියන්නේ කුංග් ෆු ඉගෙන ගමුද????  එහෙනං අදට නවතිනවා. තව ආටිකල් එකකින් හමු වෙමු. 

තවම බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද?? දකුණු පැත්තේ ෆලෝ බට්න් එක ක්ලික් කරල ෆලොවර් කෙනෙක් වෙන්න. අපේ යුටියුබ් චැනල් පහල තියෙනවා. ඒවා බලන්න අමතක කරන්නත් එපා. වමේ තියෙන පේජ් වලට ලයික් එකකුත් දානවා නම් ඉතින් අපිට ලොකු හයියක්.

4 comments:

  1. ආපෝ මේ වසසෙදි කරන්න ගියොත් මැරිල යාවි

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරොත් ලාවට ගහක් දෙකක් ගලවගන්න පුළුවන් වෙයි :D

      Delete
  2. Kungfu Panda ���� )<

    ReplyDelete

අපේ යුටියුබ් චැනල් : H2 (music, and viral) සහ නොදුටු ඇස(educational)